කොරෝනා ආසාදිතයෙකු මිය යයි…

September 14, 2020 at 3:50 pm | lanka C news
කොරෝනා ආසාදිතයෙකු මිය යයි…

කොරෝනා ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ පුද්ගලයෙකු හලාවත මහ රෝහලේදී මිය ගොස් තිබේ.

ඩුබායි සිට පසුගිය දෙවැනි දා මෙරටට පැමිණ සිටි ඔහු හලාවත නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායවට වෙමින් සිට ඇත.

ඔහුට හදිසියේ ඇතිවූ රෝගී තත්වයක් මත ඊයේ රාත්‍රියේ හලාවත මහ රෝහලට ඇතුළත් කර තිබේ.

ඉන්පසු ඔහු අද අළුයම මිය ගියේ යයි රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

මෙම පුද්ගලයාට කොරෝනා ආසාදනය වී තිබුණේ දැයි දැනගැනීම සඳහා ඔහුගේ ජීව සාම්පල පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර එහි දී හෙළි වී ඇත්තේ ඔහුට කොරෝනා ආසාදනය වී ඇති බවයි.

30,640 views

One Comment to “කොරෝනා ආසාදිතයෙකු මිය යයි…”

  1. සනත් ඉතාලිය says:

    එතකොට ඒ නිරෝදායන මද්‍යස්තානයේ හිටිය උදවිය අනතුරේ නේද,

Leave a Comment

Main News