කොරෝනා මෘත දේහයක් රහසිගතව නිදහස් කරලා..?

December 25, 2020 at 10:30 pm | lanka C news
කොරෝනා මෘත දේහයක් රහසිගතව නිදහස් කරලා..?

කොවිඩ් ආසදිතව මියගිය අයකුගේ මෘත ශරීරයක් හොර රහසේ නිදහස් කර හැරීමේ සිද්ධියක් අනාවරණය කර තිබේ. මේ බව පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමි සඳහන් කරනවා.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ නිර්නාමික ලිපියක් මගින් අදාල තොරතුරු තමා වෙත ලැබී ඇති බවයි. එසේම එම සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය ඇමතිවරිය විශේෂ අවධානයක් යොමු කරනු ඇති බවට විශ්වාසය පලකරනවා.

“මේ ගැන පරීක්ෂණයක් කරලා මේ කොවිඩ් -19 වැළඳිච්ච දේහය නිදහස් කර ගැනීමට කටයුතු කරපු අධිකරණ වෛද්‍ය නිලධාරීයාට එරෙහිව පරීක්ෂණ ක්‍රියාත්මක වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි අධිකරණ ක්‍රියාමාර්ග ගන්නත් සූදානම්. මේ කොවිඩ් -19 වැළඳිච්ච කාන්තාවක් නිදහස් කරලා තියෙන්නෙ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද ලිපියකින්.

2020 නොවැම්බර් මාසේ 29 වැනිදා මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි කාන්තාවක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් වෙනවා. ජාතික රෝහලේදී ඇයට කළ PCR පරීක්ෂණය පොසිටිව් වෙනවා. ඒ නිසා ඇයව IDH රෝහලට මාරු කරනවා. එහිදී දින කිහිපයකින් ඇයගේ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයක් කරලා ඒකෙනුත් ඇය පොසිටිව් වෙනවා. එහිදී කොවිඩ් වෛරසය ඇයගේ ශරීරයෙන් පහ වෙන ලක්ෂණ පෙන්නුම් කරනවා කියලා කියනවා. ඊට පස්සේ දෙසැම්බර් 10 වැනිදා IDH රෝහලේ හිටපු මෙම කාන්තාව නැවත ජාතික රෝහල වෙත මාරුකරලා එවනවා. 11 වැනිදා ඇයව රෝහලෙන් නිවසට පිටත්කරලා හරිනවා,”

“දෙසැම්බර් 12 වැනිදා හවස 5.45ට පමණ ඇය, ඇයගේ නිවසේදී මරණයට පත්වෙනවා. පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන අවස්ථාවේ ඇයගේ සිරුර තුළ කොවිඩ් -19 පොසිට්ව් කියන එක ඉතාම පැහැදිළිව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව තුළ සඳහන් වෙනවා. ඇයගේ දේහය තුළ කොවිඩ් -19 පොසිටිව්ව පැවතියත් අධිකරණ වෛද්‍ය නිලධාරියා සහ ඒ සම්බන්ධ තවත් නිලධාරීන් කිහිපදෙනෙක් එකතුවෙලා සිදුකරන සාකච්ඡාවකින් පසුව ඇයගේ දේහය නිදහස් කරලා යවන්න කටයුතු කරලා තියෙනවා. මේ දේහය භුමදානය කළේ නම් බරපතළ අනතුරක ඉන්නේ.” වශයෙන් පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමි සඳහන් කරනවා.

– aruna

18,940 views

6 Comments to “කොරෝනා මෘත දේහයක් රහසිගතව නිදහස් කරලා..?”

  1. නිලන්ත says:

    ඒ ගෑනි භූමදානය කළ නිසා රටේ ජනතාව පරමාණු බෝම්බයක් ගැහුව වගේ මැරි මැරී වැටෙයිද ජඹුරයෝ. මෝඩයෝ සිවුර දාගත්තට හැම දේම දන්නෙ නෑ.

  2. SuAb says:

    මේ දින වකවානු බැලුවම, පළවෙනි PCR 29/11/20 සිට මරණය සිදුවූ 12/12/2020 දක්වා දින 14 ක් ඉක්ම ගොස් ඇති නිසා ප්‍රශ්ණයක් නැති බව පෙනෙනවා

  3. Nalin says:

    මේ වගේ අමන වැඩ වල පිටු පස ඉන්නේ තක්කඩි දේශ පාලුවෝ .මුන්ට රටේ ඕනෑම වියසනයක් උනත් දේශපාලුවන්ට ගරානාව .සුනාමියක් ආවා ඒවාට ලැබුනු විදේශ ආධාර මාටියා ගැහුව .ඒකෙන් ගොඩ ගියා .ඊටපස්සේ පාස්කු බෝම්බේ තියල අහිංශක මිනිස්සු මැරුන ඊට පස්සේ ඒවාට සමබන්ද දේශ පාලුවන් බේර ගන්ඩ කෝටි ප්‍රකෝටි ගනන් උන්ගෙන් ජරාව කෑව .දැන් මිනී වලලන්ඩ හම්බයින්ගෙන් ජරාව කනව .කොහෙන් ගියත් කාලකන්ණි දේශපාලුවෝ දිනුම් .

  4. sam says:

    මට්ටක්කුලියේ කියපුවාම මේ තැනැත්තියගේ අනන්‍යතාවය මොකක්ද කියලා කාටත් තේරෙනවානේ. මේ සිද්ධියට අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන් මහත්තයාව අල්ලලා නඩු දාලා වැඩක් නැහැ. මතකනේ ලංකාවේ හිටපු විශිෂ්ඨතම අධිකරණ වෛද්‍ය විශේසඥයෙකු වෙච්ච ආනන්ද සමරසේකර මහත්තයා තාජුඩීන් මරණ තීන්දුව වෙනස් කරපු හැටි. මේවා කරන්නේ කාගේ උපදෙස් මතද කියන එකයි රටට හෙළි කල යුත්තේ.
    එක රටක්. එක නීතියක්. අපිට ආඩම්බරයි. රෙස්පෙක්ට් ස

  5. බන ටිකක් හරියට කියන්න දන්නෙ නැති එවුන් සෞඛ්‍ය ගැන කතා කරන්න එනවා. හොර ගණයෝ.

  6. Kiribanda says:

    මේ අජිත් තෙන්නකෝන් කියන එකා, ඔය කියන තරම් හොඳ එකෙක් නෙමෙයි. දේශපාලයකයන්ට ඕනේ විදියට නීති නවල ලකුණු දාගන්න බොර දියේ මාලු අල්ලන මෑන් කෙනෙකි. මුන් හරි දෙයක් කරයි කියල හිතන්න අමාරුයි

Main News