කොරෝනා මර්දනයේදී චීනය හැර මුළු ලෝකයම අපට යටින්.. දෙවැනි රැල්ලද සාර්ථකව පාලනය කර අවසන්..- SB

November 18, 2020 at 6:25 am | lanka C news

කොරෝනා ව්‍යාප්තිය මර්ධනයේදි ශ‍්‍රී ලංකාවට ඉහලින් ලකුණක් හෝ ලබාගත හැකිවූයේ චීනයට පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පවසයි.

ශ්‍රී ලංකාව මේ වන විට දෙවන රැල්ල ද සම්පූර්ණයෙන්ම පාලනය කර අවසන් යයිද ඔහු කියා සිටියේය.

ලොව අනෙක් සියලූ රටවලට වඩා පළමු රැල්ල පාලනයේදී ශ්‍රී ලංකාවට පහලින් සිටි බවද පවසන ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දූරදර්ශී දැක්ම හරහා තත්ත්වය ළඟා කරගත් බව ද කියා සිටියේය.

මුළු ලොවම කොරෝනා පාළනයයේදී ශ්‍රී ලංකාව ජයග්‍රාහී ලෙස මුදුනේම සිටි බවද ඔහු සඳහන් කරයි.

කොරෝනා දෙවැනි රැල්ල ඊට වඩා බරපතළ ලෙස ව්‍යාප්ත වුවද අද වෙද්දි එයද සම්පූර්ණයෙන්ම පාලනය කරගෙන තිබෙන බව කිවහැකි යයිද මන්ත්‍රීවරයා පැවසීය.

හගුරන්කෙතදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

20,116 views

20 Comments to “කොරෝනා මර්දනයේදී චීනය හැර මුළු ලෝකයම අපට යටින්.. දෙවැනි රැල්ලද සාර්ථකව පාලනය කර අවසන්..- SB”

  1. Sunil says:

    ඔයාගේ කට අරින්න එපා. කොරෝනවලට වැඩිය බයානකයි ඔයාගේ කට

  2. Godaya says:

    ඇමති උමතුව .

  3. takaran says:

    fellow wants some recognition. poor guy,

  4. Leyon Ma says:

    ඇමති කට්ටකට කෙළ හලන තරමක්..!

  5. අජිත් says:

    මූ කුඩූ ගහලද හැමදාම 400ට වැඩියෙන් ලෙඩ්ඩු හම්බූ වෙනවා 5 විතර මැරෙනවා. මූගෙ හැටියට නම් පාලනය කරලා. පිස්සෙක් වගේ පිස්සෙක්.

  6. Sirimal says:

    Mechara kal koheda hitiye බෝක්කු කටා

  7. අපේ රට says:

    බඩගෝස්තවාදයට ඔනැම ජරාවකට කඩේයන ගොබ්බයෙක්

  8. sena says:

    කොරොනා පලමුරැල්ල බොක්කෙන්ම පාලනය කරේ ජනාධිපතිතුමායි හමුදාපතිතුමායි සොඛ්ය සේවා අධ්යෂකතුමායි D I G අජිත් රොහණ මැතිතුමායි ඇතුලු කාර්යමණ්ඩලයයි පමණයි සිටියේ
    දෙවෙනි රැල්ල මෙතරම් වියාප්ත වුනේ ලකුණු දාගන්න ආ කට්ටිය වැඩිවු නිසා

  9. Saradiel says:

    රතන පිරිතේ බලය සාදු සාදු සාදු

Main News