කොරෝනා මැඩලන හැටි.. හෙළ නිළ වෙදකම ප්‍රගුණ කළ බටහිර වෛද්‍යවරයෙකු හෙලි කරයි…

May 19, 2021 at 12:02 am | lanka C news
කොරෝනා මැඩලන හැටි.. හෙළ නිළ වෙදකම ප්‍රගුණ කළ බටහිර වෛද්‍යවරයෙකු හෙලි කරයි…

වෛද්‍ය මාලීන් බටගොඩ මහතා කොළඹ වෛද්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ බටහිර වෛද්‍යවරයෙකු වන අතර ඔහු මේ වනවිට මාතර රෝහලේ සේවය කරයි.

ඔහු බටහිර වෛද්‍ය ක්‍රමයට අමතරව හෙළ නිළ වෙදකමද ප්‍රගුණ කර තිබේ.

කොරෝනා වසංගතය රට පුරා වේගයෙන් පැතිරී යමින් තිබෙන මේ අවස්ථාවේ ඔහු ජනතාවට උපදෙස් දෙන්නේ තමන් ගන්නා ආහාර මගින් ප්‍රතිශක්තීකරණය වැඩිකර ගැනීම තුළින් කොරෝනා වෛරසයෙන් සිදුවන බලපෑම අඩුකර ගත හැකි බවයි.

ලබාගන්නා ආහාර වලින් ශරීරයේ ප්‍රතිශක්තීකරණය වර්ධනය කරගෙන කොරෝනා රෝගයේ බලපෑම අඩුකර ගන්නා ආකාරය ඔහු අන්තර්ජාල නාලිකාවකට පැහැදිලි කරයි.

90,156 views

25 Comments to “කොරෝනා මැඩලන හැටි.. හෙළ නිළ වෙදකම ප්‍රගුණ කළ බටහිර වෛද්‍යවරයෙකු හෙලි කරයි…”

  1. රන්වල says:

    තණකොල ගහෙන් ඇරෙන්න හැම ගහකින්ම හැම දෙයියෙක්ගෙ ඕඩරේකින්ම බේත් හැදුව නොකියා මේ මනුස්සය ආපු විදිය හොදයි.බොරුවට කොරෝනා නසන අරක මේක කියල අන්දන්නෙ නැතුව ප්‍රතිශක්තිය දියුණු කරන දෙයක් රෝගය මැඩලීමට සහයක් කිව්ව නම් ඇත්ත ඇති සැටියෙන්

  2. ක්‍රිමිනල් says:

    හෙල ඔසු වලින් ප්‍රතිශක්තිය වර්ධනය කර ගන්නෙ මොකටද? ලගම තියෙන රජයේ රෝහලට ගියා නම්, සායනික පරීක්ශණ සමත් බටහිර පෙත්තක් ගිලලා කොරෝනා හොද කරගන්න පුලුවන් නේ.

    ඇමෙරිකාවේ, එන්ගලන්තයේ, ඉතාලියේ ලක්ශ ගණන් මැරුනේ සායනික පරීක්ශණ අසමත් හෙල ඔසු බීපු උන්. පෙති ගිල්ල නම් උන් තවත් ජීවත් වෙනවා.

    • කුඹුක්කණ් says:

      හෙළ ඔසුවට කෙනෙහිලිකම් කරන පොහොට්ටුවට අපි ආයෙ චන්දෙ දෙන්නෙ නෑ.

  3. ප්ලැකනිල් ගොනා says:

    ඔන්න මෙයා වැඩේ කෙලවා ගන්නයි යන්නේ. මේක බටහිර රටවල් වලට ආවඩමින් නටන නාඩගමක් මිසක් දේශිය වෙදකම ගැන නොදැන සිටීම නොවේ. ගෙදර ඉන්න කාලෙ ඔක්කොම බටහිර වෛද්‍ය වරු ඉඟුරු කොත්තමල්ලි බීලා පරිස්සම් උනේ. ලගදීම ආන්ඩුවෙ ප්‍රහාරයට සූදානම් වෙන්න.

  4. Jude says:

    1. First do you followed your instrustion and increase your virus control?
    2. If so pls stay with Covid patient and you dont get the virus. Then we can beleive.
    3. We dont beleive just speakers…

  5. Mahesh says:

    Oyatika Ayurveda waidyawaru mula idanma kiyanawa katawath ehune nedda?

    • Hesh says:

      ඉතින් මෙතුමටත් ඔරා ඔරා කියන එවුන් ඉද්දී වෙද මහත්තයෙක් කිව්වම අපේ එවුන් පිලිගනියිද? අපේ එවුන් විද්යව කියලා හිතාගෙන ඉන්නේ 11 වසරෙදී අර කියලා දෙන ටික. මුලු ලෝකෙම ඒක.

  6. Dengu Nona says:

    Yanawa oyi, yanna, minisunwa rawattanne nathuwa. Koheda oyi, `Hela Wedakama` kiyala ekak thiyenne? `Nila Wedakama? Labba!!

  7. john the baptice says:

    දැන් ගොන් බයියෝ බටහිර එන්නත් දෙනවට අන්ඩුවට බැන බැන පුන්නක්කු බොනවට අමතරව නිල අල්ලන්නත් පටන් ගන්නව

  8. බිල්ලා says:

    දේශිය ප්‍රතිශක්තිජනක ආහාර, ඖශ්ධ පැත්තකට දමමු. ඩොලර් 1-2 එන්නත ඩොලර් 5 ට ගෙනල්ලා පොහොසත්වන අපේ සත් ගුනවත් ……..සෙට් එකට ආධාරයක් විධියට පෝලිමේ ගිහින් එන්නත ගහගනිමු. අතුරු ආබාධ පිලිබදව පසුව හිතමු.

  9. රට අමු සොහොනක් වේවිද ? says:

    මට පුළුවනි හිසකුඩුච්චි දාලා කොරෝනා මර්ධනය කරන්න

  10. Ravi says:

    ප්‍රියන්තා සේනානායකගේ ලනුව කාපු තවත් ගොනෙක්…

    • SF says:

      මේ රටේ 75% ඉන්නේ බුදු හාමුදුරුවොන්ගේ ලණුව ගිලපු එවුන්. ඉතින් ඕන අවිද්යාවක් මෙහෙ විකුනන්න පුලුවන්.

Main News