කොරෝනා මෘතදේහ භූමදානයට නොදීම ජාතිවාදයි.. ජලය හරහා විෂබීජ යන්නේ රෙද්ද අස්සටද..

November 17, 2020 at 11:20 am | lanka C news
කොරෝනා මෘතදේහ භූමදානයට නොදීම ජාතිවාදයි.. ජලය හරහා විෂබීජ යන්නේ රෙද්ද අස්සටද..

ඉස්ලාම් ආගමට එරෙහිව ශ්‍රී ලංකාව තුළ විවිධ ක්‍රියාමාර්ග ගන්නා බව පවසමින් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ගොනු කර තිබේ.

ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා විසින් මෙම පැමිණිල්ල ගොනු කර ඇත.

කොරෝනා මර්දනයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලබා දී ඇති මාර්ගඋපදේශ අනුව කරන්න හැකිනම් මෘත දේහ භූමදානයට පමණක් ඉඩදිය නොහැක්කේ මන්දැයි ඔහු ප්‍රශ්න කළේය.

කොරෝනා මෘතදේහ වල විසබීජ ජලය හරහා පැතිරෙන්නේ ඇයි නිර්ණායක ලබා දුන්නේ කවුදැයි ඔහු ප්‍රශ්න කරයි.

‘ජලය හරහා යන්නේ රෙද්ද අස්සටද’යි ඔහු මාධ්‍යවේදීන්ගෙන් විමසීය.

මෙම තීන්දු තීරණ ගන්නේ ඔලුවක් නැති අය බවත් ඒවා විද්‍යාත්මක තීන්දු නොවන බවටත් ඔහු චෝදනා කරයි.

මෙය ජාතිවාදී තීන්දුවක් ඇයිද පවසන ඔහු මලමිණී උඩින් ආණ්ඩුව ජීවත්වන බවද කියා සිටියේය.

56,930 views

51 Comments to “කොරෝනා මෘතදේහ භූමදානයට නොදීම ජාතිවාදයි.. ජලය හරහා විෂබීජ යන්නේ රෙද්ද අස්සටද..”

  1. Demuni De silva says:

    Why do we dispute each other in this issue? Govt should a firm ruling.

Main News