කොරෝනා මෘතදේහවලට මිනී පෙට්ටි නොමිලේ දෙන සංවිධානයට තර්ජන… ආදාහනයට විරුද්ද පිරිස්ගෙන්ලු..

December 2, 2020 at 10:00 am | lanka C news
කොරෝනා මෘතදේහවලට මිනී පෙට්ටි නොමිලේ දෙන සංවිධානයට තර්ජන… ආදාහනයට විරුද්ද පිරිස්ගෙන්ලු..

කොරෝනා ආසාදනයෙන් මියයන පුද්ගලයන්ගේ මෘත දේහයන් සඳහා මිනී පෙට්ටි නොමිලේ පිරිනැමීම සඳහා කටයුතු කරන තම පදනමට තර්ජන හා බලපෑම් එල්ල කරන බව සිහාරා ජනාසා අවමංගල පදනමේ සභාපති වරයා විසින් පොලිසියට පැමිණිලි කර ඇත.

ඔහු පෙන්වා දී ඇත්තේ කොරෝනා ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන් ගේ මෘත දේහ ආදාහනය කිරීමට විරෝධය පළ කරන කණ්ඩායමක් මෙසේ තමනට තර්ජණය කළ බවයි.

තමන් විසින් නොමිලේ මිනීපෙට්ටි පිරිනමන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිර්දේශ මත බවත් සමාජ සත්කාරයක් ලෙස මෙය සිදුකරන බවත් එහි සභාපති එස්.එච්.එම්. රිස්වාන් මහතා පැවසීය.

දැනටමත් තම පදනම විසින් මිනී පෙට්ටි 24ක් පරිත්‍යාග කර ඇති බවත් මෙම සමාජ සත්කාරය මුස්ලිම් ජනතාවට පමණක් සීමා වී නැති බවත් ඔහු තව දුරටත් සඳහන් කළේය.

33,077 views

6 Comments to “කොරෝනා මෘතදේහවලට මිනී පෙට්ටි නොමිලේ දෙන සංවිධානයට තර්ජන… ආදාහනයට විරුද්ද පිරිස්ගෙන්ලු..”

  1. ක්‍රිමිනල් says:

    ගස් ටිකට බඩු හරි වගේ.

  2. nizar says:

    මෙක අලුත් වෛරසයක් (කලින් එවා පරණ). තවම වෛරසයෙ නිස්චිත ස්වරූපය සොයාගෙන නහැ. අපට වැදගත් වන්නෙ ජීවත් වන අය ආරක්‍ෂා කිරීමය්. වෛරසය වතුරෙ බෝවෙනවා වගේම ගිණිතියලා පිට වෙන දුම හා අළු පරිසරයට එකතුවීම තුලින් භයානක රෝග අති වි සියල්ල විනාශවිය හැකි බව අනාගතයෙ සොයගන්න පුළුවන. එ නිසා වල දාමු

  3. M.M. Hanif says:

    We got to find these fundementalist in our Muslim community. We need our brothers come forward with information about those who intimidate traditional Muslims on various issues.

  4. ක්‍රිමිනල් says:

    හිගන පාණ්ඩුවට කරන්න බැරිදේවල් සමාජයේ යම් යම් පුද්ගලයන් ,සංවිධාන වගේ දේවල් වලින් හරි ඉටු වෙනවනං හොදයි . එකටත් මුන් විදේශීය කුමණ්ත්‍රන කියයිද දන්නෑ.

    • 2015 මීහරකා says:

      අපි හිටියනං මේ රට මෙලහට කොරෝනාත් ඉවර කරල, සුලි කුනාටුවත් අෑෑතටම තල්ලු කරල, අැමෙරිකාවටත් බැරි තරමට මාර ගේමක් දීල.
      🐮

Main News