කොරෝනා මැද හෙද වර්ජනයකට සූදානම්.. අවසන් පැය කිහිපය දෙයි..

October 28, 2020 at 3:13 am | lanka C news
කොරෝනා මැද හෙද වර්ජනයකට සූදානම්.. අවසන් පැය කිහිපය දෙයි..

රජයේ රෝහල්වල හෙද සේවයෙහි යෙදී සිටින සේවක සේවිකාවන්ගේ ප්‍රශ්න සදහා විසදුමක් ලබා නොදුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට යුතු කරන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සඳහන් කරයි.

එහි සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරන්නේ මෙම සේවක සේවිකාවන්ගේ නවාතැන් ප්‍රශ්නය, ආහාර ප්‍රශ්නය හා ගමනාගමන ප්‍රශ්නය සදහා ඉදිරි පැය 48 ඇතුලත ආණ්ඩුවෙන් පැහැදිලි විසඳුමක් ලබා දිය යුතු බවයි.

එසේ නොකළ හොත් මෙම වෘත්තිය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ද උන්වහන්සේ කියා සිටියහ.

කොරෝනා වෛරස තත්ත්වය නිසා රෝහල් වල සේවයේ නියුතු හෙද සේවක සේවිකාවන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බව ද උන්වහන්සේ පැවසූහ.

53,726 views

41 Comments to “කොරෝනා මැද හෙද වර්ජනයකට සූදානම්.. අවසන් පැය කිහිපය දෙයි..”

  1. On The Spot says:

    රටක් අපහසුතාවයට පත්ව ඇති මොහොතක හිමි නමක් ලෙස සසුනට නිගා නොකල යුතුය යන්න අපේ මතයයි.උන් වහන්සේ කා වෙනුවෙන් පෙනී සිටින්නේද යන්න ප්‍රශ්ණයකි. මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන්ට රාජිතගේ අවතාරය ආවේශ වී ඇත්දැයි සොයා බැලිය යුතුය​.

  2. Loin 699 says:

    මෙ නම් අත්‍යාවශ්‍ය ඉල්ලිම් ටිකක් කියලා මට හිතේනවා මෙ ඉල්ලිම් දිමට සුදුසුය් එත් අහාර ගැන ගැටලුවක් තියෙනව කොවිඩ් නිසා පිසු අහර දිම ගැටලුව

Main News