කොරෝනා මර්දනයට සාර්තක එන්නතක් සොයාගනී…

May 19, 2020 at 2:10 pm | lanka C news
කොරෝනා මර්දනයට සාර්තක එන්නතක් සොයාගනී…

කොවිඩ් මර්දනය සදහා සාර්ථක එන්නතක් සොයාගත් බව අමෙරිකානු ආයතනයක් පවසයි.

මෙවන් පසුබිමක අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ, තමන් කොවිඩ් මර්දනය සදහා ප්‍රති මැලේරියා ඖෂධ ලබාගන්නා බවයි.

මේ අතර අදවනවිට ලොව පුරා කොවිඩ් ආසාදිතයින් 48 ලක්ෂයක් හමුව ඇති අතර සිදුව ඇති මරණ ගණන 318,303 ක්.

තමන් අත්හදාබලමින් සිටින කොවිඩ් මර්දන එන්නතකින් සාර්ථක ප්‍රතිඵල ලැබී ඇතැයි අමෙරිකානු ආයතනයක් අනාවරණය කර තිබෙනවා.

මොඩෙර්නා නම් මෙම ආයතනය පවසන්නේ, මිනිසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මේ මගින් පුහුණුකරවන බවත්, ඉන් කොරෝනා වෛරස කාණ්ඩයට එරෙහි සාර්ථක ප්‍රතිඵල ලබාදෙන බවයි.

එන්නත අත්හදාබැලීම සදහා යොදාගත් පළමු පුද්ගලයින් අටදෙනාගේ සිරුරේ ක්‍රියාත්මක වෙමින් පැවැති ප්‍රතිදේහ, අදාළ එන්නත ලබාදීමෙන් අනතුරුව උදාසීන වන බවද එම ආයතනය සදහන් කළේය.

නව එන්නත මහා පරිමාණයෙන් අත්හදාබැලීමට නියමිතව පවතින්නේ ලබන ජූලි මාසයේ සිටයි.

ලොව වටා ප්‍රධාන ආයතන සහ පර්යේෂකයන් කණ්ඩායම් 80ක් පමණ කොවිඩ් මර්දන එන්නතක් සොයාගැනීමේ මෙහෙයුම්වල නිරතවී සිටින පසුබිමක අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ, තමන් කොවිඩ් වෛරසයෙන් වැළකීමට ක්ලෝරොක්වීනීන් ඖෂධය ලබාගන්නා බවයි.

අදාළ ඖෂධය සාමාන්‍යයෙන් භාවිතකරන්නේ, මැලේරියා රෝගය මැඬලීම සදහායි.

තමන් සතියක පමණ කාලයක් තිස්සේ අදාළ ඖෂධය ලබාගන්නා බවත්, එය සාර්ථක ඖෂධයක් බවත්, ජනාධිපතිවරයා පවසනවා.

ක්ලෝරොක්වීනින් ඖෂධය කොවිඩ් මර්දනය සදහා යොදාගත හැකි බවට ජනාධිපති ට්‍රම්ප් මීට පෙරද අවස්ථා කිහිපයකදී සඳහන් කළේය.

කෙසේ නමුත් බොහෝ වෛද්‍ය විශේෂඥයින් පවසා ඇත්තේ ඉන් අපේක්ෂිත සාධනීය ප්‍රතිඵලයක් නොලැබෙන බවයි.

මේ වනවිට අමෙරිකාවෙන් කොවිඩ් ආසාදිතයින් පහළොස් ලක්ෂයකට වැඩි පිරිසක් හමුව ඇති අතර, වාර්තාවන මරණ ගණන 90, 000 ඉක්මවයි.

– adaderana

74,978 Viewers

8 Comments to “කොරෝනා මර්දනයට සාර්තක එන්නතක් සොයාගනී…”

  1. ඊරි යකා says:

    ට්‍රම්ප් කාරයත් සජිත් ගොයියගේ “පකනිල්” බෙහෙත අරගන්නවලු, ඒකත් කොපි චැට් එකක්, වගෙ , ප්‍රශ්නය සජියා කොපිකලාද ට්‍රමප් කාරයා කොපි කලාද කියන එකයි, කොහෝමටත් පුතානෝ ආර්තික, සනීපාරක්ශිත, මෝඩ ඔස්තාර්, පියානෝ බාස්ලාගෙන් ඉගෙනගත් මකබාස් ඉන්ජිනේරු ඔස්තාර්නේ ,අනේ වාසනාවන්!!

    • ගරසරප says:

      ඒ බෙහෙත් ගැනීමෙන් මොලේ බර වෙනවලු.

      • ඊරි යකා says:

        හලෝ ලෙඩා මැරුනත් බඩ සුද්දවෙලානෙ, ඔන්න ඔහෙ කමක් නැහැ,
        පකනිල් දොස්තරගේ කොලර්ස් අප් ලු

    • mahasona says:

      boruwata moda katha nokia IDH eke Dr, Wijewickrama gen ahanna denne hydroxy ක්ලෝරොක්වීනීන් neweida kiyala. Sajiya kiyapuwa eka eka eththai kiyla denwath therum gaththoth ඊරි යකාta madagahana welawawath ithuru wei

      • Dilshan says:

        Sajiya kiwwe oya cloroquinin ekata Wada pakanil hondayi gunathmaka bawayen wadiyi cloro winin ganna epa pakanil ganna kiyalane oyi😂

      • ඊරි යකා says:

        මහාසෝනා සහෝදරයා, අපි එක එක යක්ශ පැලැන්තියේ. මගේ කියමන මඩ ගැසිමක් නොවෙයි මහාසෝනෝ, ඒකනෙ මම සඳහන් කලේ සජියගේ කොලර්ස් අප් කියලා, මෝඩ තකතිරු මගෙ සජීයගේ බෙල්ල පුපුරන කට විතරයි මොලේ නැහැ, ඒකනේ බෙහෙතට “පකනිල්” කියා කිව්වේ, පැකට් එකේ තියෙන වෙලෙඳ නාමය, ඒකෙන් වැටහෙන්නෙ දන්න මගුලකුත් නැහැ නොදන්න මගුලකුත් නැහැ කියල .අන්තිමේදි අපේ සජියගෙ “නැකත් පත.”

  2. කංජිපානි says:

    සතියක් නෙවෙයි සති දෙකක් ගත්තත් ඌරන්ට සාර්ථක වෙන ඖෂධ මිනිසුන්ට සාර්ථක නොවෙන්න පුලුවන්.