කොරෝනා යලිත් රට පුරා පැතිරෙනු ඇතැයි සෞඛ්‍ය නිසි බලධාරියා කියයි…

June 5, 2020 at 9:20 am | lanka C news
කොරෝනා යලිත් රට පුරා පැතිරෙනු ඇතැයි සෞඛ්‍ය නිසි බලධාරියා කියයි…

රට තුළ සීමාවන් ලිහිල් කර තිබෙන තත්වයක් යටතේ පොදු මගී ප‍්‍රවාහන සේවාවන් වලට හඳුන්වා දී ඇති සෞඛ්‍ය නීති දැඩිව ක්‍රියාත්මක කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

මෙවැනි සෞඛ්‍ය නීති නිසිලෙස ක්‍රියාත්මක නොවුනහොත් කොරෝනා වෛරසය නැවතත් සමාජය පුරා පැතිරීමේ අවදානමක් ඇති බවද ඔහු පෙන්වා දෙයි.

පොදු මගී ප්‍රවාහන බස් රථ වල සෞඛ්‍ය නීති නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවට විවිධ පාර්ශව වලින් එල්ලවන පැමිණිලි හේතුවෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් නව උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.

බස් රථ වල රියැදුරන් සහ කොන්දොස්තරවරුන් සමාජ දුරස්ථ භාවය පිළිබඳ නීතිය නොතකා හිතුමතේ කටයුතු කරන බවද සෞඛ්‍ය අංශ වලට තොරතුරු ලැබී තිබේ.

ඒ අනුව එම නීති උල්ලංඝනය කරන රියැදුරන් සහ කොන්දොස්තර අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම ක්‍රියාත්මක කරන බව පොලීසිය සඳහන් කරයි.

177,463 Viewers

27 Comments to “කොරෝනා යලිත් රට පුරා පැතිරෙනු ඇතැයි සෞඛ්‍ය නිසි බලධාරියා කියයි…”

  1. Sirimal says:

    බස් කාරයින්ට නීති දාලා වැඩක් නැහැ

    දැනට තියෙන නීති ලිහිල් කරන්න එපා

    නැත්නම් මීලග කොරෝනා පොකුරු බස් වලින් තමයි හැදෙන්නේ

    ඔක්කොම උත්සාහ වතුරේ

    • සයිමා says:

      දැන් මිනිස්සුන්ට ගානක් නෑ. බලධාරීන්ම කොරෝනා කියන එක හෑල්ලු කරා. දැන් කීයෙන් කීදෙනාටද කොරෝනා ගැන බයක් තියෙන්නෙ. බස් කාරයොන්ට බැනල වැඩක් නෑ.. මිනිස්සුන්ගෙ හැටි මේ. ඔබම උදාහරනෙට ගන්න. මුල් දවස් වල වගේ බයක් දැන් තියෙද කොරෝනා ගැන. මගේ මතය අණ්ඩුවට ඕන උන හැගීම දැන් මිනිස්සුන්ට දැනිල. දැන් නවත්වන්න බෑ

      • Muditha says:

        කාටවත් අමතක වෙලා නෑ බය නැතිවෙලත් නෑ මේ රටේ පාලකයෝම නිරෝදායනය නීති අමු අමුවේම කඩාදාලා නරක ආදර්ශයක් ලබාදුන්නන වෙලාවේ මේ අනිල් ජයසිංහ ලාගේ කටවල් වැහිලා දැන් කෑ ගහනවා.මොකද තොන්ඩාට එක නීතියක් බoඩාට එක නීතියක් යන පුර්ව කතනය ලබාදුන්නේ කවුද කියන එක අනිල් මහත්ට්ජයාට අමතක වෙලා .බස් වලට වැඩක් නෑ සෑම මිනිහෙක්ම වගකියන්න ඕනි.ස්නග වැඩිනම් බස් රටතයට ගොඩ වෙන්නේ නැතිව ඉන්න ඕනි .සෑම කෙනාම බලා පොරොත්තු වෙන්නේ වෙලාවට වැඩට යන එක.පුද්ගලික බස් රත අයිති කරුවන් පිනෑස් ගෙවීමද තවත් කාරනයෙකි එසේනම් රජය කලයුත්තේ වැඩොයෙන් බස් රත යෙදවීමයී .මගින්ගේ යුතුකම සෙනග වැඩින්ම් බස් රතයෙට ගොඩ නොවිය යුතුය එහෙත් කෙසේ හෝ වෙලාවට වැඩට යායුතුව ඇත.????

    • Lanka says:

      Mee siyallata Jaaasinghe wagakiyanda ooone…..thamange thanathura wenuwen rata…bhayaanaka awadaanam thathwayakata dammata

      • Thenuwara says:

        Yes Jasinghe is the Culprit for inducing government to hold the election releasing forged statements to Presidents Secretary. It potrayed a wrong picture in the society implying it is safe to go out and use public transport. Now he is bit skeptical on what he said earlier. These kind of political bootilickers should be sacked from services by respective tradeunions.

    • රට රකිමු says:

      බස් වලට බැනලා වැඩක් නැහැ. ඒ අය මුදල් ගැන හිතනකොට කොරෝනා අමතක කරනවා. දේශපාලකයන් චන්දය ගැන හිතනකොට කෙරෝනා අමතක කරනවා. තවම ඉවර නැති බව ඒත්තු ගන්නන එක නැවැත්තුවේ ඇයි. තව ප‌ොකුරක් හැදුනොත් රට මාස 3ක් 4 ක් වහන්න වේවි. එතකොට කවුද වගකියන්නේ. මිනිසුන්ගේ බය නැති කරන්න එපා. වැරදි කරන අය විඩියෝ කරලා නිර්නාමිකව යවන්න තැනක් හදලා දෙන්න. පැමිණිලි කරන්න තැනක් හදලා දෙන්න. ඒවාට ක්‍රියාත්මක උන අකාරය මාධයය මගින් පෙන්වන්න. රට රකිමු.

  2. kawinda says:

    siyaluma langama saha pudgalika baswalata hamudaa niladaariyek yodawanna. tika dawasakata.

  3. හිතුමතෙ ජිවිතෙ says:

    ඔක මොකක්ද? මන් බදාදා 177 බස් එකෙ කොල්ලුපිටියේ ඉදන් කඩුවෙලට ආවා.බස් එකෙ ෆුඩ් බොඩ් එකෙත් සෙනග ලොඩ් කරල.පොලිසියෙන් දැකලත් අහක බලන් හිටියෙ.කඩුවෙලට එනකම් කිසිම පොලිසියෙ කෙනෙක් නැවැත්තුවෙවත් නැ.

    • රථ වාහන පොලිසිය says:

      එතකොට, අපි ඕක ඇල්ලුවම, අපිට ගාන දෙන්නේ උඹද ?

  4. ad says:

    පෞද්ගලික මගී ප්‍රවාහනය දුෂිතයි. මගී ප්‍රවාහන අධිකාරි මහජනතාවගේ මුදල් කයි. රථ වාහන පොලිසිය සිය රාජකාරිය ඉටු කිරීමේ වැලකි රටට බරක් වී ඇත. මෙවැනි ආයතන වසා දැමිය යුතුය.

  5. ගස් බණ්ඩා says:

    හරිම සිම්පල්නෙ, සමාජයෙන් කොරෝනා රෝගියෙක් හදුනාගත් සැනින් එම රෝගියාව නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කරන්න.,
    ඉන්පසු කියන්න එම රෝගියාව සොයාගත්තේ නිරෝධායන මධ්‍යස්ථානයක සිටියදී කියලා.

    එතකොට පවිත්‍රා නෝනාට කියන්න පුලුවන් දින මෙච්චරකින් බාහිර සමාජයේ රෝගියෙක් හමුවී නොමැත කියලා.

    • Boo says:

      එහෙම කරන්න දෙන්න බෑ . එයාල ඔය විදිහට වැරදි ප්‍රවෘත්ති දෙනබව ඔබ හොඳින් දැනගෙන ඉන්දැද්දී ඒ බව ප්‍රසිද්ධියේ හෙලිකල යුතුයි. ඒ ඒ රෝගියා සමාජයේ කොතනින්ද හඳුනා ගත්තේ, මොන ගමේද, මෙන්න නම-ගම කියලා ඔබ විසින් මාධ්‍යයට හෙළි කිරීමෙන් පවිත්‍රා නෝනා බොරු කියන බව ඔබට රෙද්දක් ඇඳගෙන හිටගෙන ඔප්පු කල හැකිව තිබියදී ඔබට නිකං තේරුමක් නැති මඩ ගහන්නෙක් ලෙස සමාජය විසින් ගරහන්න ඉඩ තබන්න එපා, එය ඔබේ ඔබේ ආත්ම ගරුත්වයටත් පවුලේ අයටත් ලැජ්ජාවක් වෙයි. අපරාදේ නේ එහෙම වෙන්න දෙන්න එපා.

      අපට ඇත්ත හොයලා දෙන්න, හැබැයි අර දෙමල ජාතිවාදීන් විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට කියන්නේ අර යුද්දෙදි අහිංසකයෝ 40,000ක් මළා, 50,000ක් මළා කියල කිසිම නමක් ගමක් නැතුව, ඒ තත්වෙට වැටෙන්න එපා.

    • ගස් බණ්ඩා උඔ හොද පුා ඔත්තු සේවයට මොකද ගතමන්ට් එක දීපු ගමන් මරනයට කැප වෙන මිනිසා වැරදිද නිවැරදිද කියලා සෙවිල්ලක් නැහැ දුන්නා ෂොට් එක.

      දැන් උඔම සිවිල් සමාජයෙන් හදුනාගත් කොරොනා රෝගියෝ කී දෙනෙක් ඉන්නවද?

      එහෙනම් මුලින් ගම ඊට පස්සේ පාර, ඊටත් පස්සෙ ස්තිු පුරුෂ භාවය, ඊටත් ඊටත් පස්සේ වයස සමග නම රජයට දීපං. නැහැ නැහැ හමුදාපතිට විස්තර දීපං. අන්න එතකොට උඔ පොර වෙනවා. එහෙමත් නැතිනම් බොරු මවන්නේ නැතිව හිටපං. අනික මචං උඔලා මිනිස්සුන්ව 2015 ගොනාට දැම්මට දැන් බෑ හරිද.

  6. sugune says:

    Wednesday 174 route eket ehema tama. Seat ganata neme awe.

  7. Nishantha says:

    Stop importing Corona from abroad and let innocent local people to live freely. Impose laws to stop corona people coming in and let those countries to manage those problems. Don’t import impossible and impractical restrictions. President is good other than not thinking about poor local people but thinks big about monied people in abroad. He has to change this attitude to become a charismatic national leader.

  8. අපේ නීති තදින්ම ක්‍රියාත්මක වූ දිනවලත් ඕස්ට්‍රේලියාවේ තිබුණේ සාමාන්‍ය කොරෝන නීති මාලාවක් පමණයි. හැබැයි එම නීති කඩන්නන්ට දඩයක් නියම කොට තිබුනා. නමුත් ප්‍රධානම කරුන වුනේ එරට ජනතාව පිස්සු නොකෙල එම නීති තමනට හැකි පමණ ඉහලින් පිළිපැදීමයි.
    අද එරට සතුටුදායක මට්ටමකට පැමිණ ඇති අතර නීති සැහෙන දුරකට ලිහිල් කොට ඇත.
    පරයි වෙට්ටු මදාවි න්ගේ ක්‍රියාවලට ජනතාව උදව් දෙන්නේ අයි??? වරද කාගේද????

  9. namal raj says:

    That American Embassy man should not have been allowed to enter Sri Lanka at the Airport for refusing to comply with the PCR test that should be done by all incoming passengers at the A’port. This American head-strong idiot is just nobody, and America is going down very badly economically, socially and in human quality. SLPP govt. we voted to power should ask the American High Commissioner to send him back to America for violating our Sri Lanka Laws applicable to all foreigners including Embassy officials.
    Also, we should be careful of China aid since as some commentators said in these columns, /China will give all the money we ask for with the malicious motive of one day turning this tiny Lanka of ours into another Hongkong for China to play with.

  10. lotus says:

    will SAHARAN attack again? it is TOP news in each channel

  11. baiya says:

    samaje ekama corona rogiyekwath naane. ithin mokatada oya neethi. borunam pavithra madamgen ahandako.

  12. MAHESH says:

    අපේ මිනිස්සුන්ගේ හිත්වල දැන් කොරෝනා බය නැතිවෙලා.එහෙම උනේ නීති ලිහිල් කරපු එක.මේ රටේ මිනිස්සු පාලනය කරන්න පුළුවන් නීතිවලින් විතරයි.ඇදිරි නීතිය කඩකරපු කීදෙනෙක් අත් අඩංගුවට ගත්ත ද.
    ඒ නිසා නීති තව දැඩි කරන්න ඕන.නැවත සමාජයට වෛරස් එක ගියෝතින් සියළු කැපකිරීම් වතුරේ.

  13. RH says:

    You must send another Doctors mission with creative minds to the navy base to find an effective solution, but not with Dr. Sudath Samaraweera or Dr. Paba Palihawadana because they do not have creative minds. Also, it is hard with the foolish navy administrators.

  14. Upul says:

    Where were you during Thondamans funeral?

  15. Trump says:

    Jasinghe ge janapriyatwaya tiyenne corona nisa. Mans ta corona ain karanna wuwamanawak na. More corona More money

  16. mahinda says:

    Thondaman giving his life fear of Korona was hidden in the hell ,How great?