කොරෝනා යයි ඉතාලි යුවලක් පොලිසියෙන් අල්ලාගනී.. රෝහල්ගත කෙරේ..

March 12, 2020 at 2:10 pm | lanka C news
කොරෝනා යයි ඉතාලි යුවලක් පොලිසියෙන් අල්ලාගනී.. රෝහල්ගත කෙරේ..

කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සැක සහිත ඉතාලි ජාතික යුවළක් හමුවී තිබේ.

අනුරාධපුරය රෝහලට ඔවුන් ඇතුළත් කර ඇත්තේ හෝටලයක රැදී සිටියදී ලද ඇමතුමක් මගින් පොලිසිය විසින් සොයාගැනීමෙන් පසුවයි.

පසුගිය 28 වැනි දා මෙරටට පැමිණ ඇති ඔවුන්ගෙන් වයස අවුරුදු 72ක් වන කාන්තාව දැඩි අසනීප තත්ත්වයෙන් පෙලී ඇත.

මේ වන විට ඔවුන් ආරක්ෂාකාරී ලෙස රෝහල තුළ රඳවාගෙන පරීක්ෂණ කටයුතු සිදු කරමින් තිබේ.

ඔවුන් ගමන් ගත් මෝටර් රථය ද නිරෝධායනය ට ලක් කිරීමට කටයුතු කර ඇත.

157 views

3 Comments to “කොරෝනා යයි ඉතාලි යුවලක් පොලිසියෙන් අල්ලාගනී.. රෝහල්ගත කෙරේ..”

  1. Love nature says:

    ඉතාලි ජාතිකයන්ට මෙය ඉක්මනින් බෝවෙන්නේ ඒ අය කථා කරන විලාසයෙන් ලෝකයේ වැඩියක්ම කථාකරන අය ඉතාලි ජාතිකයන්.

  2. නිසිබලධරයා says:

    හී හී… Italy ටුවරිස්ට් කෙනෙක් නම් එයාලට අපි වැලන්ටයින්.
    Local පාස්පෝර්ට් හෝල්ඩින් ලංකාවේ බුවෙක් නම් එයාලා 14 days කොරන්ටයින්.
    මොකද අපිට සුද්දෝ ෂුවර්,අපේ බුවාලා අන්ෂුවර්.සංචාරය අවසානයේදි ඉතාලියට යන්නට පෙර බලනවා අපේ එවුන්ගෙන් Corona බෝවෙලද කියලා.

  3. Ravana says:

    ඒ කතාව ඇත්ත නම් එහෙම, අපිටත් හරි.