කොරෝනා මෘත දේහයක් කරාපිටිය මෝචරියේ.. වෛද්‍යවරුන් වර්ජනයේ.. සේවකයන් නොසන්සුන්…

December 23, 2020 at 2:10 pm | lanka C news

මියගිය කොරෝනා ආසාදිතයකුගේ මෘත දේහය කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට තැබීම නිසා අධිකරණ වෛද්‍යවරුන් ඇතුළ එහි සේවකයන් දැඩි නොසන්සුන් බවට පත්ව ඇතැයි වාර්තා වෙයි.

අදාළ මළ සිරුර එම ස්ථානයෙන් ඉවත් කර ගන්නා තුරු අධිකරණ වෛද්‍ය කටයුතුවලින් වැළකී සිටීමට අද දිනයේ සිට එම රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරුන්ද තීරණය කර ඇත.

මෙසේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇත්තේ ගාල්ලේ දේදුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි කොරෝනා ආසාදිතයෙකුගේ මළ සිරුරකි.

එම දේහය පිළිබඳ අවසන් කටයුතු අධිකරණ නියෝග මත රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

නමුත් එය නිරෝධාය රෙගුලාසි අනුව ආදාහනය කරන ලෙස කරාපිටිය රෝහලේ හදිසි මරණ පරීක්ෂක වරයා නියෝග කර තිබියදී පොලිසිය එය ක්‍රියාත්මක නොකර අධිකරණයට කරුණු වාර්තා කිරීම ගැන එම කාර්ය මණ්ඩලයේ විරෝධය පළ වී තිබේ.

එමෙන්ම කොරෝනා අසාදිත මරණ තබා ගැනීම සඳහා කරාපිටිය රෝහලේ අධිශීතකරණ පහසුකම් නොමැති බවද ඔවුන් පෙන්වා දෙති.

24,175 views

7 Comments to “කොරෝනා මෘත දේහයක් කරාපිටිය මෝචරියේ.. වෛද්‍යවරුන් වර්ජනයේ.. සේවකයන් නොසන්සුන්…”

  1. Jehan says:

    Why do we have to give in to religious laws in this troubled period. More important thing in today’s world is to survive not crying over some stone age rituals. As responsible citizens Hindus Christians Catholics, Buddhists doesn’t demand any of their rituals been carried out. Why only Muslims needs special treatment? Who’s going to be responsible if hospital staff get the virus from this dead body

  2. One country one decision…………..Where is this ???

  3. Sinhalaya says:

    Uru gubbeyam athulata damanna .uranta jarawamane awashaya

  4. Jepi buster says:

    අධිකරණ ඇමති තමන්ගේ ආගමික විශ්වාස මත පදනම්ව නීතිය නමන ආකාරය පෙනී යනවා.

  5. කලුවා ගොන් බඩු කාරයා says:

    අයියෝ, මේ අය ඔක්කොම අනාගන්නවා.

  6. සුනෙත් ජයලත් says:

    එතකොට රෝහල් වාට්ටුවේ ඉන්න කොරෝනා රෝගීනුත් රෝහලෙන් ඉවත් කරනතුරු ප්‍රතිකාර කරන වෙද්‍යවරුත් සේවයෙන් ඉවත් වෙනවද?

  7. එංගලන්තය says:

    එංගලන්තයේ භූමදානය පුලුවන් නිසා ලංකාවේ අධිකරණ ඒ අනුව වැඩ කරයි.