කොරෝනා මර්ධන කමිටුවේදී අද ගත් තීන්දු මෙන්න…

August 27, 2021 at 6:27 pm | lanka C news
කොරෝනා මර්ධන කමිටුවේදී අද ගත් තීන්දු මෙන්න…

දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාල සීමාව සැප්තැම්බර් 06 දා අළුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කෙරේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේ දී මෙම තීරණයට එළැඹිණ.

එන්නත්කරණ වැඩපිළිවෙළෙහි ප්‍රගතිය පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සමාලෝචනයට ලක් කෙරුණු අතර මෙතෙක් එන්නත ලැබී නැති වයස අවුරුදු 30ට වැඩි යම් පුද්ගලයෙක් හෝ ප්‍රදේශයක් වේ නම් ඒ බව දන්වා, අවශ්‍ය එන්නත් ඉල්ලුම් කරන ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් දැනුවත් කරන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

යම් කරුණක් හේතුවෙන් එන්නතේ පළමු මාත්‍රාව ලබා ගැනීමට නොහැකි වූ අයෙක් වේ නම් දෙවන මාත්‍රාව ලබා දෙන ස්ථානයකදි එය ලබාගැනීමට අවස්ථාව සලසා ඇති බව සඳහන් කෙරිණ.

එන්නත ලබා ගැනීම සඳහා ජනතාව උනන්දු කරවීමට ප්‍රාදේශීය දේශපාලනඥයන් කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාා පෙන්වා දුන්නේය.

මෙම වෛරසය පාලනය කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ මෙතෙක් නිර්දේශ ඉදිරිපත් කළ වෛද්‍යවරු සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධානීන් ඉදිරියේ දී ද ගතයුතු සුදුසුම ක්‍රියාමාර්ග පිළිබඳ නිරන්තර අවධානයෙන් කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

වයස අවුරුදු 60ට වැඩි සහ බෝ නොවන රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට වෛරසය ආසාධනය වුවහොත් හැකි ඉක්මණින් රෝහල් ගත කළ යුතුය. එසේ රෝහල්ගත වන පුද්ගලයන් නිසි වෛද්‍ය ප්‍රතිකාරවලින් සුවය ලබා ඉක්මණින් රෝහල්වලින් පිටව යාම වාර්තා වන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

කොවිඩ් ආසාධිතයෙකු නොවන සහ නිවසේ කිසිවෙකු නිරෝධායනයට ලක් නොවන පුද්ගලයෙකු මිය ගිය හොත් දේහය පිළිබඳ අවසන් කටයුතු පැය 24ක් ඇතුළත සිදු කිරීමට ගෙන ඇති තීරණය තවදුරටත් ක්‍රියාත්මක කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු විය.

නිවෙස්වල ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් නිරන්තර වෛද්‍ය අධීක්ෂණයට ලක් කිරීමේ වැඩපිළිවෙළ මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වන බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලසීමාව තුළ ජනතාවගේ දෛනික අවශ්‍යතා ඉටු කිරීමට ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ සමාලෝචනය කෙරුණු අතර දෛනික රැකියාවල නිරත සහ අඩු ආදායම්ලාභී ජනතාව කෙරෙහි විශේෂ අවධානයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජාතික ආර්ථිකය ද කළමනාකරණය කර ගනිමින් වසංගතය පාලනය කර ගැනීමේ අවශ්‍යතාවය අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පෙන්වා දෙනු ලැබිණ.

ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහන මිලට ලබාදීමට ස.තො.ස මගින් ක්‍රියාත්මක වැඩපිළිවෙළ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැහැදිළි කළේය.

දිවයිනම ආවරණය වන පරිදි ජනතාවට දේශීය ප්‍රතිශක්ති වර්ධක ඖෂධ ලබාදීම සඳහා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියාවට නංවා ඇති ව්‍යාපෘති පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා විස්තර කළේය.

මෙම වසංගත තත්ත්වය සහ ඉන් ආරක්ෂා වීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ නිරන්තරයෙන් ජනතාව දැනුවත් කරමින් නිසි මාධ්‍ය මෙහෙවර ඉටු කිරීමට සියලු රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය කැපවී සිටින බව සඳහන් කළ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා එම කටයුතු සම්බන්ධීකරණය ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් සිදු කරන බව ද පැවසීය.

නිසි සෞඛ්‍යාරක්ෂිත පුරුදු අනුගමනය කරමින් මෙම රෝගයෙන් වැළකී සිටීමේ වගකීම මහජනතාවට පැවරෙන බව කොවිඩ් මර්දන කමිටු සාමාජික විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, කෙහෙළිය රඹුක්වැල්ල, බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ , සිසිර ජයකොඩි, චන්න ජයසුමන, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, සෞඛ්‍ය ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්ම මහත්මීහු ඇතුළු කොවිඩ් මර්දන විශේෂ කමිටුවේ සාමාජිකයෝ මේ අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය ඒකකය

61,569 views

15 Comments to “කොරෝනා මර්ධන කමිටුවේදී අද ගත් තීන්දු මෙන්න…”

  1. නව යොවුන් රාණි says:

    කෙටියෙන් ම කියන්න තියෙන්නේ මුන්ගේ බේරේ පළු දෙකම නැහැ නටපු නැටුමකුත් නැහැ කියන එකයි. ප යන්න ක යන්න තමයි.

    • 3% නැති ජෙප්පා says:

      අපෝ මෙි අය මෙහෙම හරි ඇදගෙන යනවා අර සමනල් සෙටිඑකයි රතු අලි බෙටි ටිකයි එහෙම හිටියනමි කොහොමට තියෙවිද???

    • D.G. Perera says:

      නටන නැටුම තමයි දන්න ඉතිහාසේ ලෝකය මුනදිපු දරැනුම වසංගතයට මුනදිිම. මෙි වැඩෙිදි මුලු ලෝකෙම එකම තත්වයේ ඉන්නේ දියුනු නොදියුනු බෙිදයක් නැතිව. මරි මෝඩ හරකෙක්ට ඒක නොතේරැනාට රටෙි ලෝකේ මිනිස්සු ඒක දන්නවා. පිලිකුල්සහගතම දේ තමයි මෙි මාරාන්තික වෙලාවෙත් කුනු දේසපාලන වාසිගන්ඩ බලං ඉන්න බංකොලොත් දේසපාලන සක්කිලින් සහ උන්ට බත්බැලකමි කරන ජාතකය අවුල් උන් හැසිරෙන විදිය. හැබැයි උන්ගේ ගොබිබ මොලේට වැටහෙන්නේ නැති දේ තමයි මෙිකෙන් වාසි රජයටමයි කියන එක. හොදම උදාහරනේ ගොවි පොකුර සහ ගුරැ පොකුර නිර්මානය කල ජෙප්පන් සහ පාඨලි සජි ඇතුලු බුරැ රැල මිනිස්සුන්ට එපා වි තිබිම

      • පස්වන සරත් (විශ්‍රාමික) ජ. න්. ගි says:

        පෙර්ර පුතා, ලෝකේ අනිත් රටවල් මේ දරුණු වසන්ගතෙට සාර්ථකව විද්‍යානුකුලව මුහුණ දුන්නා. අපේ තමා කලගෙඩි නැටුම්, පැණි සෙල්ලම් පෙන්නුවේ. මේකෙන් වාසි ගත්තේ බංකොලොත් දේසපාලන සක්කිලින් නෙවෙයි උන්ට බත්බැලකමි කරන ජාතකය අවුල් උන්, ඒ කියන්නේ අන්ටිජන් වලින් සල්ලි හම්බුකරන දිලිත්ල, ලෝකේ කොහෙවත් නැතුව ප්‍රයිවෙට් කොම්පනිවලට බෙහෙත් ඒජන්සි දෙන්න ඉල්ලපු ගුනසේනල, සීනි හොරු පොල්තෙල් හොරු, නිරෝයධානෙන් ගානකපපු ලොක්කෝ. කෝ අර සීතා අම්බ්‍රෙල්ලපොල කිව්වේ බේත දන්නවා කියන්නෑ කියල නමුත් ටෝච් එකයි කුඩෙයි නම් ලෙසටම ඉල්ලුව. මේ පල්හොරු වැඩේ වවාගෙන නාගෙන රීගෙන ඉන්න එකේ පුතා සජියටයි චම්පකටයි ලපයටයි බැනල පොඩි ළදරු චූන් එකක් ගන්න. අපි තරහ නෑ

  2. George says:

    Please make arrangements to ensure hygienic behaviour of crouds gathering at vaccination centers.
    It may also be good if some educational programmes could be conducted on the TV for children idling at home.

  3. සහොදරය says:

    පව් ගුරුවරු බොහොම අමාරුවෙන් මේ දවස් වල වර්ජනය කරගෙන නිකන් පඩි අරන් ජීවත් වෙන්නෙ කොලමබ ඩෙල්ටා ගමට බෙදුව ට ජේවීපී එක ට සහ ගුරුවරු න්ට උපහාර යක් තියල දුප්පත් ගුරුවරු න්ට පඩි වෙඩි කරමු. අනිත් රජයෙ සේවකයන් ගේ වෙටුප් අඩු කරමු

  4. MM says:

    ඊයා ගොමරාජ් තාම දන්නෙ නෑ ලෝකේට කොෝනා කියලා උවදුරක් ඇවිත් කියාලා

  5. sam says:

    Namal Baby hitiye netha…..

  6. අපි says:

    මේ නාකි හුටාර් පොර ටෝක් දිදී ඉන්නවා.අහිංසක මිනිසුන් දවසින් දවස මැරෙනවා.මේකුන් බලයට ආවෙම මලමිනි උඩින්..දැන් පාලනේ කරන්නෙත් මලමිනි උඩින්..හැමෝම සාප කරමු මුන් ඉක්මනිම මේ ලෝකේන් චුතම වෙලා යන්න කියලා

  7. Sunil says:

    Committee for the reduction of population and country ruin.

  8. Karunarathna says:

    බඩු මිල වැඩි කිය කිය රට වහන්නත් කියනවා.. දෙකෙන් එකක් කියපල්ලා.. දෙකම එකපාර කරන්න බෑ.. කොරෝනා කිය කිය මාස 3කට සැරයක් නිවාඩු දාලා නිකන් පඩි අරගෙන ගෙවල් ඇතුලට වෙලා බුදියගන්න පුරුදු උනාම රටේ ආර්තිකේට කෙල වෙලා බඩු මිල වැඩි වෙනවා තමා..

  9. එන්නත් සහ හෙළ ඔසු දෙකම says:

    එන්නත වැඩනම් දේශීය හෙළ ඔසු පොවන්න උත්සාහ ගන්නේ ඇයි? එන්නත් විදින අනෙක් රටවලත් එන්නත විදීමෙන් පසු හෙළ ඔසු බොන්න දෙනවාද? එන්නතෙන් කොරෝනා පාලනය වෙනවානම් හෙළ ඔසු සඳහා අමතර වියදමක් නැවත දරන්නේ ඇයි?

    • පිස්සු ඩබල් says:

      ආයුර්වේද වෛද්‍යවරුන්ට පෙනඩෝල් පෙත්තක් රෝගියෙකුට දෙන්න නීතියෙන් අවසර නැති එකේ එන්නත විදින අයට හෙළ ඔසු සුදුසුයි කියන්නෙ කොහොමද?

    • කුඹුක්කණ් says:

      එන්නත කියන මහා මිත්‍යාවෙන් අන්ධ වෙච්ච ගෝත්‍රික බටහිර උගතුන් මේ රටේ සියලු මර්ණ වලට වගකිවයුතුයි.
      එමෙන්ම එන්නත නිසා රටේ නාස්ති වූ ඩොලර් ප්‍රමාණයට ඔවුන් වගකිව යුතුයි.

      අවසානයේ මෙහි වගකීම ගන්න වෙන්නෙ ගෝඨාභයට පමණයි, වැක්සින් ගැන කියවපු උගත්තු පැත්තකට වනු ඇත.

Main News