කොරෝනා යයි සැක දෙදෙනෙකු මත්තෙගොඩ හා මහියංගනයේදී මිය යයි.. කොරෝනා සේ සලකා කටයුතු කරන්නැයි දන්වයි..

April 1, 2020 at 10:12 pm | lanka C news
කොරෝනා යයි සැක දෙදෙනෙකු මත්තෙගොඩ හා මහියංගනයේදී මිය යයි.. කොරෝනා සේ සලකා කටයුතු කරන්නැයි දන්වයි..

මත්තේගොඩ නිවාස සංකීර්ණයේ ජීවත් වූ 67 හැවිරිදි පුද්ගලයෙකු අද පස්වරුවේ සැක සහිත ලෙස නිවසේදීම මියගොස් තිබිණි. මෙම පුද්ගලයා මාලදිවයිනේ සිට මෑතකදී පැමිණි අයෙකි.

එම ස්ථානයට පැමිණි හෝමාගම අධිකරණ වෛද්‍ය නිලධාරීනිය විසින් නිර්දේශ කරන ලද්දේ එම මල සිරුරට කොරෝනා වෛරස් ආසාදනය වූ පුද්ගලයෙකුගේ මෘත දේහයකට නිර්දේශ කර ඇති ආකාරයෙන් කටයුතු කරන ලෙසයි.

මෙම පුද්ගලයාගේ මරණය පිළිබඳ අවසන් වාර්තා පැමිණෙන තෙක්ම එම නිවැසියන්ට සහ අවට නිවාසවල පුද්ගලයන් ස්වයං නිරෝධායනයකට යොමු කරන ලදී.

මේ අතර නිව්මෝනියාවෙන් මහියංගනය රෝහලේදී මිය ගිය කාන්තාවකගේ සිරුර භූමදානය කිරීමට යාමේදී මහියංගනය පොදු සුසාන භූමිය අවට ප්‍රදේශවාසීන්ගේ විරෝධතාවයක් එල්ල විය.

අදාළ කාන්තාවගේ රුධිර පරීක්ෂණ වාර්තාව එනතුරු ඇය මිය ගියේ කොරෝනා වෛරසයෙන්දැයි තහවුරු කළ නොහැකි බව අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් පවසා තිබීම ප්‍රදේශවාසීන් කලබලයට පත් කර තිබිණි.

එම සිරුර අඩි අටක් ගැඹුරු භූමදානය කරන ලෙසද නිරෝධායන රෙගුලාසි අනුව උපදෙස් ලබා දී තිබිණි.

ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධය නිසා සිරුර එහි භුමදානය නොකර ආපසු ගෙන යාමට නිලධාරීන් කටයුතු කරන ලදී.

කෙසේ වෙතත් සිදු කරන ලද පරීක්ෂණවලින් හෙළි වී තිබුණේ ඇය මියගොස් තිබුණේ කොරෝනා ආසාදනයෙන් නොවන බවයි.

67,394 Viewers

6 Comments to “කොරෝනා යයි සැක දෙදෙනෙකු මත්තෙගොඩ හා මහියංගනයේදී මිය යයි.. කොරෝනා සේ සලකා කටයුතු කරන්නැයි දන්වයි..”

  1. Aurora says:

    8 feet not enough. Incin is the best.

  2. Chinthana says:

    People never understand the nature of human body.

  3. Dorothy says:

    Sad for families that have been caring their sick with myriads of ailments….before the on set of this Virus that came from overseas ..Sad that they have to be now looked as outcast ,for the Coroner decided that the love one has to be considered as died of the virus , No respect even an autopsy ??. now the reaction of the neighbors ..In a country where people consoled each other in moments of grief ..i am 81 many like me with medical conditions as we all do as we grow older ..but this attitude is sad .

  4. Oman says:

    corona නිසා ඉක්මනින්ම මරණයට පත්වන ස්වභාවයකුත් තියෙනවා එවැනි මරණයක් ඕමාන් වලින් ඉතාලි කාන්තාවකට සිදු වුණා එම නිසා මෙවැනි මරණ වලින් ද පරිස්සම් වීම ඉතා වැදගත් !!!!

  5. Siri says:

    මේ පුද්ගලයා ලංකාවට ඇවිල්ලා තියෙන්නෙ පෙබරවාරි 20. මාලදිවයිනේ පලවෙනි කොරෝනා ආසාධිතයා හම්බවුනේ මාර්තු 6 වෙනිදා. දැනටත් මාලදිවයිනේ කොරෝනා ආසාධිතයො ඉන්නේ 6 දෙනයි. ඒක කොරෝනා දරුණුවට ඇති රටක් නෙමෙයි.

Main News