කොරෝනා මුළුමනින්ම පාලනය කලා..- රටටම සුබ පණිවුඩය සෞඛ්‍ය ප‍්‍රධානී ගෙනේ..

May 9, 2020 at 9:20 am | lanka C news
කොරෝනා මුළුමනින්ම පාලනය කලා..- රටටම සුබ පණිවුඩය සෞඛ්‍ය ප‍්‍රධානී ගෙනේ..

කොරෝනා වෛරසය මෙරට ප්‍රජාව අතර පැතිර යා නොදී මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ පාලනය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

සදුදා දින වන විට රජයේ හා පෞද්ගලික ආයතනවල කටයුතු ආරම්භ කිරීමට රජය විසින් ගෙන තිබෙන තීරණය අනුව මේ වන විටත් සෞඛ්‍ය බලධාරීන් විසින් සෞඛ්‍ය මාර්ගෝපදේශන පොදු මහජනතාවට ලබා දී ඇති බවද ඔහු පැවසීය.

එම උපදේශ නිසි පරිදි පිළිපදින්නේ නම් වෛරසයෙන් ආරක්ෂා වීමට හැකි වනු ඇති බවද ඔහු සඳහන් කළේය.

දිගින් දිගටම රටේ එදිනෙදා කටයුතු නවතා දමා ඉදිරියට යා නොහැකි නිසා ක්‍රම ක්‍රමයෙන් එදිනෙදා කටයුතු ආරම්භ කළ යුතු බවත් ඔහු පැවසුවේය.

එනිසා කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වෙමින් රටේ සාමාන්‍ය කටයුතු ආරම්භ කළ හැකි බවත් එහිදී සියලුම ජනතාවට තම තමන්ගේ වගකීම් නොපිරිහෙළා ඉටු කළ යුතු බවද ඔහු අවධාරණය කලේය.

362 views

34 Comments to “කොරෝනා මුළුමනින්ම පාලනය කලා..- රටටම සුබ පණිවුඩය සෞඛ්‍ය ප‍්‍රධානී ගෙනේ..”

  1. The PEOPLE says:

    A great job.

    • Lanka says:

      Oyaa kiyana deyak thama ithin….aththanam hodayi….mee suba paniwidaya dan ki parak aawada…..
      Pawithra akkata subha paniwida deela epawelamada manda kisi saddayak naththe

  2. මෙයට සම්මාදම් වූ සියලුම දෙනාට තෙරුවන් සරණයි.

  3. හැලීගේ චූම කේචුව says:

    ඉදිරි සතිය අවදානම්- ගොමා

  4. බන්ඩා says:

    අය්යෝ එහෙම කරන්න එපා! ගොමා ල අතරමං වෙනවනෙ.

  5. niroshan says:

    කොරෝනා හැංගි මුත්තම් කලාට. මාධ්‍යයෙන් වසංකලාට ජනතාවට බොරු බැහැ.

    • ටොයිය says:

      උබ දන්න ඇත්ත අපිටත් කියන්නකො අනේ.උබල හරි අකමැතියි නේ කොරෝනා ලංකාවේ නැතිවෙනවට නේද?

  6. MODAYA says:

    ඕකටත් කූහකයො මොකක් හරි ගොන් අදහසක් දෙයි නැත්තං උන්ට මොකක්ද වගේනෙ

  7. Atta says:

    ඇත්තනම් හොදයි , සතුටුයි. එත් ඔයාලගේ දේශපාලන අරමුණු (ආණ්ඩු විපක්ෂ දෙකම) ඉටු කර ගත්තට පස්සේ පස්සේ කියන්න එපා ජනතාවගේ වැරැද්ද නිසා අයේ පැතිරුනා කියල.

    • kawinda says:

      Before 14th of May 2020 the Covid 19 will be under controlled. Please comply with the instructions given by the medical authorities to get rid of the calamity from our society.

      • Atta says:

        Before 14th of May 2020 the Covid 19 will be under control. Ok Mr. Expert.

        No wonder about your comments, I once knew a person with the same name, and he was like you, full of idiot thoughts

  8. සයුමි says:

    බම්බුව තමා..පම්පෝරි විතරයි..කඩේ යන්නේ නැතුව වැඩේ කරන්න.

    • ජෙප්පා says:

      වැඩේ කරපු හින්ද තමයි කියල තියෙන්නෙ.සුමන උබ හෙන ආසයි නේ ලෙඩ්ඩු වැඩි වෙලා මිනිස්සු මැරෙනවනම්.

  9. නෙවිල් says:

    යුඑන්පි ජෙවිපියට නම් කොරෝනා වසංගතය ලංකාවෙ හැම තැනම ..දාස් ගානක් මැරෙනව..ඒ හින්ද චන්දෙ බෑ

  10. Rana says:

    කොරොනාව පාලනය කිරීමට නිල නිවේදනයක් නිකුත් කිරීමට තව මාස දෙකක් වත් යයි දැනට රටවල් 4 යි 5 යි මුලුමනින්ම පාලනය කර ඇත්තේ

    • රට වැසිය says:

      ඒ රටවල් 4,5 අතර ලංකාවත් තියනෝ.සතුටු වෙන්න ඒ ගැන.

      • Ranasinghe says:

        ඇත්තෙම්ම මා සතුටුවෙනවා ඒ වුනාට නිල පිල ගැනීම ලැබෙන්නේ සියලු රෝගින් සුව වූ පසු, නව ආසාදනයන් රහිත වූ නිසා නොවේ

Main News