කොරෝනා මර්ධන වැඩපිලිවෙලට ඇතැමුන් කොචොක් කරනවා.. බින්දුවට දමා කතා කරනවා..- හමුදාපති

November 17, 2020 at 9:20 am | lanka C news
කොරෝනා මර්ධන වැඩපිලිවෙලට ඇතැමුන් කොචොක් කරනවා.. බින්දුවට දමා කතා කරනවා..- හමුදාපති

කොරෝනා වෛරසය සාර්ථකව මැඩ පවත්වාගෙන යමින් සිටින අවස්ථාවක විවිධ න්‍යාය පත්‍ර වලට කටයුතු කරන අය එම වැඩපිළිවෙළ බින්දුවට දමා කතා කරන බවත් එය ඉතා කණගාටුදායක තත්ත්වයක් බවත් කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

විවිධ මත දරන පුද්ගලයන් සමාජ මාධ්‍ය ඔස්සේ ගැටළු සහගත අදහස් ඉදිරිපත් කරමින් කොරෝනා පාලනය වැඩපිළිවෙළයි හෑල්ලුවට ලක් කරන තත්ත්වයක් පෙනෙන්නට ඇතැයි ද ඔහු පැවසීය.

කොරෝනා මරණ සම්බන්ධයෙන් ද විවිධ වැරදි අදහස් පතුරුවමින් ඇතැයිද ඔහු කියා සිටී.

අද වන විට මිනුවන්ගොඩ කොරෝනා පොකුර පාලනය කර ඇත්තේ එය ඒ සඳහා ගෙන ගිය වැඩපිළිවෙළ සාර්ථක භාවය නිසා බවද ඒ මහතා පෙන්වා දෙයි.

හොරණ ඇඟළුම් කර්මාන්ත ශාලාවේ ඇති වූ තත්ත්වය ද පාලනය කර ඇතැයි ද පැවසූ ඔහු පෑලියගොඩ පොකුරෙන් පැමිණි අභියෝගය විශාලම එක වුවත් එය ද සාර්ථකව පාලනය කර ගනිමින් සිටින බවද සඳහන් කරයි.

කොරෝනා තිබියදී ශිෂ්‍යත්ව විභාගය උසස් පෙළ විභාගයද සාර්ථකව පැවැත්වූ බවද සඳහන් කරන ඔහු ඒ එම වැඩපිළිවෙළේ ඇති සාර්ථක සාර්ථකත්වය බවද පෙන්වා දෙයි.

එසේ තිබියදී කොරෝනා පාලන වැඩපිළිවෙළේ අසාර්ථකත්වය කුමක්දැයි ඔහු ප්‍රශ්න කරයි.

24,942 views

22 Comments to “කොරෝනා මර්ධන වැඩපිලිවෙලට ඇතැමුන් කොචොක් කරනවා.. බින්දුවට දමා කතා කරනවා..- හමුදාපති”

  1. chamath says:

    අසාර්තකත්වය 90% මැරිල වැටුනාම තමා දන්නෙ covid කියල

  2. Sunil says:

    කොරෝනා හරි තොරතුරු දෙන හරීන්ගෙ හොට් ලයින් එක කවුරු හරි දන්නවද ?

    • මාතර සුනිල් says:

      ඒකට කොකේන් දුම වැදිල කර්පට් වෙලාලු

  3. Ranga says:

    Absolutely correct. But don’t get frustrated or disgusted over idiotic, amateurish statements by some lunatics.
    We need your brave and invaluable service furthermore.
    Were it not for the president Gotabhaya and this government, the results would have been much much grave and pathetic.
    That’s the bitter reality!
    Salute you the commander !

    • ක්‍රිමිනල් says:

      Exactly ! Typical baiya baffoons never get frustrated .They praise and worship what ever their masters say and do. Thats what a slave born to do. Keep it up Slave !

      • Arun says:

        Was that why you were praising and worshipping your masters while they ruined the country in every front during 2015 – 2019? Get a life looser!

  4. Sarath says:

    කියන්න තියෙන්නේ ගම්පහ ලොක් ඩවුන් කල අවස්ථාවේ ගම්පහ හා අවට නගර සියල්ල වසාදැමිමට කටයුතු කලා නම් අඩුම ගානේ සති 03 ක් වත් අද මේ තත්වය රටට වෙන්නේ නැත. කණගාටුයි රජය ගැන

    • Nimal says:

      දෙයක් උනාට පස්සේ ගෙන උඩ දාගෙන comments දාන්ට ඕනේ හරකෙකුට පුළුවන් බොල, ඔහේ ඔය කඩේ යන එක ඔස්තාර් කෙනෙක් වත් කියනවද පැහැදිලි වැඩ පිළිවෙලක්, මොකක් හරි අඩුවක් දකිනවා මිසක් , ඒ මදිවට තව බත් බැලයෝ ටිකක් fail failකියා කියා වැලපෙනවා, ඔය ගතිය ලොල්ලන්ට උපතින්ම එන ගතියක් වෙන්ට ඕනේ

      • නානා says:

        පල බත්බැලයා

      • රාජිත says:

        අවුරැද්දක් ඇතුලත මේ තරම් FAIL වෙච්ච ආන්ඩුවක් ලන්කා ඉතිහාසෙම නැ.ගැසට් එකක් ගහලවත් බඩු මිල පාලනයකරගන්න බැරි චාටර්ම ආන්ඩුවක්.ලොක්ක ජාතිය අමතනව කියනකොට මිනිස්සු හිනා වෙනවා.හිටන් චාටර් වෙන්න අවුරැදු 3ක් ගියා.

  5. උපාසක says:

    මිනිස්සු දහස් ගණක් මැරිලා හරි කමක් නෑ ආණ්ඩුව අසමත් කියලා පෙන්වන්න බලාගන ඉන්න විපක්ෂයක් තියන රටක ඊට වඩා දෙයක් බලාපොරොත්තුවෙන්න බෑ සර්

    • pohottu says:

      Ayi umbata ona wipakse ‘wada karana ape wiruwa kiyala’ thaleta kiyannada? mola.

      • උපාසක says:

        විපක්ෂයේ උන් තප්පුලනවා හැර මොකක්ද ඉදිරිපත් කරපු වැඩ පිළිවල කියලා කියපන් බලන්න. ජනතාව දහස් ගණනක් හරි මැරිලා උඹලට ඕන රටේ බලය ලබාගන්න කියලා බහුතර ජනතාව හදටම දන්නවා.
        උඹලගේ ජහපාලනේ තිබුන කාලේ මතකනේ. පාස්කු ප්‍රහාරය සිද්ධ වෙනවා කියලා දැන දැනත් ඒගැන ජනතාව දැනුවත් නොකර, තමන්ගේ ජීවිතේ විතරක් බේරගත්ත කාලකණ්ණි නේ උඹලා උඩ දාගන නටන පක්ෂයේ ඉන්නේ.

    • වෙබ් බුවා says:

      දෙරණෙ චතුරයත් ඒ ජාතියෙ එකෙක්

  6. Helaya says:

    minuwan goda pokura wediwegena eddima ubathumalata rata sathi 3 wahanna thibba. ehema kera nam ada weddi hemadeyama yatha thathwayata path wenna thebuna. pasel, karyala normal wedihata pawathwagena yanna thebuna.

  7. We are Lions says:

    We respect you Sir, you are doing a great job to protect the people of this country.
    Blessings for long live & God bless you.
    Please ignore what foxes are telling?
    Thank you
    A Lion

  8. බිස්කට් ලොක්කා says:

    ශවේන්ද්‍ර සිල්වා කියන නමට ඉස්සර බය වුණේ දෙමළ කොටියො විතරයි.
    ඒත් අද කැට හොල්ලන හිගන ජෙප්පොයි අට පාස් ගූ සජියගෙ පස්සෙ යන හිගන්නොත් අද ශවේන්ද්‍ර සිල්වා කියන නමට බයයි.
    ඒකයි ඔය හිගන බල්ලො කී බෝඩ් වලින් ශවේන්ද්‍ර සිල්වාට අපහාස කරන්නෙ.

    • ක්‍රිමිනල් says:

      දැන් ඇයි අපි මෙගොල්ලන්ට බය වෙන්නොනේ ? 😂😂😂

    • නානා says:

      Friend.
      Shrawendra silva is not a decision maker. He just follow the instruction from government.

      Government is fail, not the officers who implement those decisions. Citizens have no issues with Army or Health officers but with the law makers.

  9. ක්‍රිමිනල් says:

    මේ රටේ මිනිස්සු කෝචොක් දාන්නේ කොවිඩ්19 මැඩලීමේ ක්‍රමවේදයට නෙමෙ , විද්‍යාව පැත්තකට දාලා මිත්‍යාවට ප්‍රමුඛත්වය දෙන කාරනාවට , එහෙයි “නිලධාරීන්” සත්‍යෙන් හා වගකීම් විරහිත ප්‍රකාශ වලින් රට අන්දනවට , පම්පෝරී ,කෛයිවාරු වලින් රටට අපහැදිලී චිත්‍රයක් දෙනවට සහ ගජමිතුරු කල්ලි කොරොනාව ගරානාවක් සහ වසංගතය වසන්තයක් කරගෙන නටන නාඩගං වලට , පටලගන්න එපා !

    • Jacob says:

      ඕන දෙයක් ගැන යම් යම් විවේචන තියෙන්න පුළුවන්. සමස්ත වැඩේ ගැනයි මිනිස්සු බලන්නෙ. විකල්පයකුත් පැත්ත පලාතක නෑනෙ. ඒ හින්ද ටිකක් රෙස්ට් එකේ හිටපන් දේශපාලන කුහකකමෙන් මැරෙන්නෙ නැතුව

  10. මාතර සුනිල් says:

    හිටපු හමුදාපති ෆීල්ඩි මාර්ෂල් සරත් ෆොන්සේකා නිතර මාධ්‍ය ඉදිරියේ පෙනීසිටියේ නැහැ. ඔහු සිය රාජකාරිය නිසිලෙස කළා. යුද්ධය පැවැති කාලයේ සිට ශවෙින්ද්‍ර සිල්වා මාධ්‍යයෙන් ප්‍රසිද්ධිය ගන්න කැමතියි.
    දැන් ශවෙින්ද්‍ර සිල්වයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණයි උදේ හවා TV එකේ දැකලම මිනිස්සුන්ට එපාවෙලා. ශවෙින්ද්‍ර සිල්වා උදේට නිල්පාට කමිසයක්, දවල්ට සුදුපාට එකක්, ආයෙත් හමුදා යුනිෆෝමි, නැවත කොමාන්ඩෝ කිටි. චිත්‍රපටියක රඟපානවද මන්දා.
    අනිල් ජාසිංහ වැනි සෞඛ්‍ය ක්ෂෙත්‍රයේ උගතුන් කොචිචර ලස්සනට මෙිවැඩෙි කළාද?

Main News