කොරෝනා යයි සැක මරණ 06ක් රෝහල් 03ක..

October 29, 2020 at 10:00 am | lanka C news
කොරෝනා යයි සැක මරණ 06ක් රෝහල් 03ක..

ඊයේ පස්වරු වන විට කොළඹ ජාතික රෝහල, IDH රෝහල, මුල්ලේරියාව රෝහල යන රෝහල් වල කොරෝනා ආසාදිත යැයි සැක සහිත මරණ 06ක් වාර්තා වී තිබේ.

ඒ අනුව මෙම පුද්ගලයන් මිය ගියේ කොරෝනා වෛරසය හේතුවෙන් ද සොයා බැලීමට PCR පරීක්ෂණ සදහා ජීව සාම්පල යොමු කර ඇත.

මිය ගිය තිදෙනෙක් රෝහලට රැගෙන එන විටත් මිය ගොස් සිටි බවත් අනෙක් තිදෙනා දැඩි සත්කාර ඒකකවලදී මියගිය බවත් සඳහන්ය.

මියගිය අය අතර වයස අවුරුදු 21 ක තරුණයකු ද සිටී.

85,708 views

14 Comments to “කොරෝනා යයි සැක මරණ 06ක් රෝහල් 03ක..”

  1. කාන්තාර පළඟැටියා says:

    5000 දෙනවා කිව්වම සතුට දරා ගන්න බැරුව මැරුනු මිනිස්සුත් මේ අතර ඉන්න පුළුවනි

  2. නාරද says:

    පිට පළාත් වලින් වෙනත් පළාත් වලට, පිට දිස්ත්‍රික්ක වලින් වෙනත් දිස්ත්‍රික්ක වලට අත්‍යවශ්‍ය හෝ මානුෂික කටයුත්තකට හැර ෆන් එකට සංචාර කරන සහ දිස්ත්‍රික්කයෙන් පිටට කොරෝනා රැගෙන යන අයට නිරෝධායන නීතිය යටතේ නඩු දමා ප්‍රසිද්ධ කල යුතුයි. ඒ වාගේම අපේ ගම්වලට කිසියම් පුද්ගලයෙක් හෝ කණ්ඩායම් ඇවිත් සිටීනම් අප විසින් පොලීසියට හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතුන්ට දැනුම් දෙමු. අපේ ගම් රැකගනිමු. එවිට රටම රැකේවි

    • Hi says:

      එතකොට වැඩට යන්නේ කොහොමද? මම හමිබන්තොට , මාතර ,ගාල්ල,කලුතර පාස් කරගෙන කොළඹ වැඩට එන්නේ සාගරිකා දුමිරියෙන්.😯😯😯

  3. meme says:

    පුළුවන් තරම් කරන්න ඕනේ මිනිස්සු අනවශ්‍ය ලෙස ඒක රාශි වීම අඩු කරන එක…කොරෝනා නෙමෙයි මොන ව්‍යසනයක් ආවත් ඔරොත්තු දෙන්න රාජ්‍ය යාන්ත්‍රණය හැදෙන්න ඕනා …සියලු රජයේ සේවා අන්තර්ජාලය ඔස්සේ ලබාගත ලෙසත්…රාජ්‍ය සේවකයන්ට ගෙදර සිට සිය කටයුතු ඔන් ලයින් කර ගත හැකි ආකාරයට සිදු යුතුයි…මෙය රථවාහන තබදයටද විසඳුමකි.
    නමුත් වෙන්නේ …කොරෝනා අඩු වේගෙන එනකොට අර මුල් ගල් යුගයටම යාමයි.

  4. පොට්ටුවේ පඩි තකයා says:

    ආණ්ඩුව දැන් ගහන්නේ වෙනම ගේමක්. ඡන්දෙට කලින් තිබ්බ නිරෝධායන නීති රීති , PCR පරීක්ෂණ වලට උනන්දුව, කොරෝනා රෝගින් ට ප්‍රතිකාර කිරීමේ උනන්දුව ටික ටික අඩුවෙලා. කෙටියෙන්ම කියනවා නම් දවස ගානේ pcr පෝසිටිව් වෙන ගන්නත් අඩුවෙන් කියන්නේ.
    තව ඉස්සරහට ඉස්පිරිතාලේ නෙමේ පාරේ මලත් බල්ලෙක් මැරුණා ම තියන සැලකිල්ල වත් ලැබෙන්නේ නැහැ. තමතමන්ගේ pcr ගෙදරම කරගන්න කියයි.

  5. පොට්ටුවේ පඩි තකයා. says:

    ආණ්ඩුව දැන් ගහන්නේ වෙනම ගේමක්. ඡන්දෙට කලින් තිබ්බ නිරෝධායන නීති රීති , PCR පරීක්ෂණ වලට උනන්දුව, කොරෝනා රෝගින් ට ප්‍රතිකාර කිරීමේ උනන්දුව ටික ටික අඩුවෙලා. කෙටියෙන්ම කියනවා නම් දවස ගානේ pcr පෝසිටිව් වෙන ගන්නත් අඩුවෙන් කියන්නේ.
    තව ඉස්සරහට ඉස්පිරිතාලේ නෙමේ පාරේ මලත් බල්ලෙක් මැරුණා ම තියන සැලකිල්ල වත් ලැබෙන්නේ නැහැ. තමතමන්ගේ pcr ගෙදරම කරගන්න කියයි.

    • Hii says:

      නෑ නෑ පැකනිල් බීපං. ඒකටවත් මොලේ නෑ. ආණ්ඩුවට බනින්න ජරාව කන පිංගුත්තරයා.

  6. Kalana says:

    අන්තවාදීන් දැන් පස්සෙන් හිනා වෙන්නේ… කොහොමද Game පාස්කු අල්ලපු ත්‍රස්තවදියෙකුත් නැහැ, දිගටම උන් දෙනවා… මී හරක් පාලනය කරනකොට මෙහෙම තමයි. රට LOck Down කලේ නැහැ ආර්ථිකය හින්දලු, දැන්? ගෙවපල්ලා ජීවිත වලින්. හෙන ගහනවා කාලකන්නි දේශපාලුවන්ට.

  7. ExUNPer xx says:

    මේ මිනිසුන් මැරුන හේතුව වෙනත් එකක් නම් කොරොන වෛරසය සිරුරෙ තිබුනත් නැතත් එය කොරෝනා මරණයක් නොවේ. එය සාමාන්‍ය දැණුම මෙන්ම WHO උපදේශය​.

  8. ගමරාළ says:

    ලන්කාවෙ ඉන්නව ආත්මාර්තකාමී අමු පිස්සෝ රැලකුත්.. අද අතයවශය සේවා සදහා වත් පාරෙ යන්න නැහ.. ගෙදර ඉන්න සනුහරේම වාහනයෙ දාගෙන බස්නාහිර පලාතෙන් පිට යන්න ට්‍රිප් යන්න දගලනව… හැම චෙක් පොඉන්ට් එකක්ම චොක බ්ලොක්… මුන්ට කොරොන නෙමෙයි මහසොහොන කීවත් තේරෙන්නෙ නැහ..

  9. Tomba says:

    මොන රජයක් හිටියත් වැඩක් නෑ මෝඩ කාලකන්නි මිනිස්සු මාස්ක් එක නිකටේ හරි බෙල්ලට හරි දාගෙන ඇවිදිනවා නම්. වෙළෙන්දොත් ඕක කරනවා. සුමාන දෙකක් මිනිස්සු හරියටම ඒක කෙරුවොත් 98% වඩා කොරෝනා බෝවීම් නවතිනවා. කොහේද අපේ කාලකන්නි පව්කාර හැත්ත කියන දෙයක් අහන්නේ නැතුව ඉල්ලන් කනවා

Main News