කොරෝනා මුළුමනින්ම පාලනය කලා..- රටටම සුබ පණිවුඩය සෞඛ්‍ය ප‍්‍රධානී ගෙනේ..

May 9, 2020 at 9:20 am | lanka C news
කොරෝනා මුළුමනින්ම පාලනය කලා..- රටටම සුබ පණිවුඩය සෞඛ්‍ය ප‍්‍රධානී ගෙනේ..

කොරෝනා වෛරසය මෙරට ප්‍රජාව අතර පැතිර යා නොදී මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ පාලනය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

සදුදා දින වන විට රජයේ හා පෞද්ගලික ආයතනවල කටයුතු ආරම්භ කිරීමට රජය විසින් ගෙන තිබෙන තීරණය අනුව මේ වන විටත් සෞඛ්‍ය බලධාරීන් විසින් සෞඛ්‍ය මාර්ගෝපදේශන පොදු මහජනතාවට ලබා දී ඇති බවද ඔහු පැවසීය.

එම උපදේශ නිසි පරිදි පිළිපදින්නේ නම් වෛරසයෙන් ආරක්ෂා වීමට හැකි වනු ඇති බවද ඔහු සඳහන් කළේය.

දිගින් දිගටම රටේ එදිනෙදා කටයුතු නවතා දමා ඉදිරියට යා නොහැකි නිසා ක්‍රම ක්‍රමයෙන් එදිනෙදා කටයුතු ආරම්භ කළ යුතු බවත් ඔහු පැවසුවේය.

එනිසා කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වෙමින් රටේ සාමාන්‍ය කටයුතු ආරම්භ කළ හැකි බවත් එහිදී සියලුම ජනතාවට තම තමන්ගේ වගකීම් නොපිරිහෙළා ඉටු කළ යුතු බවද ඔහු අවධාරණය කලේය.

330 views

34 Comments to “කොරෝනා මුළුමනින්ම පාලනය කලා..- රටටම සුබ පණිවුඩය සෞඛ්‍ය ප‍්‍රධානී ගෙනේ..”

  1. Hassa says:

    මේ එක එකාට බැනල වැඩක් නෑ. පාරට බැහැල යන හැම එකාම දැනගන්න ඕන ගොන් හරක් වගේ හැසිරෙන්නෙ නැතුව තමන්ගෙ වගකීම ඉටු කරන්න. එහෙම නැතුව මේ රජයට වත් සෞඛ්‍ය අංශ වලට වත් ආරක්ෂක අංශ වලට වත් තනියෙන් මෙක කරන්න බැ. ඔය එක එක තැන්වල පණ්ඩිත talk දෙන උන් තමා sure කරන්න බැරි. ලෙඩ හංගා හංගා ඉඳල ආණ්ඩුව ට බැනලා වැඩක් නැ බුරු හැත්ත.

  2. Hassa says:

    මේ එක එකාට බැනල වැඩක් නෑ. පාරට බැහැල යන හැම එකාම දැනගන්න ඕන ගොන් හරක් වගේ හැසිරෙන්නෙ නැතුව තමන්ගෙ වගකීම ඉටු කරන්න. එහෙම නැතුව මේ රජයට වත් සෞඛ්‍ය අංශ වලට වත් ආරක්ෂක අංශ වලට වත් තනියෙන් මෙක කරන්න බැ. ඔය එක එක තැන්වල පණ්ඩිත talk දෙන උන් තමා sure කරන්න බැරි. ලෙඩ හංගා හංගා ඉඳල ආණ්ඩුව ට බැනලා වැඩක් නැ බුරු හැත්ත.

  3. Aurora says:

    ජනධිපතිතුමා ඉඳල ඔබ සියළුදෙනාම ඉමහත් වෙහෙසක් දරා සිදුකරනලද මෙම මහා ජාතික මෙහෙවර පිළිබඳව මුළු රටම ඔබ තුමන්ලාට ස්තුති කරනවා. ඒ සමඟම සැලකිලිමත් වියයුතු කරුණ තමයි ලෝකේ වෙන රටවලට වඩා මේ රටේ තිබුනේ දැවැන්ත අභියෝගයක් විත්තිය. මොකද රජයේ සියලුම වැඩපිළිවෙලවල් විවේචනය කරමින් ඒවාට අනුකුලව ක්‍රියාකරණ ජනතාව තුල සැකසහිත චින්තන රටා මවන්න විරුද්ධ බලවේග ක්‍රියා කරපු බව අමතක කරන්න බැහැ. නමුත් අති බහුතරයක් ජනාධිපතිතුමා පිළිබඳව තිබුණ විශ්වාසය නිසා සෞඛ්‍ය අමාත්‍යංශයේ මඟ පෙන්වීම් අනුව තත්වය හොඳින් දරාගත්තා. ඇත්ත වශයෙන්ම ඒ බුද්ධිමත් දේශප්‍රේමී ජනතාවටත් බොහොමත් ස්තුතියි. ඒ අනුව දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන් සියලුදෙනාම මේ සටනේ අභිමානවත් ජයග්‍රාහකයෝ

  4. සරා says:

    එතකොට මේ රටේ මළමිණී ගොඩ ගැහෙනකම් බලන් හිටිය උදවියට මොකද වෙන්නේ?ඔබතුමාලා ඒ අය ගැන හිතන්නේම නැද්ද?

  5. නහයෙන් අඩන්නේ නැතුව සුභ වාදී වෙයල්ලා. ලෙඩ සුව වෙන්නේ එතකොටයි.

  6. desta says:

    palanaya kala kiyala dagalanna epa kata wahagena innawa oi ohomakiyala heta kiyai tawa10k hoyagattha kiyala aduma 100witara wena kam innawa

  7. Good News and Thank you President Gotabaya……………. However

    Please combine Traditional Local Medicine system with the Western medical system.

    Corona – Only 3 days.

    Dengue – Less than 1 day.

    Only Western – Send our money to Foreign Countries……….

    Combine – Earn Money to Sri Lanka…………………..

  8. උපාසක says:

    වසංගතේ වැබිවෙලා මිනිස්සු මැරෙනවට කැමති කාලකන්නිත් ඉන්නවා කියලා පේනවා.

  9. Chinthana says:

    Every one should follow the guidance given by the Ministry of health. But there are people who cannot understand & misunderstand & against people & Angry people living in the society. That should be control & strict rules must be applied against them by the government.

  10. Sithuvili says:

    තත්වය පාලනය කරගැනීම සදහා රජය මෙන්ම, තමගේත් තම පවුල්වල සාමාජිකයන්ගේත් ජීවිත පවා අවධානයේ තිබියදී දිවා රෑ ඇප කැප වූ සියළු දෙනාටත්, වගකීමෙන් ක්‍රියාකල රටවැසියන්ටත් අප සැමගේ ගෞරව ප්‍රණාමය හිමි විය යුතුයි! එමෙන් ම මෙම මාහැගි උත්සාහයේ ප්‍රතිපල අපතේ යවන රජයේ මෙන් ම විපක්ෂයේ බලලෝභී දේශපාලන තීරණ අපි පිලිකුලෙන් ප්‍රතික්ශේප කරමු. හෙට දවසේ යලි නැගී සිටින්න ට අපේ සිත් සවිමත් කර ගනිමු!

Main News