කොරෝනා මැඩලිය හැක්කේ එන්නතින් පමණයි…

April 28, 2021 at 5:30 pm | lanka C news
කොරෝනා මැඩලිය හැක්කේ එන්නතින් පමණයි…

අග්‍රාමාත්‍යතුමා, චීනයේ ජාතික ආරක්ෂක අමාත්‍ය ජනරාල් වෙයි ෆෙන්ග් මහතා සමඟ පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවේ දී දැක්වූ අදහස්

ගරු ඇමතිතුමනි, ඔබව ශ්‍රී ලංකාවට පිළිගැනීමට හැකිවීම ගැන මම ඉතා සතුටු වෙමි. වසංගත  තත්ත්වය නොතකා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ඔබ කළ තීරණය අපි අගය කරමු.

වසංගත තත්ත්වය හමුවේ වුවද චීනයේ ඉහළ පෙළේ දූත පිරිස් අවස්ථා ගණනාවක දී ශ්‍රී ලංකාවට පැමිණියා. ඔබගේ මෙම සංචාරය  සහ හමුවීම තුළින් අපගේ ශක්තිමත් හා මිත්‍රශීලී ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අවස්ථාව ලැබෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

පළමුවෙන්ම මේ වසරට යෙදෙන චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 වැනි සංවත්සරය සහ  එහි සියලු ජයග්‍රහණ සඳහා මගේ උණුසුම් සුබ පැතුම් පළ කරමි.එය සැබවින්ම ඉතා වැදගත් සන්ධිස්ථානයක්.

තවද, දිළිඳුකම තුරන් කිරීමේ දී චීනය ලබා ඇති ජයග්‍රහණ පිළිබඳව  මම ඔබට සුබ පතමි. චීන රජය මිලියන 100 කට ආසන්න ග්‍රාමීය වැසියන් මේ වනවිට දරිද්‍රතාවයෙන් මුදා ගෙන තිබේ. අනෙක් අතට දරිද්‍රතාවය පිටුදැකීමේ  එක්සත් ජනපද ගෝලීය තිරසර සංවර්ධන ඉලක්කයන් වසර 10 කට පෙර සම්පූර්ණ කිරීමට චීනයට හැකි වී තිබේ. මෙය විශිෂ්ට ජයග්‍රහණයකි.

ගරු ඇමතිතුමනි, මෙම වසංගත තත්ත්වය මගහරවා ගත හැකි එකම ක්‍රමය එන්නත් කිරීම බව මුළු ලෝකයටම දැන් පැහැදිලි වී තිබේ. කොවිඩ් වසංගතය පැතිර ගිය දා සිට සමස්ත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් චීනය සීනෝෆාම් එන්නත් 600000 ක් සහ සෞඛ්‍ය ආරක්ෂක උපකරණ ඉතා නොමසුරුව පරිත්‍යාග කිරීම ඉතා අගය කොට සළකමි.  මෙම වසංගත තත්ත්වය සමඟ කටයුතු කිරීමේ දී ඉදිරියටත් චීන රජයේ අඛණ්ඩ සහයෝගය අපි බලාපොරොත්තු වෙමු.

පසුගිය සති කිහිපය තුළ  කොවිඩ් 19 ආසාධිතයින් පිරිස වැඩිවුව ද රටේ ආර්ථික හා සමාජයීය බලපෑම සළකා මුළු රටම අගුලු නොදැමීමට රජයක් ලෙස අපි තීරණය කළෙමු. පශ්චාත් වසංගත තත්ත්වයට මුහුණ දීම සඳහා තවත් බොහෝ දේ කළ යුතු බවට ඔබත් එකඟ වන බව මට විශ්වාසයි.

මේ වනවිට අපගේ ප්‍රමුඛතාවය වී ඇත්තේ ලොව පුරා ආයෝජනයන් ශ්‍රී ලංකාව කෙරෙහි ආකර්ෂණය කර ගැනීමයි.  එවැනි ආයෝජකයින්ගේ විශ්වාසය ශ්‍රී ලංකාව කෙරෙහි ගොඩනැගීම සඳහා ඔබේ සහයෝගය මම බලාපොරොත්තු වෙමි.

ගරු ඇමතිතුමනි, ඔබගේ මෙම සංචාරය ගැන නැවත වරක් මම ඔබට ස්තූතිවන්ත වන අතර වසංගත තත්ත්වය හමුවේ පැනනගින අභියෝග ජය ගැනීම උදෙසා දැනට පවතින සහයෝගිතාවය වැඩි දියුණු කරගැනීමටත්  ඔබ සහ ඔබගේ රජය සමඟ ඉතා සමීපව අඛණ්ඩව කටයුතු කිරීමටත් බලාපොරොත්තු වෙමි.

රොහාන් වැලිවිට,
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම

25,837 views

5 Comments to “කොරෝනා මැඩලිය හැක්කේ එන්නතින් පමණයි…”

  1. Rajinda says:

    රට වහන්නේ ඉන්දියාවේ වගේ තැන තැන මැරෙන්න ගත්තාම විතරයි, එතකන් අපි රට වහන්නේ නැහැ – මීට රාජපස්ස බ්‍රදර්ස්

  2. Ravana parapura says:

    රාවණ රජතුමා මේ කාලේ හිටියානම් මේ කතාවට හොද පිළිතුරක් දේවි.

  3. kasun says:

    Api hithuwe oyage paniyen kiyala. Rajapaksala weda bari tarzanla wela

  4. Asela Perera says:

    මුන් කලින්ම එන්නත් ගහගත්ත නිසා රජ බොජුන් වළඳලා බේරෙයි. දැක්කනේ සනුහරේම එකතුවෙලා අවුරුදු මෙසේ පොටෝ දාලා තිබුන විදිය. රට ඉවරම කරලා චීනෙට විකුනලා මුන් බිලියනපතිලා වෙලා ඇමෙරිකාවට පනියි. කාලකන්නි වහල්ලු ටික කොරෝනා වලට ඉස්සෙල්ලා බඩගින්නේ ඉඳලා තමයි මැරෙන්නේ. දැනටමත් පිටරටවල ඉන්න ද්විත්ව පුරවැසියන් උන්ගේ ලංකාවේ තියෙන දේපල විකුනලා ද්විත්ව පුරවැසි සහතිකයත් රෝල් කරලා ස ට කොහෙද ගහගන්න කියලා පිටරටවල තානාපති කාර්යාලවලට භාර දෙනවලු.

  5. සැලසුම් සකස්කරමින් සිටිනු නිරීකෂණය කරනු ලබයි..! says:

    බ්‍රිතාන්‍ය “ට්‍රෝඡාන් අශ්වයා” නොහොත්” ඡෙෙව තාකෂණික ඝාථකයා” ”අථුගෝසුවා” ”අක්සා සෙනිකා ළු්ඡන්ත”

    ”ඉන්දියාවම මලගමක් කොට මුදල්පොට්ටනිය සමගින් බ්‍රීතාන්‍යයට පැනගොස් සැගවී සිටියි” බ්‍රීතාන්‍ය රඡය ඔහුට රැකවරණය සපයමින් තිබෙනු දක්නට ලැබේ..! ඔහුට මුහුණට හඳුනාගැනිමට නොහැකිවනසේ සැත්කමක් කිරිමටද නියමිතබව විශ්ලේෂණය කරනු ලබයි ..! වරින් වර දැඩි ආරකෂාව යටතේ ”ඉන්දියානු රාඡ්‍යඅනුග්‍රහය සහිතව” පුද්ගලික ගුවන්යානයකින් වරින්වර ඉන්දියාවට පැමින මාද්‍ය ප්‍රකාශකිරිමටද අනාගතයේදී සැලසුම් සකස්කරමින් සිටිනු නිරීකෂණය කරනු ලබයි..!

    ”කෙසේනමුත් වෙෙරසයට කිසිම ප්‍රතිකාරයක් නොවන” ”ඡන සංහාරක” ”ඵන්නත්” දිළිදුරටවල ”දූශීත දේශපාළකයන්ගේ උපකාරයෙන්” ඡන සංහාරක ඵන්නත් ඉතාම කුඨලෙස අලෙවිකර බ්‍රිතාන්‍යවිසින් උපයාගනුලැබූ ආදායම ඩොලර් ට්‍රීලියන 4.7 බව දත්ත පරිශීළනය කිරිම තුලින් අනාවරනය කරගනු ලැබීය..!

Main News