කොරෝනා මල සිරුර ආදාහනාගාරයෙන එලියට ඇද දමයි.. ප‍්‍රභූ මල සිරුර ආදාහනය කරයි.. ඉහල නියෝගයක් ඇවිත්..

June 14, 2021 at 9:20 am | lanka C news
කොරෝනා මල සිරුර ආදාහනාගාරයෙන එලියට ඇද දමයි.. ප‍්‍රභූ මල සිරුර ආදාහනය කරයි.. ඉහල නියෝගයක් ඇවිත්..

මතුගම පාන්තිය ආදාහනාගාරය ආදාහනය කිරීම සඳහා තැන්පත් කර තිබූ කොරෝනා ආසාදිත වූයෙකුගේ මළ සිරුරක් ඉහළින් ආ දැනුම්දීමක් මත ආපසු පිටතට ගෙන ප්‍රභූ රථයකින් රැගෙන ආ වෙනත් මළසිරුරක් ආදාහනය කර ඇතැයි වාර්තා වෙයි.

කොරෝනා ආසාදිතව මියගිය 93 හැවිරිදි කාන්තාවගේ සිරුර ආදාහනය කිරීමට රෝහල් ගිලන් රථයෙන් පැමිණ ආදාහනාගාරයේ තැන්පත් කර තිබියදී මෙම සිදුවීම සිදුව තිබේ.

මතුගම ප්‍රදේශයේ මල් ශාලාවකට අයත් ප්‍රභූ අවමංගල රථයකින් ගෙන ආ මළසිරුරක් ආදාහනය කිරීම සඳහා කොරෝනා මළ සිරුර නැවත පිටතට ගෙන ගිලන් රථයේ තැන්පත් කිරීමට සෞඛ්‍ය සේවකයන් කටයුතු කර තිබේ.

මෙහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අසරණ වී ඇත්තේ ඔවුනට ඉහළින් පැමිණ තිබූ නියෝගයක් හේතුවෙනි.

සෞඛ්‍ය සේවකයන් සඳහන් කරන්නේ මේ හේතුවෙන් පැය දෙකකට අධික කාලයක් මළසිරුර ගිලන් රථයේ ඒ තැන්පත් කර තිබීමෙන් ගිලන් රථය තවත් සේවයක් සඳහා යොදා ගැනීමට තිබූ අවස්ථාවක් මඟ හැරී ගිය බවයි.

45,328 views

6 Comments to “කොරෝනා මල සිරුර ආදාහනාගාරයෙන එලියට ඇද දමයි.. ප‍්‍රභූ මල සිරුර ආදාහනය කරයි.. ඉහල නියෝගයක් ඇවිත්..”

  1. කැලණියේ නයා says:

    එක රටක් එක නීතියක් ඔක්කොම ජෝක් උන රටක ඒක විතරක් ජෝක් නොවී තියෙන්න බෑනෙ.මතක් කරගනිල්ල තොන්ඩමෑන්ගෙ ඉත්තෑකන්දෙ උන්නාන්සෙගෙ මවුගෙ මලගෙවල් හෙම .

  2. පොඩි එකා says:

    අපායට යනවා නං ඒකත් කලිං යන්ඩ කියලා ඒ පෙබූ තුමා අහලා තිබූ දේ ඉස්ටකෙරා ගත්තා. අහිංසක කොරෝනා ලෙඩා තම අවස්තාව පෙබූවෙරයා ට පරිත්තාග කොරාපු පිනෙං දිවිය ලෝකෙ ගියා.
    අපි මොකට බනිනවැයි?
    සුදුස්සාට සුදුසුම තැන.

    • ලොකු එකා says:

      හරියට හරි පොඩි එකෝ, කොරෝනා ලෙඩාටවත්, හිතවතුන්ටවත්, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ටවත් මුකුත් වුනේ නැහැ, මියගිය ප්‍රභූගේ අයවලුන් සහ ඒ නිවට ක්‍රියාවට අනුබල දුන් අයයි කොරගෙන තියෙන්නේ.

  3. Silva says:

    අන්තිමේදී මිනී දෙකම පුච්චලා. ඉතින් වැඩේ හරිනේ.

  4. ඔය ප්‍රභූන් කියන උන්ගෙ මිනී ආවාම ඉක්මනින් පුච්චන එක හොඳයි. කොමිස් එකක් වගේ දෙයහ් මතක් උනොත් ආයෙ නැගිටලා එන්න බැරි නෑ

  5. මංගලිකා says:

    වෙල්ගම නේද?