කොරෝනා මර්දනයට ඉන්දීය හමුදාව ශ‍්‍රී ලංකාවට..- The Hindu

April 22, 2020 at 12:00 pm | lanka C news
කොරෝනා මර්දනයට ඉන්දීය හමුදාව ශ‍්‍රී ලංකාවට..- The Hindu

කොරෝනා ව්‍යාප්තිය මර්දනය කිරීම සඳහා ඉන්දීය හමුදාව ශ්‍රී ලංකාවට එවීමට සූදානමක් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

‘ද හින්දු’ පුවත් වාර්තාවක දැක්වෙන්නේ මේ වන විටත් කලාපීය රටවල් කිහිපයකටම කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා ඉන්දීය හමුදා වෛද්‍ය සේවා කණ්ඩායම් යොමු කර ඇති බවයි.

කලාපයේ කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා නායකත්වය දීමට ඉන්දියාව සූදානම් බවට ඉන්දීය අගමැතිවරයා විසින් පසුගියදා සඳහන් කර තිබිණි.

ඒ අනුව ඉදිරියේ දී ශ්‍රී ලංකාව සහ බංගලාදේශයට හමුදා වෛද්‍ය සේවා ඛණ්ඩ පිටත් කර එවීමට සූදානමින් සිටින බව වාර්තාවේ සඳහන් වෙයි.

කෙසේ වෙතත් කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසරිස් කාර්යාලය විසින් එම වාර්තා ප‍්‍රතික්‍ෂෙප කරමින් දැනුම්දී ඇත්තේ වෛද්‍ය කණ්ඩායමක් හෝ හමුදා කණ්ඩායමක් මෙරටට එවිමේ සූදානමක් නැති බවයි.

මූලාශ‍්‍රය මෙතනින්

462 views

79 Comments to “කොරෝනා මර්දනයට ඉන්දීය හමුදාව ශ‍්‍රී ලංකාවට..- The Hindu”

  1. Walimuni Abeysekers says:

    WRONG.. SL Army to India to Curb Corona.

Main News