කොරෝනා මැද ලංකාවේ ආර්ථික වර්ධන වේගය -4% ට වැටේ… ඉන්දියාවේ -10%ට වැටේ..

October 23, 2020 at 4:40 pm | lanka C news
කොරෝනා මැද ලංකාවේ ආර්ථික වර්ධන වේගය -4% ට වැටේ… ඉන්දියාවේ -10%ට වැටේ..

COVID – 19 ගෝලීය වසංගත තත්වයක් යටතේ දකුණු ආසියාවේ වැඩිම ආර්ථික වර්ධන වේගය බංගලාදේශය වාර්තා කර ඇති බවත්, අඩුම ආර්ථික වර්ධන වේගය ඉන්දියාව වාර්තා කොට ඇති බව ජාත්‍යාන්තර මුල්‍ය අරමුදලේ නවතම වාර්තා පවසයි.

චීනයට නොදැවෙනි ආර්ථික  වර්ධනයක් ඉන්දියාවෙන් පසුගිය වසර වල වාර්තා වුවත් වර්තමානයේදී COVID -19  වසංගතයේ බලපෑමත් සමග ඉන්දීය ආර්ථිකය දරුණු පසුබෑමකට ලක්වී ඇත. එය ආර්ථීක වර්ධන වේගය (-10%) ක ඍණ  මට්ටමක් දක්වා පහල ගොස් ඇති බව ජාත්‍යාන්තර මුල්‍ය අරමුදල වාර්තා කරයි.

එසේවුවත්, දකුණු ආසියාවේ COVID – 19 වසංගතය දරුණු ලෙස බලපා ඇති බංගලාදේශය එම තත්වය යටතේ වුවද ඔවුන්ගේ ආර්ථීක වර්ධනය ධනාත්මක ලෙස එනම් 4% ක ආර්ථික වර්ධනයක් වාර්තා කර තිබීම වාර්තාගත විශේෂත්වයකි.

මේ අතර ශ්‍රී ලංකාව ද පසුගිය වසරට වලට සංසන්දනාත්මකව බැලීමේදී (-4%) ක ඍණත්මක ආර්ථික වර්ධන වේගයක් වාර්තා කොට ඇති අතර එය ඉන්දියාව සමඟ සංසන්දනය කිරීමේදී සැලකිය යුතු තත්වයක පවතින බව පැහැදිලිය.

කෙසේ වුවද යහපාලන රජය සමයේ දිගින් දිගටම ශ්‍රී ලංකාවේ ආර්ථිකය මන්දගාමී දුර්වල තත්වයක පැවති අතර ඊට සාපේක්ෂව ඉන්දියාව 8% ක ඉතා හොද ආර්ථීක වර්ධනයක් ඒ කාලය තුළ පවත්වාගෙන ගොස් ඇත.

වර්තමානයේදී ඉන්දියාවේ ආර්ථීක වේගය දරුණූ ලෙස  පසු බෑමකට ලක්වී ඇති අතර  එය ශ්‍රී ලංකාවට වඩා පසු බැසීමක් බවත්, පවතින COVID – 19  ගෝලීය වසංගත තත්වයන් යටතේ වුවද චීන ආර්ථීකය 1% ක ධනාත්මක වර්ධනයක් පවත්වාගෙන යාමට සමත් වී ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.

– repoter

27,270 views

10 Comments to “කොරෝනා මැද ලංකාවේ ආර්ථික වර්ධන වේගය -4% ට වැටේ… ඉන්දියාවේ -10%ට වැටේ..”

  1. බූරු පුතානෝ සජීයා says:

    මොන බොරුවක්ද මේ !, වෙටරන් කබ්රාල් දැනට දවස් කීපයකට ඉස්සර ටී වී ප්‍රෝග්‍රෑම් එකකදී කීව අපේ ආර්ථිකය යහපාලන ආණ්ඩුව කාලෙ තිබුණට (+2.1) වඩා ඉහළ ධනාත්මක අගයක ලු තියෙන්නෙ. මේ අවුරුද්ද අන්තිම වෙනකොට +2.5 විතර වෙයිලූ. චීනය හැර ලෝකයේ අනිකුත් රටවල් ඔක්කොම අපිට වඩා පහළින්ලු තියෙන්නෙ.

  2. chandu says:

    -100 ට වැටුනත් paypal හදන්න ඕන කමක් නෑ

  3. sa says:

    but sri lanka is borrowing from india to keep the rupee up.

  4. ජහ පාලන මුව හමට තඩිබාමු says:

    තමන්ගේ වැරැද්ද නොදැක හැම තිස්සෙම අනිත් එකාගේ පස්ස පැත්තේ තියෙන ගූ පුච්ච දකින එකා කවදාවත් දියුණු වෙන්න දෙයක් කරන්නේ නැහැ. ගැහුවොත් ගහන්නේ ම යටි පූට්ටු ගේමක් තමන්ගේ ගොඩ වැඩි කරගන්න. එහෙම නැත්තන් වෙන එකෙක්ගේ බෙල්ල කපන්න. රට ගැන ආදරයක් තියනවා කියලා රැවටිච්ච මිනිස්සු ගැන හරි දුකයි.

  5. Hudson says:

    muspenthuwa aapu dawase indan, lankawata kelewenawa.

  6. Rohan says:

    දැන් ඉතින් 20 තියෙන එකේ ඕක +8% කොරෝන එක කජ්ජක් ne.

    Hiks Hiks!!!😁😂

  7. sathya says:

    ඉන්දියාවේ අපිට වඩා අඩුවෙලා කියල හිත හදාගමු

  8. Rakitha says:

    Pahugiya awurdu 4 digatama adu wela darunu arthika pasubamakata lak wela me awurudde Corona ekka arthikaya goda ganna eka lesi naha. 2014 ta issella giya economic growth eka giyanam me awurudde corona walin loku awulak wenne naha. Rate wasanawata giya anduwa nathi une. Nathnam arthika wardhanaya indiawatath wada adu wei.

  9. අල්ලා says:

    20යි 20 දිනුම්…!
    US ඩොලර් (මයික්) පොම්පෙ එනවා..
    ඊලඟට MCC එකේ අහිතකර 30% අයින් කරන ඉල්ලීම⁣ට කන්ඩායම සූදානම්ද? ටික දවසකින් ස’ගෙ හැඟුම් බර කතාව අහලා කන්ඩායම MCC එකටත් අනුමැතිය දෙයිද..?

  10. kumara aiya says:

    කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් වූ ‘ව්‍යාපාර පුනර්ජීවනය සහ රටේ ආර්ථිකය යළි ගොඩනැංවීම’ සඳහා රජය සමග එක්ව ශ්‍රී ලංකා මහ බැංකුව එය ක්‍රියාත්මක කරනු ලබන ණය යෝජනා ක්‍රමය “සෞභාග්‍යා COVID19 පුනරුද සහන” ප්‍රතිමූල්‍ය පහසුකම ලෙස නම් කර තිබේ.

    එහි දෙවන අදියර යටතේ රුපියල් බිලියන 120ක් 1%ක වාර්ෂික පොලී අනුපාතිකයක් යටතේ වාණිජ බැංකු වෙත ලබාදීමට නියමිත බව ද මහ බැංකුව නිවේදනය කළේ ය.

    කෙසේනමුත්, මෙම ආර්ථික පසුබැසීමෙන් මිදීමට නම් රටට ලැබෙන ණය මුදල් ඵලදායී ලෙස ආර්ථිකයට යොදාගෙන එයින් වැඩි මුදල් ප්‍රමාණයක් උපයා ගැනීම සිදු කළ යුතු ය.

Main News