කොරෝනා මෘතදේහ භූමදානය නොකල යුතුයි.. ඇමති අලි සබ්රි ගැන ගැටළු තිබෙනවා..
November 13, 2020 at 9:59 pm | lanka C news
මේ මොහොතේ ක්‍රියාත්මක වන සෞඛ්‍යය නීති රෙගුලාසි අනුව කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයන්ගේ දේහයන් භූමදානයට කිසිසේත්ම ඉඩ දිය යුතු නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කරයි.
වැදගත් වන්නේ හැඟීම් නොව සත්‍ය තත්ත්වය බවද ඔහු පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට පිටින් ඇතැමුන් ප්‍රකාශ කිරීම කනගාටුදායක බවද සඳහන් කරන ඔහු අලි සබ්රි මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් යම් ගැටලු ඇතැයිද කියා සිටී.
කොරෝනා ආසාදිතය මියයන අයගේ දේහයන් ආදාහනය කරන්නේ ද භූමදානය කරන්නේ යන්න තීරණය කළ යුත්තේ කැබිනට් මණ්ඩලය නොව සෞඛ්‍ය බලධාරීන් ගෙන් යුතු කමිටුවක් විසින් බවද ඔහු සඳහන් කරයි.
අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.
Ane mage kata
Let the technical committee decide whether it is ok or not. Not political biased card board pateiotics and racists.