කොරෝනා මර්දනයට කිසිදු දීමනාවක් අපට එපා.. දීමනා දෙන චක‍්‍රලේඛය අහෝසි කරන්න..- PHI සංගමය රජයට කියයි..

April 5, 2020 at 3:50 pm | lanka C news
කොරෝනා මර්දනයට කිසිදු දීමනාවක් අපට එපා.. දීමනා දෙන චක‍්‍රලේඛය අහෝසි කරන්න..- PHI සංගමය රජයට කියයි..

කොරෝනා වෛරස් ව්‍යාපෘති හේතුවෙන් ඇතිවී තිබෙන දුෂ්කර තත්වය හේතුවෙන් ජනතා මුදලින් කිසිදු දීමනාවක් තමනට අවශ්‍ය නැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එනිසා දීමනා ලබාදීමට යෝජනා කරමින් නිකුත් කර ඇති චක්‍රලේඛය වහා අවලංගු කරන ලෙස ඉල්ලා සිටි බව සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය.

එම ඉල්ලීම දැනටමත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය වෙත දැනුම් දුන් බවද ඔහු පැවසීය.

කෙසේ නමුත් කඩිනමින් අවශ්‍ය නීති සකස්කර මහජන සෞඛ්‍ය පරීක්‍ෂක නිලධාරීන් සඳහා ආරක්ෂක උපකරණ ලබා නොදෙන්නේ නම් තම සාමාජිකයන්ගේ ජීවිතවල වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් භාරගත යුතු බව ද සංගමය සඳහන් කරයි.

නීති ප්‍රතිපාදන සකස් කර දෙන්නැයි ඉල්ලා සිටියත් එය ඉටු නොකිරීම හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ජීවිත අවධානමකට මුහුණ ඇති බවද ඔහු තව දුරටත් පැවසීය.

304 views

25 Comments to “කොරෝනා මර්දනයට කිසිදු දීමනාවක් අපට එපා.. දීමනා දෙන චක‍්‍රලේඛය අහෝසි කරන්න..- PHI සංගමය රජයට කියයි..”

  1. JANAKA says:

    පලිමේන්තුව නැවත කෑදවුවොත් 225ම ලබාදෙන ආහාර ආධාර, බෙහෙත්, මුදල් සහ PPE ටික හොරකම් කරගන්නවා. අනෙක 225 න් 205 කටම විනයක් ඇත්තෙම නැහැ. තව කෝටි ගණනක අමතර වියදමක්. ඒ මදිවට උන්ගේ ආරක්ෂාවට ආරක්ෂක අංශ වල 10000ක් විතර යොදවන්න වෙනවා. ජනාධිපතිතුමා ඔය යන විදියට යන මේක ඉවරවෙනකම්. කොරෝනා ඉවරවෙනකම් නානලා ටික මෙල්ල කරගත්තොත් ඇති

  2. AJ says:

    රටේ තත්වය පිලිබදව හිතලා ඔබ ගත් මේ පියවර ඉතාමත් අගේ කොට සලකනවා. GMOA
    කාලකන්නින්ට මෙය ආදර්සයක් වේවා.

Main News