කොරෝනා මෘතදේහවලට Zoom ඔස්සේ පාංශකූල දෙන්න වැඩපිලිවෙලක්..

August 19, 2021 at 2:11 am | lanka C news
කොරෝනා මෘතදේහවලට Zoom ඔස්සේ පාංශකූල දෙන්න වැඩපිලිවෙලක්..

හෙල බොදු සවිය සංවිධානය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

කොවිඩ් මරණ සදහා පංශු කුල දෙන්න අපි සුදානම්

කොවිඩ් 19 මරණ දිනෙන් දින වැඩි වෙමින් ඇත.බෞද්ධ ජනතාව තම මිය ගිය ඥාතියට පාංශු කූලයකවත් ලබා දීමට නොහැකිව විශාල ලෙස අපහසුතායට පත් වී ඇත. එබැවින් Zoom තාක්ෂණය ඔස්සේ හෝ එළිමහන් ස්ථානයක පාංශු කුල කටයුතු කිරිමට අප සුදානම්ය.

ඒ සදහා කිසිම ප්‍රත්‍ය පහසුකමක් අප බලාපොරොත්තු නොවෙමු. විශේෂයෙන් පාංශු කුල ලබාදිමට තම මිය ගිය ඥාතියාගේ දේහය අවශ්‍ය නැත.

එම නිසා අපට හුදකලා ප්‍රදේශයක සියලුම සෞඛ්‍ය නීති රීතිවලට අනුකූලව පාංශු කුල කටයුතු සිදු කළ හැකිය.

තවද සත්දින (7) මතක ධර්ම දේශනය ද Zoom තාක්ෂණය හරහා සිදු කළ හැකිය.

එබැවින් අප සංවිධානය මෙම සංවේදි අවස්ථාවේ දි ඔබගේ දුක සංවේගය තුනි කිරිමට අප මැදිහත් විමට බලාපොරොත්තු වෙමු.

ඒ සදහා පහත සදහන් දුරකතන අංකයට සම්බන්ධ කරගන්න.

පුජ්‍ය බුදුගල ජිනවංස හිමි 0718124505
පුජ්‍ය පස්සරමුල්ලේ දයාවංස හිමි 0718012049
Whatsapp No. 0773071950 (පුජ්‍ය බුදුගල ජිනවංස හිමි)

තෙරුවන් සරණයි
සසුන්ලැදි

බුදුගල ජිනවංස හිමි
සභාපති

15,144 views

14 Comments to “කොරෝනා මෘතදේහවලට Zoom ඔස්සේ පාංශකූල දෙන්න වැඩපිලිවෙලක්..”

  1. බන්ඩා says:

    ජනතාව කොරෝනාවේ භයානක කම තේරැම් ගෙන තම තමන් උපරිමයෙන් පර්ස්සන් විය යුතුය්. එගේ immegrate ෆැමිලි දහයෙ කාටවත් කොරෝනා නැහැ.

  2. කුඩාබණ්ඩා says:

    මලාට පස්සෙවත් නිදහසේ ඉන්ඩ දෙන්ට

    • ලොකු බණ්ඩා says:

      මුන් zoom එකෙන් හරි මංකොල්ලෙ කනවම තමා…
      තක්කඩි ගණයනි… කොරෝනාවෙන් මැරෙන මිනිස්සුන්ගේ ඥාතීන්ව සූරා කන්න එපා…

  3. ගමේ සාධුට බඩේ පාර says:

    කිසිම කෙනෙක් නිකම් දෙයක් කරන්නෙ නෑ.. අඩු ගානේ ඩේටා කාඩ් හෝ මේ අය බලපොරොත්තු වෙනවා.

  4. සවි අරික්කාල says:

    හොර ගණයන්ට තවත් ඉල්ලමක්.

  5. සවාධීන says:

    මැරිච්ච ඵකාට WhatsApp තියද?

  6. Manodaya says:

    අපේ දායිකාවක් මිය ගොස් සෞඛ්‍ය අංශයෙන් පිට පලාතකට ගෙනගොස් ආදාහන කළා. හත් දින දානය වෙනුවට බුද්ධ පූජාව තබා මතක වස්ත්‍ර පූජා කර පිං දුන්න. ඒ ඇති. හේතුව එම පිංවතා ජීවතුන් අතර සිටියදී පිං කරගත්ත. ඒ නිසා ඔය පාංශු කූල අද වැනි දියුණු කාලයක අවශ්‍යද? බුදුන් පටාචාරාවට කිව්වද තම සැමියාට, ගගේ වැටුන දරුවට, රාජාලියා ගෙන ගිය කිරි දරුවාට පාංසකූලය දෙන්න? අද ධර්මය වෙනුවට බොරුවැඩටයි තැන. පාංශුකූල නොව ආදාහනයෙන් පසු යමෙකුට – හිගන්නේකුට හෝ යමක් දී පිං දෙන්න. ඒ හොදටම ඇති. ඉන්නකාලේ පව් නොකර මිනිස්සු අමාරුවේ නොදා පිනක් ගරගන්න එකනම් හොද බව මේ කාලයේ කොරෝනාවෙන් උගන්වා ඇත. නිවන් සුව

    • වැදි බණ says:

      ඔබ නිවැරැදියි… ✌️👍

      • Sahitha says:

        එම අදහස ඉතා අගනේය.ජීවත්ව සිටියදී එම පුද්ගලයා කල කුසල්,අකුසල් ඉන්පසු භවයට රැගෙන යනු ඇත.අතිරේක බෝනස් පින් අවශ්‍ය නොවේ.පාංශුකූලය යනු aditonal bonus එකකි.දුගී පුද්ගලයකුට ආහාර වේලක් දී පින්පෙත් දීම ඉතා ගෝචර බව මගේද හැඟීමයි.

    • හොර හාමුදුරුවන් සෙට් එක says:

      ඉතාම නිවැරදි ලෙස තේරුම් කර ඇත. හැබැයි ඉතින් බඩගොසතර කහ පාට රෙදි ඔතා ගත්තු ඵවුන් ට බඩුම තමයි.

  7. 3%ජෙප්පා says:

    ජේවීපී බල්ලන් මේකට වැරදි කිව්වාට මේ වැඩ පිලිවෙල හොඳයි. අඩුම ගානේ තමන්ගේ ඥාතීන් හට තමන්ගේ ආගමට අනුව සමුදීමට ගන්නා උත්සාහය අගය කල යුතුය.

  8. LalithM says:

    අවසානයේ සියලු ආගම් මිනිසුන්ගේ විශ්වාස පමණක්ම වූ මිත්‍යාවක් බවට ඔප්පු වුනා කොවිඩ් නිසාම. කන් අඩි පැලෙනකම් ඇහුව පිරිත්, පල්ලිවල දේව මෙහෙය, කෝවිල් මුස්ලිම් පල්ලි කරපු දේවල් ඔක්කොම වතුරේ.අපේ පන්සලේ මහ චීවරධාරියාත් යන්තම් පන බේරාගෙන ආව.ඒත් වියපත් උපාසිකාවො දෙන්නෙක් මියගියා අප්‍රේල් මස තෙල් ගෑමේ උත්සව සහ පෝයට සීල ව්‍යාපාර කරල.

    • හොරිකඩ කහකඩයන් හඳුනා ගනිමු ! says:

      අද කාලයේ දාන , ශීල , භාවනා කියන්නෙ හොඳම ව්‍යාපාර තමයි …හොර ධාතු පෙන්නනවා , මහා අටපිරිකර පූජා තියනවා , ජහුටා නාට්‍ය පෙන්නනවා , සල්පිල් තියනවා , කොරෝනා ප්‍රයෝජනයට ගෙන හෙලවෙදකම් මඩු අටවනවා , කැලෑ කැපීම ප්‍රයෝජනයට අරගෙන පැල හිටවලා සුද්දන් සුද්දියන් මුලා කරනවා, කඨින බණ දාස් ගාණට විකුණනවා … හප්පේ… තව කොච්චර තියෙනවාද ලලිත් අයියේ … මුන් ආමීෂ පූජා නාමයෙන් දායක දායිකාවන් සූරන් වළඳනවා… 😁😁😁

  9. එලවිස් says:

    මේව පිරිසක් හම්බ කරන්න හදා ගත්‍තු අදායම බදු චක්‍ර..කරන යහපත් දෙයක් ජීවත්ව සිටියදී කලානම් ඒක තමා පසු කුසලය (පාoශු කුසලය) මිය ගිය ප්‍රාණ කාරයාට තියෙන්නෙ..නැතුව කුසල් ඩිලිවරි සෙර්විස් එකෙන් යවන්න බැහ..බුදු දහම බඩ ගෝස්තර වාදීන් විකෘති කරල එක එක ක්‍රම හදාගෙන මිත්‍යාව වපුරනවා.

Main News