කොරෝනා මර්දනයේදී චීනය හැර මුළු ලෝකයම අපට යටින්.. දෙවැනි රැල්ලද සාර්ථකව පාලනය කර අවසන්..- SB

November 18, 2020 at 6:25 am | lanka C news

කොරෝනා ව්‍යාප්තිය මර්ධනයේදි ශ‍්‍රී ලංකාවට ඉහලින් ලකුණක් හෝ ලබාගත හැකිවූයේ චීනයට පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පවසයි.

ශ්‍රී ලංකාව මේ වන විට දෙවන රැල්ල ද සම්පූර්ණයෙන්ම පාලනය කර අවසන් යයිද ඔහු කියා සිටියේය.

ලොව අනෙක් සියලූ රටවලට වඩා පළමු රැල්ල පාලනයේදී ශ්‍රී ලංකාවට පහලින් සිටි බවද පවසන ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දූරදර්ශී දැක්ම හරහා තත්ත්වය ළඟා කරගත් බව ද කියා සිටියේය.

මුළු ලොවම කොරෝනා පාළනයයේදී ශ්‍රී ලංකාව ජයග්‍රාහී ලෙස මුදුනේම සිටි බවද ඔහු සඳහන් කරයි.

කොරෝනා දෙවැනි රැල්ල ඊට වඩා බරපතළ ලෙස ව්‍යාප්ත වුවද අද වෙද්දි එයද සම්පූර්ණයෙන්ම පාලනය කරගෙන තිබෙන බව කිවහැකි යයිද මන්ත්‍රීවරයා පැවසීය.

හගුරන්කෙතදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

20,116 views

20 Comments to “කොරෝනා මර්දනයේදී චීනය හැර මුළු ලෝකයම අපට යටින්.. දෙවැනි රැල්ලද සාර්ථකව පාලනය කර අවසන්..- SB”

  1. Junda says:

    Mutti nandasenaya genada uba kiyanna.

  2. බූරු පුතානෝ සජීයා says:

    මඩ වලේ ඉන්න සූකර බංඩාට ඕස්ට්‍රේලියාව නවසීලන්තය තායිලන්තය කියුබාව වියට්නාමය මියන්මාරය ලාඕසය හොංකොං කාම්බෝජය වියට්නාමය සහ තවත් රටවල් 100 ක් විතර කොරෝනා පාලනය අපිට වඩා හොඳට කරල තියෙනව කියල දිනපතා අළුත් කරන ලෝක කොරෝනා ව්‍යාප්ති ලැයිස්තුව බැලුවම පෙනෙන්නෙ නැහැ.

  3. Fernando says:

    එයා ඔහොමද කියන්න කිව්වේ

  4. King Bull says:

    ප්‍රශස්ති ගායනයේ ප්‍රවීනයෙක්

  5. පුට්ටුවේ සාඩින් බයියා says:

    මු කියන හැමදේම ඇත්ත නෙමෙයි මු කිනන දේ දාන එකත් වැරදියි ඇත්තටම SB කියන්නේ පිස්සෙක් නෙමෙයි පිස්සන් කොටුවක් අපරාදේ වෙන දෙයක් දැම්මා නම් මිනිසුන්ගේ වටිනා කාලය ඉතිරියි.

  6. Alapaluwa says:

    හගුරන්කෙතදී මාධ්‍ය අමතමින් ඔහු පිස්සෙක් වගේ පිස්සෙක් වගේ මෙම අදහස් පල කලේය

  7. උක්කුං මල්ලී says:

    හුක්කි හුක්කි හූහූ…

  8. Dp says:

    S.B. ඉන්නෙ ලංකාවෙද..??

  9. Amal says:

    මුන් ලෝකය කියලා හිතන් ඉන්නේ ත්‍රයිලෝක වෙන්න ඕනා. තායිලන්තය, වියට්නාමය වගේ විශාල රටවල මෙය ඉතා හොඳින් පාලනය කර තියනවා. තව 5000ක් වත් ආශාධනය නොවූ රටවල් බර ගානක් තියනවා. අපි හරියට ටෙස්ට් නොකර 18000ක් තියන දිනපතා මිනිස්සු මැරෙන රටේ ප්‍රධාන නගරය අධි අවදානම් තියන රටක්. තවමත් ලජ්ජා නැතිව කියනවා අපි ලොව අංක දෙක ලු කොවිද් පානයෙන්

  10. බන්ඩා says:

    එක්කො SB ය මෝඩයෙක් නැත්නම් මුගෙ බය්ල අහන අපි මෝඩයෝ.

    • ගන්ජ බන්ඩා says:

      අද ලංකාවෙ චන්ද ක්‍රමය අනුව බහුතර ජනතාවට අවංක මංත්‍රී කෙනෙක් තෝරගන්න තරම් හැකියාවක් නැහ.

Main News