කොරෝනා මෘතදේහ භූමදානය කල හැකියි…- ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය දැනුම් දෙයි.. නිවේදනය මෙන්න..

January 2, 2021 at 10:28 pm | lanka C news
කොරෝනා මෘතදේහ භූමදානය කල හැකියි…- ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය දැනුම් දෙයි.. නිවේදනය මෙන්න..

දැනට පවතින විද්‍යාත්මක තොරතුරු මත පදනම්ව කොවිඩ් ආසාදිත මළ සිරුරු ශ්‍රී ලංකාවේ භූමදානය කිරීමට අවසර දිය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

කෙසේවෙතත් සබරගමුව විශ්වවිද්‍යාලයේ පාංශු හා පාරිසරික විද්‍යාව පිළිබද විශේෂඥ , මහාචාර්ය ප්‍රියන්ත යාපා මහතා පවසන්නේ කොවිඩ් ආසාදිත මළ සිරුරු භූමදානය කිරීමෙන් අනාගතයේදී භයානක තත්ත්වයක් උද්ගත විය හැකි බවය.

කොවිඩ් ආසාදිත මළ සිරුරුවල අවසන් කටයුතු සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඊයේ නිකුත් කර තිබුණි.

එහි සඳහන් වන්නේ පසුගිය දෙසැම්බර් 31 වැනිදා සියලු ක්ෂේත්‍රවල වෛද්‍ය විශේෂඥයින්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේදී දැනට පවතින විද්‍යාත්මක සාක්ෂි මත කරුණු කිහිපයක් නිරීක්ෂණය කළ බවය.

එම කරුණු වන්නේ ,

1.කොවිඩ් ආසාදනය සිදුවන්නේ ශ්වසන මාර්ගයෙන් පමණක් බවත් ආමාශ ආන්ත්‍රික ද්වාරය ඇතුළුව වෙනත් මාර්ග හරහා එය ආසාදනය වූ බවට වාර්තා වී නැත.

2.වෛරසය වර්ධනය විය හැක්කේ ජීව සෛලයක් තුළ පමණක් බැවින් මළ සිරුරක් තුළ ආසාදිත තත්ත්වයෙන් එය සැලකිය යුතු කාලයක් සඳහා පැවතිය නොහැක.

3. පශ්චාත් මරණ පරීක්ෂණයකදී සිදුකළ PCR ප්‍රතිඵල ධනාත්මක වුවද මළ සිරුරෙන් වෛරසය ව්‍යාප්ත වන බවට නිශ්චිත අදහසක් ඇති නොවේ.

4.භූමදාන කළ මළ සිරුරුවලින් ඇති විය හැකි ජල දූෂණයට වඩා ආසාදිත රෝගීන්ගේ බහිස්ස්‍රාවීය ද්‍රව්‍යයන් හා අපද්‍රව්‍ය මගින් වඩාත් දරුණු ලෙස ජලය දූෂණය විය හැකිය.

5. භූගත ජලයෙන් වෛරස් අංශු අවස්ථා කිහිපයකදී හමුවූ බව වාර්තා වුවත් එම වෛරස ආසාදිත තත්ත්වයේ ඇති බවට වාර්තා වී නැත. මින් පෙර වාර්තා වූ ඉන්ෆ්ලුවෙන්සා සහ SARS වැනි වෛරස් සම්බන්ධයෙන් කළ ගැඹුරු අධ්‍යයනවලදී පවා එවැනි ආසාදන පිළිබඳ වාර්තා නොමැත.

6.ඩෙන්මාර්කයේ ඝාතනය කර භූමදානය කළ මුගටියන් නැවත ගොඩගෙන ඇත්තේ වෛරසය මගින් ජල මූලාශ්‍ර දූෂණය වීමක් නිසා නොව, දිරාපත් වන මුගටියන්ගේ මළ සිරුරුවලින් නයිට්‍රජනීය අපද්‍රව්‍ය පරිසරයට සහ ජලයට එක්ව එම මුලාශ්‍ර දූෂණය විම නිසාය.

7.ජලය ආශ්‍රිතව බෝවන කොළරාව වැනි දරුණු රෝගවලදී පවා මළ සිරුරු භූමදානය කෙරේ.

ඒ අනුව මෙම විද්‍යාත්මක තොරතුරු මත පදනම්ව කොවිඩ් ආසාදිත මළ සිරුරු ශ්‍රී ලංකාවේ භූමදානය කිරීමට අවසර දිය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සිය නිවේදනයෙන් පවසයි.

කෙසේවෙතත් කොවිඩ් ආසාදිත මළ සිරුරු භූමදානය කිරීමෙන් අනාගතයේදී භයානක තත්වයක් උද්ගත විය හැකි බව සබරගමුව විශ්ව විද්‍යාලයේ පාංශු හා පාරිසරික විද්‍යාව පිළිබද විශේෂඥ , මහාචාර්ය ප්‍රියන්ත යාපා මහතා පවසයි.

“මොනම හෝ අවස්ථාවක සැකසහිතව අවධානමක් අරගෙන තීරණ ගත්තොත් එහි ප්‍රතිවිපාක දැනට ඉන්න පරම්පරාවට විතරක් නෙමෙයි, සමහර විට මීට අවුරුදු 100කට 200කට නෙමෙයි අවුරුදු 10,000කට එහා පැත්තේ පරම්පරාවට වුණත් මේකේ පීඩාව අත්වෙන්න පුළුවන්. ඒ නිසා අපි කල්පනාකාරී වෙන්න ඕනේ මේ වසංගත හදන ක්ෂුද්‍රජිවින් එක්ක වැඩකරන කොට කොවිඩ් – 19 වෛරසය ගැන හරියට පරීක්ෂණ කරන්නවත් විද්‍යාඥයින්ට තාම අවස්ථාව ලැබිලා නැ. දැන් තමයි විද්‍යාඥයෝ මේ ගැන පරීක්ෂණ කරන්නේ. ආදාහනය කරොත් අපි දන්නවා මේ ව්‍යාධිජනක වෛරසය සියයට සියයක්ම විනාශ වෙනවා. භූමදානය කරොත් මේක සියයට සියයක් විනාශ වෙනවා ද කියන එක ලෝකයේ කොහේවත් සොයා ගෙන නෑ. මේකේ තියෙන භයානක කම තමයි ඕනැම වෛරසයකට පොළොවට ගිහින් නිද්‍රාශීලිව අවුරුදු මිලියන ගණනක් ඉන්න පුළුවන් කියලා ලෝකයේ සොයා ගෙන තියෙනවා. එහෙම උදාහරණ තියෙනවා. ඊට පස්සේ මේක විනාශකාරී භයානක ඉරණමක් අත්කර දෙන්න පුළුවන්.“

– adaderana

44,666 views

37 Comments to “කොරෝනා මෘතදේහ භූමදානය කල හැකියි…- ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය දැනුම් දෙයි.. නිවේදනය මෙන්න..”

  1. kobbekaduwa says:

    Depaththa ma balance karala muttiya daana “C news” LAJJAI BAN

  2. de silva says:

    Why don’t they explain why only those Mongoose were taken out of resting place. Denmark had been burying their dead for millions of years, human and animal. How mongoose became an issue all of sudden

    • Fernando says:

      .ඩෙන්මාර්කයේ ඝාතනය කර භූමදානය කළ මුගටියන් නැවත ගොඩගෙන ඇත්තේ වෛරසය මගින් ජල මූලාශ්‍ර දූෂණය වීමක් නිසා නොව, දිරාපත් වන මුගටියන්ගේ මළ සිරුරුවලින් නයිට්‍රජනීය අපද්‍රව්‍ය පරිසරයට සහ ජලයට එක්ව එම මුලාශ්‍ර දූෂණය විම නිසාය.

  3. ලොලිපොප් මොංගල් says:

    එක රටක් එක නීතියක්. ජනාධිපතිතුමනි, අාදාහනය පමනයි. එක එකාට ඔින විදිහට රට කරවන්න බැහැ. මෙික අවසාන මැතිවරනය නෙවෙයි.

    • Fernando says:

      Election is not the issue.President is working according to the advise of the expert committee . It may not satisfy LOLIPOP like gon Baiyas. Who cares?

  4. Felix says:

    Wede Una Lawama Anumatha Karala Janthawata Kiyanna Salasuma Lassanata Iwara Kala…. Liyala Dunna Piliwelta Report Eka Nikuth Kala…. Ehemba Behe Keewa Nam…Job Ekath Nehe… Pensionuth Nehe….Kohe Indeeda Danneth nehe. Den Pension Giyath…Aye Army Eke Aya, Pension Ekata Amatharwa, Siyalu Deemana Samaga Deweni Padiyata Enawa Wage, Meee Committee Eke Ayatath Eee Waraprasadaya Hari, Diplomatic Thanthuru Hari Piliwelata Pela Gasee Thiyanwa….
    Monawa Unath, Mee Ayithiya (Wala-lanta) Illana Ayage Aythiyak….. Meeka Boruwata Hignaange Thuwalaya Kara Gaththe … Boru Mawa Peemak Penwala…. Tika Kaalayakata Moodyanwa Choon Karanna.. Peniyata Wenneth Oya Tika Thama…..

  5. kawinda says:

    Anil Jasing innakota theenduwa dunne mona dostharalada.? ethakota me dostharala hitiye koheda.? health peththen matha dekak mathu vee thibena nisa awasaana theeranaya denna ona janaadhipathi thuma neda.? aluth dosthara mathaye deshapaalana durgandayath gewila wage.

  6. sundari says:

    අදාල සන්ගමය වසරකට පෙර මොනාඩ කතා කලෙ කියලා ාඅමතක වෙලා.

  7. Jay says:

    Okata thamai oyala natuve .me rata nathikatalama dapiyaw.

  8. Chan says:

    Me aya cholera vage vathuren bovena evath bhumadanaya karanava kiyanava

    Namuth cholera hadenne bacteria valin bavath evata beheth athibavath me dostharalata kiyanna amathaka vela.

    Jalayen bovenne na kiyala kavuda hoyagena thiyenne

  9. Kanday says:

    This is getting out of hand. Just let people be buried. No other country is making a big deal out of this.
    The piss and excrement of living COVID patients is a much bigger issue because they are shedding the virus everyday into our street sanitation pipelines, rivers and oceans

  10. සමන්ත says:

    දැන් ඔබතුමන් කියන විදිහට අමාශගත වීමකින් කොරෝනා බෝනොවෙනවා නම් ඇයි අත් හෝදන්න කියන්නේ නිතර නිතර. ජීවි සෛලවල පමණක් කොරෝනා සිටිනවා නම් සල්ලි කොළවල, ප්ලාස්ටික් වල එම වෛරසය මෙතරම් කල් රදාපවතිනවා යැයි පවසන්නේ ඇයි. ඩෙන්මාර්කයේ මිනිස්සු පැවසුවේ කොරෝනා ජල මූලාශ්‍ර වලට එක් වෙන නිසා එය පිච්චා දමන ලෙසයි. චීනය කොරෝනා මරණ ආදාහනය පමණක් කල නිසා අද චීනය ස්ථාවර වී ඇත. මුස්ලිම් ඹ්මානයද කොරෝනා මරණ ආදාහනය පමණක් සිදු කරන්නේ ඇයි.

Main News