කොරෝනා මැද ටික ටික නැගිටී.. ශ්‍රී ලංකාවටම දේශීය සේලයින්…

July 27, 2021 at 1:20 pm | lanka C news
කොරෝනා මැද ටික ටික නැගිටී.. ශ්‍රී ලංකාවටම දේශීය සේලයින්…

දීර්ඝ කලක් පුරා ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයේ සිහිනයක්ව පැවති දේශීයව සේලයින් නිපදවීම සැබෑවක් කරමින් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සහ පෞද්ගලික ආයතනයක් බද්ධ ව්‍යාපාරයක් ලෙස ඇරැඹු සේලයින් කර්මාන්තශාලාවේ නිෂ්පාදන සැප්තැම්බර් 1 දින සිට රාජ්‍ය අංශයට මිලදී ගැනීමට ඊයේ රාත්‍රී පැවති කැබිනට් රැස්වීමේදී අනුමැතිය හිමි වී ඇත.

ඖෂධ නිෂ්පාදන, සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය මගින් ඉදිරිපත් කර තිබු කැබිනට් පත්‍රිකාව අනුව සාමාන්‍ය සේලයින්, ඩෙක්ස්ට්‍රෝස් ද්‍රාවණ, හාට්මාන් ද්‍රාවණ, මැනිටෝල් ද්‍රාවණ ඇතුළු ශිරා මඟින් ඇතුල් කරන මූලික නික්ෂේපන ද්‍රාවණ සියල්ල කුණ්ඩසාලේ පිහිටි ඇති නවීන කර්මාන්තශාලාවක නිෂ්පාදනය වන අතර රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථා (SPMC) ලාංජනය යටතේ රෝහල්වලට සැපයෙනු ඇත.

සේලයින් ඇතුළු මූලික නික්ෂේපන ද්‍රාවණ මිලදී ගැනීමට පමණක් දිනකට රජය රුපියල් ලක්ෂ 50 වැය කරන බවත්, මෙතෙක් කල් එම මුදල ඩොලර් ලෙස විදේශ වෙත ඇදී ගිය බවත් සැප්තැම්බර් මස 1 සිට ඒ මුදල රට තුළම ඉතිරි වන වන බවත් ඖෂධ නිෂ්පාදන, සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

මේ තුලින් වාර්ෂිකව ඇ.ඩො. මිලියන 5 ක පමණ ශුද්ධ ඉතිරියක් ලඟාකර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වන බවත් අතිරික්ත සේලයින් බෝතල් මිලියන 25 ක් පමණ අපනයනය කිරීමට සැලසුම් කර ඇති බවත් ඔහු පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මග පෙන්වීම යටතේ “අලුත් රටට-අලුත් බෙහෙත්” වැඩසටහන යටතේ සේලයින් නිෂ්පාදන කර්මාන්තශාලාවේ කටයුතු කඩිනමින් අවසන් කිරීමට හැකි වූ බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

48,389 views

22 Comments to “කොරෝනා මැද ටික ටික නැගිටී.. ශ්‍රී ලංකාවටම දේශීය සේලයින්…”

  1. Dr. Saman says:

    Excellent. We are waiting to see “Made in Sri Lanka” saline

    • ටිකිටි says:

      මුන්ට කර ගන්න දෙයක් නෑ..”එක සතියට එක පට්ටපල් බොරුවක් හා එක ආන්දොලාත්මක පුවතක්” උපක්‍රමයෙන් සතිය සතිය ගොඩදාගන්න ගේමක් ගහනවා.
      හරි තමා දැන් රටටම සේලයින් තමා දෙන්න වෙන්නේ.

      • රාජිත සේනා says:

        ටිකිටි කියන්නෙ මමම තමයි..

  2. වලෙන් ගොඩ ඒම says:

    එක අතකට වලේ අඩියටම වැටිච්ච එකෙත් හොඳක් තියේ. දැන් වලෙන් ගොඩ යනවා මිසක් වෙන විකල්පයක් නෑ නෙව?

    • Boo says:

      එහෙමම නෑ. සමහරැ ඉන්නවා උන් ආසයි අඩියත් හිල් කරගෙන තව පහලට යන්න, ගැඩවිල්ලු වගේ. සම හරක් ගෙ කොමෙන්ටු වලින් සහ වැඩ වලින් ඒ ගැඩවිලුන් හොයාගන්න පුලුවන්.

  3. Great achiement talented young. Engineer Mr.Geemal Wattarantenne is the responsible person in this B.O.I. factory at balagolla

  4. dailyNews says:

    Daily News – 20215 – 12- 07

    A saline producing factory and a medical park will be set up in Sri Lanka next year, Health, Nutrition and Indigenous Medicine Minister Dr. Rajitha Senaratne said.

    Minister Senaratne said all saline required for Sri Lankan hospitals will be produced in this new factory to be set up next year. “The additional production will be exported to foreign countries. About 20 drug manufacturing companies have already held discussions in connection with setting up drug producing factories in Sri Lanka,” the minister said addressing the Sate Pharmaceutical Manufacturing Corporation dealer convention in Colombo.

    Senaratne said arrangements will be made within the next two or three years to produce all drugs and medical equipment required for Sri Lanka within the country.

    • Boo says:

      කක්කුස්සි කටාගෙ කතා විතරයි වැඩ තිබුනෙ නෑ. කාටද කතා බැරි? ඕකා වැඩක් විදිහට කලේ හමුදාවට කල් ඉකුත්වුනු බේත් විකුනලා සල්ලි ගරාගෙන නැවු ගත්තු එක විතරයි.

    • dev says:

      parajithage parajitha comment. ayyo paw

  5. ටිටෝ says:

    ජයවේවා. ආණ්ඩුව මාරු උනොත් වෙනස් කරන්න බැරි විදියට ඔය ගිවිසුම් ගහන්න. නැත්තං මොකෙක් හරි බූරුවෙක් අනාගතේදි මිනිස්සු රවට්ටලා චන්ද කොල්ලකාලා ජහපාලනේ වගේ අටමගලක් අටවගෙන ඇවිත් ඕකටත් කෙලිනවා සුවර්

  6. කිරිමල්දෙනිය​ says:

    කැනූන් කියන පුද්ගලික කොම්පැනිය බඩු හදලා spmc ලෝගෝ එක ගහල රජයට බඩු විකුණනවා.
    අඩේ ඩඩ්ලි අයියා අරලිය මල අතඇරලා සතොස ලෝගෝ එකෙන් එම මිලටම රජය හරහා බඩු එව්වා නම් ලාබත් අරගෙන ඔයාට ජාතික වීරයෙක් වෙන්ඩ තිබ්බා..ලොරි ඕනිත් නැ.. ගබඩා ඕනිත් නැ.. අඹරනවා විකුණනවා… ඔයාට සීයයි.. සතොසට සත දහයයි..

    • කොම්පාස් කුහකයා says:

      කිරා කොහෙමද මචෝ ගොඩක් කාලෙකින්. මගේ යාළුවා…

    • Neo says:

      කසිකබල් සමාජවාදියෝ ගල් යුගයේ හිටියට වෙන රටවලනම් කෙලින් පුද්ගලික අන්ශයෙන් හැදුවා ආණ්ඩුවට වික්කා. මේකෙ අඩුම ගානේ SPC එකට 15%ක කොටස් තියෙනවා.

      • කිරිමල්දෙනිය​ says:

        spc එකට තියනවා බම්බුවක්.. තිබ්බ ලොකුම ඕඩරේත් ඉවරයි.

  7. Darshana abayakoon says:

    දැන් කියයි ඉතින් මේවා රාජිත පටන් ගත්ත වැඩ කියලා.

    • LalithM says:

      යහපාලන කාලේ තමයි ඕව පටන් ගත්තේ. මොනව කරන්නද. ජයසුමන සර්ට තාම ඒගොල්ල පටන්ගත්ත පැක්ටරි විවෘත කරන එක විතරයි කරන්න වුනේ. ඒත් මදැයි.

  8. Saleem says:

    අනේ අනේ. ලෝකෙ සිකුරු තරණය කරන්න පටං ගන්නකොටයි අපි සේලයින් හදන්න ඉගෙන ගෙන තියෙන්නේ

    • Neo says:

      උබ දන්නවනම් ඉතින් කලින් හදන්න එපැයි. හිගන්නා වගේ හිටියේ මොකො.

  9. p.d gonawardena says:

    මෙවන් දෑ තව තවත් ඉදිරියට ඇසීමට ලැබේවා….

  10. Hesh says:

    මිනිස්සු මේවා දන්නෙ නෑ. නිව්ස් වල කියන්නේ මිනී මරපුවයි, අලි ගහපුවයි, කඩ කඩපු ඒවයි විතරනේ.

Main News