කොරෝනා මැද විදෙස්ගත ශ්‍රමිකයන් 12,000කට ආසන්න පිරිසක් දිවයිනට…

June 21, 2020 at 5:30 pm | lanka C news
කොරෝනා මැද විදෙස්ගත ශ්‍රමිකයන් 12,000කට ආසන්න පිරිසක් දිවයිනට…

විදෙස්ගත ශ්‍රමිකයන් 12,000කට ආසන්න පිරිසක් අද (21) වන විට දිවයිනට පැමිණ ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

පසුගිය සෙනසුරාදා ( 20 ) පමණක් විදෙස්ගත ශ්‍රමිකයන් 410 දෙනෙකු කටුනායක ගුවන්තොටුපලෙන් දිවයිනට පැමිණ තිබේ. ගුවන්යානා 5 කින් මෙම 410 දෙනා දිවයිනට පැමිණි බව ඇමතිවරයා සදහන් කරයි.

මේ වනවිට රටවල් 21කින් විදෙස්ගත ශ්‍රමිකයන් දිවයිනට ගෙන්වාගෙන ඇති අතර ඔවුන් සිදයළුදෙනා නිරෝධායන සඳහා යොමුකර ඇත. ගුවන්තොටුපොල තුළ පී.සී.ආර් පරීක්ෂණ ආරම්භ කිරිමේන් අනතුරුව එලෙස පී.සී.ආර් පරීක්ෂණ වලට ලක් වූ ගුවන් මගීන් පිරිස 2000කට අධිකය.

අද දිනය තුළ මාලදිවයින සිට ශ්‍රී ලාංකිකයන් 255ක් හා ඕස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලාංකිකයන් 50 දෙනෙකුද දිවයිනට පැමිණි බව පැවසූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා ජූලි මාසය අවසන් වීමට පෙර  විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් සියලුදෙනා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට රජය  අපේක්ෂා  කරන බවද කීවේය.

– ප්‍රදීප් අනුර කුමාර

19,118 Viewers

10 Comments to “කොරෝනා මැද විදෙස්ගත ශ්‍රමිකයන් 12,000කට ආසන්න පිරිසක් දිවයිනට…”

  1. AK47 says:

    පවු කියල හිතුන බන්, සවුදි අරාබියේ අපේ අම්මල, අක්කල වගේ ගෑනු ගෙවල් වලින් එලියට දාල, ඒ මදිවට එම්බසියෙනුත් එලියට දාල, කන්න නැතුව පාරෙ ඉදන් අඩනවා.
    කට්ට අවුවේ බෑග් මලු අතේ තියන් නන්නත්තාර වෙලා වේලෙනවා. පුළුවන් දෙයක් කරපියවූ.

  2. ඉත්තෑවා says:

    මෙච්චර මිනිස්සු රට ගියේ ලංකාවේ රස්සා නැති නැති නිසා.
    රස්සා නැති වුනේ ජෙප්පො කර්මාන්ත ශාලා ගිනි තියලා ව්‍යාපාරිකයින් මරපු නිසා.

    • Mangala says:

      ගිනි තියන ගමන් එ්වායින් හොරා කාපු සල්ලිත් නායක ජෙප්පො ගාව.පොඩි උන් අනේ කියලා කැට හොල්ලනවා බස් වල.ලොක්කො අයර්ලන්තෙ ගෙවල් ගහනවා.නාරාහේන්පිට තට්ටු පහේ බිල්ඩින් ගහනවා

  3. sunimal says:

    අපේ හෙළයන් මින් ඉදිරියට මැදපෙරදිග වහල් සේවයට නොයවන්න

    • Crazy says:

      Absolutely. Let’s revive local industries to create more jobs at the same time put down our own ego to get ready to any jobs to support economy. All occupations are equal.

  4. kavirathna says:

    පත සයිස් අනකොන්ඩාවෙක් ගම්පහ ඉන්නවලු

  5. කටින් බතල කොළ හිටවමු says:

    මේක විශ්වාස කරන්න අමාරුයි. ඔක්කොම ගත්තොත් ඒ ගාන හරි. හැබැයි තාමත් අපේ රටට සල්ලි ගෙනඅපු ඒ රටවිරුවන් ගෙන් 60% ට වැඩිය තාම එන්න විදියක් නැතුව ඒ රටවල් වල කන්න බොන්නත් නැතුව අපා දුක් විඳිනවා. මේ ආණ්ඩුව හරියටම කරන්නේ මිඩියා ෂෝ තියන එක විතරයි. කිසි වැඩක් කිසිම සම්බන්ධීකරණ යක් නැහැ.

  6. RH says:

    Please give priority to Middle East workers

  7. RH says:

    Please give priority to Middle East workers not to Australians.

  8. Felix says:

    These figures are manipulating people. Give us the details of 12000 from the Middle East and other countries showing the proportionate of total populations working in the same. For example, they count 100 brought from the Philippines, and actually total working was 100 (that means they 100% from Philippine). They brought 276 from Qatar. From that total, you have to deduct pregnant women, visit visa stranded, inmates from Qatar prison, etc and actual figure so far is less than 200 against the population working 140,000. Nearly 4,000 workers are waiting to come (so not only 5% of the total of those who want to come). There is no plan for bringing the Middle East worked and they are happy to keep them as slaves. You have more than Rs 1.0 billion for the COVID-19 fund and collected money by Foreign Bureau. Spend this fund to facilitate the requirements to bring them.There should be an end of manipulating and misleading the nation.