කොරෝනා මැද උතුරේ ආරක්‍ෂාව මීටරෙන්.. දෙමල සන්ධාන සමරුවකට නිරෝධායනයෙන් උගන්වයි..

April 29, 2020 at 8:02 am | lanka C news
කොරෝනා මැද උතුරේ ආරක්‍ෂාව මීටරෙන්.. දෙමල සන්ධාන සමරුවකට නිරෝධායනයෙන් උගන්වයි..

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානම පක්ෂය වූ ඉලංගෙයි තමිල්අරුස කච්චි පක්ෂයේ නිර්මාතෘ තන්දෙයි සෙල්වා මහතාගේ 43 වන ගුණසැමරුම 28 යාපනයේදී එම පක්ෂයේ වත්මන් නායක මාවෙයි සේනාධිරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් අධීක්ෂණය හමුවේ ඉතා චාම්ව පැවත්වුණි.

මාර්තු 26 වනදාට තන්දෙයි සෙල්වා මහතාගේ 43 වන ගුණ සැමරුම යෙදී තිබුනද එදින ඇඳරිනීතිය පැවතීම හේතුවෙන ගුණ සැමරුම 28 දිනට යොදා ගත්තද එය උත්සවාකාරයෙන් පැවත්වීමට යාපනය පොලීසිය අවසර ලබා නොදුන් අතර පුද්ගලයින් කිහිප දෙනෙකු පමණක් යොදාගෙන ඉතා චාම්ව සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් ගුණ සැමරුම සිදු කරන ලෙසට පොලීසිය විසින් අවසරය දී තිබුණි.

ඒ අනුව ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂියේ වත්මන් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂියේ සාමාජිකයින් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් යාපනයේ තන්දෙයි සෙල්වා ස්මාර්කය ඉදිරිපිටදී මල් පහන් දල්වා ගුණ සැමරුම සිදු කර අතර එම ගුණ සැමරුම අධීක්ෂණය කිරීමට හා සෞඛ්‍ය පියවර අනුගමනය කල යුතු ආකාරය පිළිබඳව දැනුවත් කිරීමට යාපනය පොලිස් නිලධාරීන්ද කඳවා තිබුණි.

මෙම අවස්ථාවට දෙමළ ජාතික සන්දානයේ සාමාජිකයින් වූ උතුරු පලාත් සභාවේ හිටපු සභාපති සී.වී.කේ.සිවඥානම්, යාපනය මහනගරාධිපති ඊ. ආර්නෝල්ඩ්, එම්.කේ. සිවාජිලිංගම්, ඇතුලු පිරිසක් සහභාගී වූහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

232 views

4 Comments to “කොරෝනා මැද උතුරේ ආරක්‍ෂාව මීටරෙන්.. දෙමල සන්ධාන සමරුවකට නිරෝධායනයෙන් උගන්වයි..”

  1. Nawodhi says:

    Say police to stop and check all the illegal activities during this time. Crime has mounted such as all illegal garages start to operate under full blessing of police, three wheels drivers are not following any curfew laws, police officers are earning huge money using crime as the main income source during this period. GOTA maybe going to get the same Parliament without the majority if they did not control police crime during this time and only confine to curfew works.

    • kanishka Tissa says:

      Very true! The massive increase of Kasippu brewing is directly linked to the corrupt cops in rural areas and urban areas alike. These policemen take bribes from the Kasippu mudalalis. We all saw on TV a few days back how a Kasippu mudalali along with a Buddhist monk came to a police station in Kuliyapitiya area and beat a constable and a woman constable. The guy got guts to beat the policemen inside their police station due the support he receives from a higher up from the same police station.

  2. sena says:

    තොපිත් පරිස්සමෙන් හිටපියව් කොරොනා දේවයන්වහන්සෙගෙ උදහසට තොපිලටත් දඩුවම් නියම වේලා තියෙන්නෙ

  3. david milibanda says:

    Alcohol is a curse to Sri Lanka

Main News