කොරෝනා මැද LPL ගැහුවාට කොරෝනා පැතිරෙන්නෙ නෑ..- වසංගත රෝග අංශ ප‍්‍රධානී..

November 8, 2020 at 12:02 am | lanka C news
කොරෝනා මැද LPL ගැහුවාට කොරෝනා පැතිරෙන්නෙ නෑ..- වසංගත රෝග අංශ ප‍්‍රධානී..

ශ්‍රී ලංකාවේ ප‍්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමෙන් මෙරටට කොරෝනා වෛරසය පැතිර යාමේ අවධානමක් නැතැයි වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

ෙමම තරග වලට සහභාගී ක්‍රීඩකයන් නිරන්තරයෙන් කොරෝනා පරීක්ෂණවලට ලක්කරක බවත්, ඔවුන් අන් අය සමඟ මිශ්‍ර නොවන බවත්, සීමිත කාලයක් නිරෝධායනයට ලක් කරන බවත් ඔහු පැවසීය.

සහභාගී වන කිසිදු ක්‍රීඩකයකු ජනතාව සමග ගැටෙන ආකාරයට ඇති නොවන බවද ඔහු සදහන් කලේය.

එමගින් නැවතත් රටට කොරෝනා වෛරසය පැමිණීම වළක්වන ආකාරය ගැන නිරන්තර සාකච්ඡා පවත්වන බවද ඒ මහතා කීය.

මෙම ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා පිටියට ගොස් නැරඹීම සඳහා පේ‍්‍රක්‍ෂකයන්ට අවස්ථාව නොලැබෙන බවත් ඔවුනට නිවසේ සිට රූපවාහිනිය මගින් තරගාවලිය නැරඹිය හැකි බවත් ඒ මහතා තව දුරටත් සඳහන් කළේය.

මෙම තරගාවලිය මෙම මාස අවසානයේදී සූරියවැව ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

16,932 views

6 Comments to “කොරෝනා මැද LPL ගැහුවාට කොරෝනා පැතිරෙන්නෙ නෑ..- වසංගත රෝග අංශ ප‍්‍රධානී..”

  1. ක්‍රිමිනල් says:

    බෛයන්ගේ මෝඩ පාණ්ඩුවේ ආතල් කෝටීයයි…😂😂😂😂😂😂😂

  2. sumudhu says:

    ප්‍රේමදාස කාලේ මැච් එකක් දාලා මිනිසුන්ගේ ප්‍රශ්න යට ගහපු හැටි මතක් වෙනවා. දැන් කාලේ බේබිලා ඉතිං මැච් බල බල වයින් බොනවා .

  3. කැලේ නරියා says:

    රජවාසල ගිරවෙක් තමා මේ. අපරාදේ මහජන මුදල් පඩි ගෙව ගෙවා නඩත්තු කරන්න. පබා නෝනා හිටියනං මෙහෙම නටන්න වෙන්නේ නැහැ.

  4. 🤣🤣🤣😄😄😄 says:

    සිරිලක වෙසෙන්නන්ට කොරෝනා විහිලුවකි
    LPL ගැහුවට මරුවා කොරෝනාවම බෝලයකි
    ඔට්ටු අල්ලලා LPL කවුරු දිනුවත් රට මාරයකි
    මරුවා සමඟ වාසය විඳවන මුන්ට අද විහිලුවකි

  5. නාරද says:

    හරිහටම හරි කොරෝනා පතිරීම වලක්වා ලීමට මෙම තරග උපකාරී වේවි. හැමෝම වැඩ නවත්තලා රූපවාහිනිය ඉස්සරහට වෙලා ඉදීවි පිස්සෝ වාග‌ේ

  6. saman says:

    ඒත් Chartered institute කියනව එයලා exam තිබ්බොත් coivd 19 පැතිරෙනවලු. is this true????

Main News