කොරෝනා මෙරට ගම් මට්ටමෙන් පැතිරීමක්..? කොරෝනාවෙන් ලෝකයත් ලෙඩවී ලංකාවත් ලෙඩවෙලා..

April 22, 2020 at 9:20 am | lanka C news
කොරෝනා මෙරට ගම් මට්ටමෙන් පැතිරීමක්..? කොරෝනාවෙන් ලෝකයත් ලෙඩවී ලංකාවත් ලෙඩවෙලා..

කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවේ ගම් මට්ටමින් ව්‍යාප්ත වන්නේ දැයි සැකයක් මතු වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

කොරෝනා අසාදිතයෙකු සමග සෘජු ගැටීමක් සිදු නොවූ 84 දෙනෙකුගේ ජීව සාම්පල පරීක්ෂණයේදී ඔවුන් අතරින් 05 දෙනෙකු ආසාදිතයන් බවට අනාවරණය වීම හේතුවෙන් මෙම තත්ත්වය මතු වී ඇතැයි සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

මෙසේ පරික්ෂා කර ඇත්තේ මීට දෙසීයක් තුන්සියයක් අතර නිවෙස් වල පදිංචිකරුවන් වීම නිසා මෙම සැකය පහළ වන බවද ඔහු කියා සිටියේය.

මේ අනුව රට පුරා අහඹු ලෙස නියැදි පරීක්ෂණ කඩිනමින් සිදුකිරීම ආරම්භ කළ යුතුව ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

මේ වන විට කොරෝනා වෛරසයෙන් මුළු ලෝකෙම ලෙඩ වී දැන් ලංකාවත් ලෙඩවී ඇතැයිද පවසන ලේකම්වරයා මෙම වෛරසය දිනපතා වෙනස් වන නිසා වහාම නියැදි ලබාගෙන අවේක්ෂණය කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගත යුතු ඇති බවද අවධාරණය කරයි.

339 views

34 Comments to “කොරෝනා මෙරට ගම් මට්ටමෙන් පැතිරීමක්..? කොරෝනාවෙන් ලෝකයත් ලෙඩවී ලංකාවත් ලෙඩවෙලා..”

  1. Ravana Parapura says:

    මෙය පහසුවෙන් මර්දනය කරගන්න පුලුවන් එකම මග හෙළ වෙදකමයි වහාම රජය ක්‍රියා කල යුතුය.

Main News