කොරෝනා මර්දනයට විදුලි ඉංජිනේරුවෝ අඛණ්ඩ විදුලියත් දී ICU ඇදන්ද දෙයි.. තවත් ආධාර දෙයි..

March 30, 2020 at 8:40 am | lanka C news
කොරෝනා මර්දනයට විදුලි ඉංජිනේරුවෝ අඛණ්ඩ විදුලියත් දී ICU ඇදන්ද දෙයි.. තවත් ආධාර දෙයි..

ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය විසින් COVID-19 වයිරසය පැතිරීම හේතුකොටගෙන රටේ උද්ගතවී ඇති තත්වය පිළිබද සළකා රු. ලක්ෂ 45 ක මුදලක් සෞඛ්‍ය ක්ෂේත්‍රයට ලබා දීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

එහි පළමු පියවර ලෙස පානදුර මහා රෝහලට ලක්ෂ 11ක් වටිනා සෞඛ්‍ය උපකරණ සහ ICU ඇදන් තුනක් ලබා දීමට ලංවිම ඉංජිනේරු සංගමයේ නිලධාරින් රෝහල් පරිශ්‍රයට පැමිණියහ. පානදුර මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය ඉන්ද්‍රාණි ගොඩකන්ද මහත්මිය වෙත මෙම උපකරණ කට්ටලය භාර දීම සිදු කරන ලදී. ඒ සදහා ලංවිම අතිරේක සාමාන්‍යාධිකාරිවරයෙකු වන ඉංජිනේරු රොහාන් සෙනවිරත්න මහතා සහ  ඉංජිනේරු සංගමයේ නිලධාරින්ද පානදුර මහරෝහලේ කාර්යමණ්ඩලයේ සේවක මහත්ම මහත්මීන් පිරිසක්ද සහභාගී විය.

ඒ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඒ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමේ සභාපතිවරයා වන ඉංජිනේරු අනුරුද්ධ තිලකරත්න මහතා ප්‍රකාශ කළේ මේ මොහොතේ රට මුහුණ පා ඇති අභියෝගය හමුවේ සංවේදී වූ සංගමයේ සාමාජික ඉංජිනේරු මහත්ම මහත්මීන් විසින් රජයේ වැඩපිළිවලට සහයක් ලබා දීමට ඉදිරිපත් වී ඇති බවයි.

ඒ අනුව අද දින කළුතර නාගොඩ රෝහලේ වාට්ටුවක කොරෝනා රෝගීන් සදහා වෙන් කරන (partition) කොටසකට රු. ලක්ෂ 7 ක මුදලක් ද ප්‍රදානය කල බව එතුමා සදහන් කළේය.

එසේම, ශ්‍රී ලංකා යුද හමුදා රෝහලට අවශ්‍ය කරන පුද්ගල ආරක්‍ෂිත ඇදුම් කට්ටල1000ක් මැසිම සදහාද ආධාර කිරීමක් සිදු කර ඇත.

තවද,  කොරෝනා පාලනයට අතිගරු ජනාධිපතිතුමන් විසින් පිහිට වූ  COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට රු. ලක්ෂ 25 ක මුදලක් ලබා දීමට තීරණය කර ඇති බවත් ඒ මුදල හැකි ඉක්මනින් ලබා දීමට කටයුතු කරන බවද පැවසිය.

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු වෘත්තිකයින් ලෙස ලංවිම ඉංජිනේරුවරුන් රටේ ජාතික විදුලිබල පද්ධතිය අඛණ්ඩව පවත්වාගැනීමට තාක්ෂණික සේවා ඇතුළු ක්ෂේත්‍ර සේවා සමග සුවිශේෂී කාර්යභාරයක් මේ මොහෙතේ සිදු කරගෙන යයි. එසේම, ඉංජිනේරු සංගමේ සාමාජික ඉංජිනේරු මහතුන් කිහිප දෙනෙකු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික ඉංජ්නේරු අංශය විසින් සිදු කරගෙන යනු ලබන ventilator මැෂින් අලුත්වැඩියා කිරීමකටද සම්බන්ධ වී වැඩ කටයුතු කරගෙනද යයි.

– cebe

6 views

10 Comments to “කොරෝනා මර්දනයට විදුලි ඉංජිනේරුවෝ අඛණ්ඩ විදුලියත් දී ICU ඇදන්ද දෙයි.. තවත් ආධාර දෙයි..”

  1. same says:

    good job

  2. යාන්ත්‍රික ඉංජිනේරු says:

    ICU Bed එකක් දීපු එකනම් ලොකු පිනක්.
    ඒ උනාට අඛණ්ඩව විදුලිය දෙන එක කොහොමත් කරන්න ඕන නේ. එකට නේ ඕකුන්ට පඩි බටා ඕවර් ටයිම් එහෙම ගෙවන්නේ. ඔන්න පඩි නැතුව කොරෝනා ඉවර වෙනකම් වැඩ කරනවා කිව්වනම් පින් දෙන්න තිබ්බා.

  3. sumith says:

    Why you are not allowing to produce solar panel in the country and distribute it to the people so that stop unnecessary fuel cost and losses to state coffer 100 billion ,. see the GMO they fighting for the people against politicians and corrupt officers.

    What are you doing I never see any action for the corruption

  4. Alanka says:

    Real sri lankan . Thank u all.

  5. sumith says:

    Remove all Engineers including ministry staff and appoint new young team with international experience Electrical Engineer’s who dose not like commission. then they can pay back 10 billion to state coffers, remove corrupts all people.

  6. Aurora says:

    මේ ජාතික අපදා අවස්ථාවේ සියළු දෙනාම එකමුතුව එකාවන්ව වැඩ කිරීමම ඉමහත් සතුටක්. නිවැරදින සෘජු නායකත්වයක් සම්ප්‍රදායික දේශපාලනයෙන් ඔබ්බට ගොස් එක් එක් අය සමඟ කරණ ඩීල් අනුව තීරණ නොගැනීමත්, මේ ආපදාව තමන් හම්බකරගන්න හෝ වාසි ලබාගන්න කරණ එකක් නොවන බව ජනතාව තේරුම් ගැනීමත් සියළු දෙනාම සහය ලබාදීමට හේතුව. නොකඩවා විදුලිය සැපයීම ඉතාමත් වටිනා ක්‍රියාවක්. ස්තුතියි.

  7. sena says:

    දේශය අවදිකලහැකි ලක්මවගෙ පිනට උපන් දරැවො
    ඔබතුමන්ලාට දළදාවහන්සේගෙත් තිස්තුන්කෝටියක් වැඩසිටින දේවිවරැන්ගෙත් අරාක්ෂාව ලැබෙවා නිදුක් නිරොගි සුවය ප්රර්ථනා කරමී

    225 නිරෝධානය වේලා වාගේ

  8. අපේ රට says:

    ලංවිම ඉංජිනේරුවරුන් රටේ ජාතික විදුලිබල පද්ධතිය අඛණ්ඩව පවත්වාගැනීමට තාක්ෂණික සේවා ඇතුළු ක්ෂේත්‍ර සේවා සමග සුවිශේෂී කාර්යභාරයක් මේ මොහෙතේ සිදු කරගෙන යයි. .මේ ජාතික අපදා අවස්ථාවේ සියළු දෙනාම එකමුතුව එකාවන්ව වැඩ කිරීමම ඉමහත් සතුටක්. නොකඩවා විදුලිය සැපයීම ඉතාමත් වටිනා ක්‍රියාවක්.

  9. sumith says:

    At this time this is a good work

Main News