කොරෝනා මෘතදේහ වලලන්න රට පුරා සියළු පලාත්වල ස්ථාන සූදානම් කරන්නැයි දිස්ත‍්‍රික් ලේකම්වරුනට දැනුම් දේ..

March 9, 2021 at 9:20 am | lanka C news
කොරෝනා මෘතදේහ වලලන්න රට පුරා සියළු පලාත්වල ස්ථාන සූදානම් කරන්නැයි දිස්ත‍්‍රික් ලේකම්වරුනට දැනුම් දේ..

කොරෝනා මෘත දේහ ඉරණතිවු දූපතේ භූමදානය කිරීමට තීරණය කරන ලද්දේ මූලික පියවරක් ලෙස පමණක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

මේ වන විට එම මෘත දේහයන් මඩකලපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේ භූමදානය කරමින් ඇතැයිද ඔහු පැවසීය.

මීට අමතරව සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට ඒ ඒ පළාත්වල කොරෝනා මෘතදේහයන් භූමදානය කිරීමට සුදුසු ස්ථාන සොයා දැනුම් දෙන ලෙස දැන්වූ බව ද ඔහු පැවසීය.

ඒ අනුව ඉදිරියේදී එම පළාත්වල මෘත දේහයන් එම හඳුනාගත් ස්ථානයන්හි භූමදානය කිරීමට හැකියාව ඇතැයි ද ඔහු කියා සිටියේය.

මේ අතර මෙතෙක් භූමදානය නොකර ශීතාගාර තුළ රඳවා තිබූ මෘත දේහ සියල්ල අද සහ හෙට දෙදින ඇතුළත භූමදාන කටයුතු සිදු කර අවසන් කරන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

13,800 views

15 Comments to “කොරෝනා මෘතදේහ වලලන්න රට පුරා සියළු පලාත්වල ස්ථාන සූදානම් කරන්නැයි දිස්ත‍්‍රික් ලේකම්වරුනට දැනුම් දේ..”

  1. බුද්ධිමත් චමින්ද අයියා says:

    ඉතාමත් හොඳ තීරණයක්. ජයවේවා!

  2. Alapaluwa says:

    ඔන්න ඔය එක්ක 69 ගොන් බයියෝත් වලලන්න සෑර්. 😀

  3. පුරවැසියා says:

    සහජීවනය වෙනුවෙන් ගත් ඉතාම හොඳ තීරණයක්
    සෑම මරක්කල ගමකම පල්ලියක් තියනවා .ඒ පල්ලිය ලඟම ඉඩම තමා වඩාත්ම සුදුසු
    වටේම ඉන්නේ මරක්කල ජනතාව
    දෙවියොත් වැඩේට කැමතිවෙනවා
    කට්ටියට සතුටින් ඉන්න පුළුවන් වෙන්නේ එතකොට
    දුර අරන් යද්දී ගැස්සිලා මිණියට රිදෙන්නෙත් නෑ

    • සුප්පයා says:

      අනේ සුප්පා දේවිගේ සුප්ප යෝ ….සෑම ගමකම පන්සලකුත් තියෙනවා ..ඒකෙත් හොඳට ඉඩ තියෙනවා ..

  4. පුරවැසියා says:

    සහ ජීවනය වෙනුවෙන් ගත් ඉතාම හොඳ තීරණයක්
    සෑම මර ක්කල ගමකම පල්ලියක් තියනවා .ඒ පල්ලිය ලඟම ඉඩම තමා වඩාත්ම සුදුසු
    වටේම ඉන්නේ මරක්කල ජනතාව
    දෙවියොත් වැඩේට කැමතිවෙනවා
    කට්ටියට සතුටින් ඉන්න පුළුවන් වෙන්නේ එතකොට
    දුර අරන් යද්දී ගැස්සිලා මිණියට රිදෙන්නෙත් නෑ

  5. Saman says:

    වැලලුවොත් මරාගෙන මැරෙනව කියපු අමු ගොන් බයියෝ කෝ? 😀 😀

  6. Jagath says:

    69 ලක්සේ සද්ද නෑ. පවු දේශප්‍රේමී බෞද්ධ ජනතාව.

    • Ruhdtug says:

      Eka thamai wasa lejjawa.. avulak ne.. eelanga paara ranilta hari anurata hari denawa..

  7. අයෝමා says:

    එක රටක් එක නීතියක් ,,,, ජයවේවා…….ගෝටා අයෙ ඉල්ලන්නෙ නෑලුනේ

  8. John the baptice says:

    මුස්ලිම් අන්තවාදීන්ගේ අවශ්‍යතා ඉටුකිරීමට රටේ ජනතාවගේ ජිවිත අනතුරේ හෙලමින් covid 19 මෘත දේහ වැළලීමට ඉඩදීම අපි හෙළා දකිමු
    මේ covid 19 වෛරස් ජලයට මුසු වීමෙන් අනාගතේදී ඇති වන ලෙඩ රෝග වලට වගකීම පොහොට්ටුව බාර ගත යුතුයි. අපේ රටේ කොන්දක් නැති දේශපාලුවන්ගේ මෙවැනි තීරණ නිසා රටේ ජනතාවට අනාගතේදී විශාල ප්‍රශ්න වලට මුහුණ පෑමට සිදුවේ ..එක රටක් එක නීතියක් තිබිය යුතුයි
    ලැජ්ජයි මේ ආණ්ඩුව ගැන ලැජ්ජයි

  9. ෆීල්ඩ් මාර්ශල් says:

    හමුදාපතිතුමා “කල නොහැක්කක් නොමැත ” ගගා ඉදලා අන්තිමට රණවිරුවො දදා මරක්කල මිනී වලට වලවල් කප කප ඉන්නවා…….” කල නොහැක්කක් නෑවගේම,,,විය නොහැක්කක්ද නැත….

  10. Sira says:

    දකුණේත්,නුවරඑළියේ ඉඩම් තියනව නේද