කොරෝනා මර්ධනයට වෙනම ඇමති කෙනෙක් පත් කරයි..

December 1, 2020 at 2:29 am | lanka C news
කොරෝනා මර්ධනයට වෙනම ඇමති කෙනෙක් පත් කරයි..

පාර්ලිමේන්තු මන්ත්‍රීනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයට පත් කරනු ලැබ සිටී.

නව රාජ්‍ය අමාත්‍යවරිය (30) සවස ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවේ සිය ධූරයේ දිවුරුම් දුන්නාය.

ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු නව රාජ්‍ය අමාත්‍ය පදවියකි.

ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඉහළම ප්‍රමිතියට ප්‍රවර්ධනය කොට පවත්වාගෙන යාම “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රධාන අරමුණකි. ජනතාව සඳහා, විශේෂයෙන් ග්‍රාමීය ජනතාව සඳහා ඉහළ සෞඛ්‍ය මට්ටමක් සහතික කිරීමට ප්‍රථමික සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීම සහ පුළුල් කිරීම අත්‍යාවශ්‍ය සාධකයක් බව ජනාධිපතිතුමා පිළිගෙන තිබේ.

කොවිඩ් 19 රෝග ව්‍යාප්තියත් සමග සියලු වසංගත රෝග ඇතිවීමේ ඉඩ කඩ කල්තබා හඳුනාගෙන ඒවා පාලනය කරනු පිණිස ප්‍රතිපත්තිමය හා ප්‍රායෝගික යාන්ත්‍රණයක් සකස් කළ යුතු බව එතුමා තීරණය කළේය.

නව රාජ්‍ය අමාත්‍ය ධූරය නිර්මාණය කරනු ලැබූයේ මේ පරමාර්ථය සපුරා ගනු පිණිසය.

ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මින් පෙර බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ධූරය හෙබවූවාය.

– ජනාධිපති මාධ්‍ය අංශය

35,440 views

8 Comments to “කොරෝනා මර්ධනයට වෙනම ඇමති කෙනෙක් පත් කරයි..”

  1. Amare says:

    මගේ මතය ඊළග ව්‍යවස්තාවෙන් හෝ සංශෝදනයකදී අමාත්ය මණ්ඩලය 30 කට පමන සීමා කොට මුලු පාර්ලිමේන්තු ආසන සංඛාව 60 කට වගේ සීමා විය යුතුමයි.. පලාත් සභා ප්‍රාදේශීය සභා තිබියදීත් මෙතරම් පුන්චි රටක් පාලනයට 225 ක් ඕනි නෑ.. කැබිනට් ඇමති රාජ්ය ඇමති එකී මෙකී නොකී ඈමතිකම් හැට හුට හමාරක් ඕනි නෑ.. එක්කො මේ ප්‍රාදේශීය සභා සහ පලාත් සභා අයින් කරන්න නැත්තන් පාර්ලිමේන්තුවෙ ඉන්න අය අඩු කරන්න.. රජයට ලොකු මුදලක් නහස්ති වෙනව මේ වැඩෙන්… නැත්තන් මෙහෙම තව කල් ගියොත් බත් ඇමති පොල් ඇමති කියලත් කට්ටිය පත් වේවි…

  2. අන්කල් says:

    හුකෑස්
    ලෝකයේ පලමු කෝවිඪ් ඇමති
    අපි ජාත්‍යන්තර ආතල් දෙන්නෙ

  3. හැකහැක says:

    අටුව කඩා පුටුව හදන “හොඳ බාස්” ..
    බන්ධනාගාරයක කොරෝනා පාලනය කර ගන්න බැරි නෝනා කොහොමද රටේ කොරෝනා පාලනය කරන්නේ ?

  4. Goya says:

    Lol wiruwas health minister cannot do the job. Now 2 ministers for the same job.

  5. බුද්ධි says:

    අටුව කඩා පුටුව හදන “හොඳ බාස්” ..
    බන්ධනාගාරයක කොරෝනා පාලනය කර ගන්න බැරි නෝනා කොහොමද රටේ කොරෝනා පාලනය කරන්නේ ?

  6. අමල් says:

    පවිත්‍රා නෝනට කරගන්න බෑ කියල දැන්වත් තේරිච්ච එක හොඳයි

  7. ගන්ජ බන්ඩා says:

    බන්ධනාගාර වැඩේ අනා ගත්ත වගේ මේකත් අනාගනිය්ද මන්දා.

  8. APerera says:

    The President has realized that “Pavithra Nona” cannot do it. Now, this “Nona” will handle Covid patients like prisoners and will eradicate Covid.

    Good Luck…..!!!!!!!!

Main News