කොරෝනා මුළුමනින්ම පාලනය කලා..- රටටම සුබ පණිවුඩය සෞඛ්‍ය ප‍්‍රධානී ගෙනේ..

May 9, 2020 at 9:20 am | lanka C news
කොරෝනා මුළුමනින්ම පාලනය කලා..- රටටම සුබ පණිවුඩය සෞඛ්‍ය ප‍්‍රධානී ගෙනේ..

කොරෝනා වෛරසය මෙරට ප්‍රජාව අතර පැතිර යා නොදී මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ පාලනය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

සදුදා දින වන විට රජයේ හා පෞද්ගලික ආයතනවල කටයුතු ආරම්භ කිරීමට රජය විසින් ගෙන තිබෙන තීරණය අනුව මේ වන විටත් සෞඛ්‍ය බලධාරීන් විසින් සෞඛ්‍ය මාර්ගෝපදේශන පොදු මහජනතාවට ලබා දී ඇති බවද ඔහු පැවසීය.

එම උපදේශ නිසි පරිදි පිළිපදින්නේ නම් වෛරසයෙන් ආරක්ෂා වීමට හැකි වනු ඇති බවද ඔහු සඳහන් කළේය.

දිගින් දිගටම රටේ එදිනෙදා කටයුතු නවතා දමා ඉදිරියට යා නොහැකි නිසා ක්‍රම ක්‍රමයෙන් එදිනෙදා කටයුතු ආරම්භ කළ යුතු බවත් ඔහු පැවසුවේය.

එනිසා කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වෙමින් රටේ සාමාන්‍ය කටයුතු ආරම්භ කළ හැකි බවත් එහිදී සියලුම ජනතාවට තම තමන්ගේ වගකීම් නොපිරිහෙළා ඉටු කළ යුතු බවද ඔහු අවධාරණය කලේය.

296 views

34 Comments to “කොරෝනා මුළුමනින්ම පාලනය කලා..- රටටම සුබ පණිවුඩය සෞඛ්‍ය ප‍්‍රධානී ගෙනේ..”

  1. රට වැසිය says:

    ආඩම්බරයි Sri Lanka ❤️

  2. Ravana Parapura says:

    හෙළයන් යනු ලෝකයේම විශිෂ්ට ජාතියයි..

    “ආදි අපේ මුතු මිත්තෝ ඉරෙන් හඳෙන් වැඩ ගත්තෝ” අය බව අමතක නොකළ යුතුය

  3. Ravana Parapura says:

    හෙළයන්ගේ දක්ෂ කම් දැන් ලෝකයටම වැටහිලා තව යමු ඉදිරියට ජය ශ්‍රී

  4. ffgg says:

    so we can hold the election. but do not remove the curfew

  5. Dan says:

    Great Job …But How We can trust ..Can You guarantee no infectious personal roaming in public ?

Main News