කොරෝනා මෘතදේහ පුච්චන මුල් ගැසට්ටුව ඒ මොහොතේ තත්වය අනුව.. එය මාස 06කින් සංශෝධනය කල යුතුයි..- අනිල් ජාසිංහ

January 3, 2021 at 9:20 am | lanka C news
කොරෝනා මෘතදේහ පුච්චන මුල් ගැසට්ටුව ඒ මොහොතේ තත්වය අනුව.. එය මාස 06කින් සංශෝධනය කල යුතුයි..- අනිල් ජාසිංහ

කොරෝනා ආසාදනයෙන් මියයන පුද්ගලයින්ගෙන් මෘත දේහයන් ආදාහනය කළ යුතු බවට නිකුත් කරන ලද මුල් ගැසට්ටුව මේ මොහොතේත් බලාත්මක බව හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වත්මන් පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

කොරෝනා මෘත දේහයන් ආදාහනය කළ යුතුම බවට තීන්දු කරන ලද්දේ කොරෝනා ව්‍යාප්තිය ආරම්භයේ දී පැවැති තත්ත්වය අනුව කිසිම අවදානමක් නොගත යුතු බවට වන පදනමේ සිටිමින් බවද ඔහු පැවසීය.

නමුත් මාස හයකින් පසුව එළඹෙන තත්ත්වයන් මත විද්‍යාත්මක සාධක පදනම් කරගෙන එම තීන්දුව සංශෝධනය කළ හැකි බව ද ඒ බව එම ගැසට් නිවේදනයේම සඳහන් වී ඇතැයි ද ඔහු සඳහන් කළේය.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එම සංශෝධන සිදු කළ හැකි බවද ඒ මහතා කියා සිටියේය.

සති අන්ත පුවත්පතක් වෙත අදහස් පළ කරමින් හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මෙම අදහස් පළ කර තිබේ.

කොරෝනා මෘත දේහ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ද සාකච්ඡා කළ බවත් එම සාකච්ඡාවේ තොරතුරු මාධ්‍යයට අනවශ්‍ය බවත් ඔහු තවදුරටත් සඳහන් කර ඇත.

23,416 views

16 Comments to “කොරෝනා මෘතදේහ පුච්චන මුල් ගැසට්ටුව ඒ මොහොතේ තත්වය අනුව.. එය මාස 06කින් සංශෝධනය කල යුතුයි..- අනිල් ජාසිංහ”

  1. GAMINI SENANAYAKE says:

    ආණ්ඩුවට කහින එකේ සීමාවක් තියෙන්න ඕනේ. මාස හයකට පස්සෙ භුමදානය හොඳයි කියලා හිතෙන්නේ මොන කරුණු මත ද කියලා විශේෂඥයෙක් හැටියට ජනතාවට කරුණු පැහැදිලි කළා නම් ඔයිට වැඩිය හොඳයි. උගුරට හොරෙන් කහිනවා ට වඩා.

  2. kawinda says:

    mul awadiye puchchanna hondailu. den thathwaya wenas wela nisa waladaana eka honda wenne kohomada.? Corona thathwaya kalinta wada mewara bhayaanakai ooi.

  3. D.Nimal says:

    Double standard on so-called that ” scientific outlook” by Jayasinghe of Dr ?
    The People living of Market Economy base of Paper Currency.
    The integrity and honest are words of abstract-sense of that terms of by many professional on .
    They had been abandoned scientific methodology long ago ……. Well metaphysis outlook of all religion believes are playing pivotal role an even decision taken by Offices .

  4. D.Nimal says:

    Double standard on so-called that ” scientific outlook” by Jayasinghe of Dr ?
    The People living of Market Economy base of Paper Currency.
    The integrity and honest are words of abstract-sense of that terms of by many professional on .
    They had been abandoned scientific methodology long ago ……………%
    Well metaphysis outlook of all religion believes are playing pivotal role an even decision taken by Offices . Far from that reality of truth of Covid 19 virus .
    Money is more powerful than which is that Trust of Science of in this world …………….!@

Main News