කොරෝනා මෘත දේහ භූමදානයට ඉඩ නොදීම මහ විකාරයක්.. තව මොනවද ඔ්නෑ..- ඇමති අලි සබ්රි

November 28, 2020 at 3:50 pm | lanka C news
කොරෝනා මෘත දේහ භූමදානයට ඉඩ නොදීම මහ විකාරයක්.. තව මොනවද ඔ්නෑ..- ඇමති අලි සබ්රි

කොරෝනා වෛරස ආසාදනයෙන් මිය යන පුද්ගලයන් භූමදානයට ඉඩ නොදීම මහ විකාරයක් යැයි අධිකරණ ඇමති අලි සබ්රි මහතා සඳහන් කරයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා පෙන්වා දෙන්නේ භූගත ජල මට්ටම ඉහළ රටවලද ඇතුළුව ලොව රටවල් 194ක් කොරෝනා දේහයන් භූමදානය ඉඩ දී ඇති බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයත්, ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය එය පිළිගෙන ඇති බවද ඔහු පෙන්වා දෙයි.

එක්සත් ජාතික සංවිධානය එය සලකා බලන ලෙසද ඉල්ලීමක් කර ඇති බවත් මෙරට මානව හිමිකම් කොමිසමද එම ඉල්ලීම පිළිගෙන ඇතැයි ද ඔහුගේ සදහනේ දැක්වෙයි.

51,215 views

50 Comments to “කොරෝනා මෘත දේහ භූමදානයට ඉඩ නොදීම මහ විකාරයක්.. තව මොනවද ඔ්නෑ..- ඇමති අලි සබ්රි”

  1. Open mind says:

    ලොකු ම විකාරය මෙවැනි දේශපාලන ළදරුවන්ට ඇමති තනතුරු ලබාදීම යි.

  2. Dadallagr says:

    International kiyanawa Kona kapanna epa lamayage kamatta natuwa.topi ewa ahanawanan balamu

  3. sena says:

    පාරේ යන නයි ඔඩොක්කුවට දාගෙන කනොවො කනොවො කියන්නෙ ඔකට තමා

Main News