කොරෝනා යලි ඇවිත්ද.. ජනාධිපතිගෙන් ජනතාවට සහතිකයක්..

July 14, 2020 at 6:48 pm | lanka C news
කොරෝනා යලි ඇවිත්ද.. ජනාධිපතිගෙන් ජනතාවට සහතිකයක්..

කොවිඩ් 19 වසංගතය ලෝකයෙන් තුරන් කරන තෙක් විටින් විට රට තුළ මතු විය හැකි වෛරසය පැතිර යාමේ අවදානම පාලනය කර, ජනතාව රැක ගැනීමේ අභියෝගය ජය ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

කොවිඩ් වසංගත ව්‍යාප්තියත් සමග ලොව බොහෝ රටවලට පෙර එය මර්දනයට වගකිවයුතු රජයක් ලෙස ඉතා සාර්ථකව පියවර ගත් බව ජනාධිපතිතුමා සිහිපත් කළේය. “එහිදී විවිධ අභියෝගවලට මුහුණදීමට සිදු විය. මනා සැලැස්මක් ඇතිව ඒවා එකින් එක ජයගනු ලැබීය. නිරෝධායන කඳවුරු ගැන එදා කිසිදු රටකින් අසන්නට නොලැබිණ. එය හඳුන්වා දුන්නේ අපය. අද බොහෝ දෙනෙකුට මේ බව අමතක වී ඇතැයි” ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන් කොවිඩ් 19 ආසාදිතයන් පිරිසක් හමුවීමත් සමග උද්ගතව ඇති තත්වය විමර්ශනය කරනු පිණිස කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය සමග අද (14) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී එතුමා මේ අදහස් පළ කළේය.

වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රය, යුද හමුදාව, බුද්ධි අංශ සහ පොලීසිය දායක කර ගනිමින් ජනවාරි 26 දින කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය ස්ථාපනය කෙරිණ.

චීනයේ, වූහාන්හි අසරණව සිටි සිසුන් මුදා ගැනීමේ සිට සියලු රටවල් අභිබවා රජයක් ලෙස වගකීමෙන් ගත් පියවර ජනාධිපතිතුමා සිහිපත් කළේය.

රජය නායකත්වය දෙමින් තීරණ ගැනීම සහ සෑම අංශයක්ම දායක කරගැනීම යන ලක්ෂණ අභියෝග ජය ගැනීමට පාදක වූ බව ජනාධිපතිතුමා පැවසීය. රටවල් 74ක සිට පුද්ගලයන් 16,279 දෙනෙකු මවුබිමට රැගෙන විත් නිරෝධායනය කර නිවෙස් වෙත පිටත් කර හැරිණ. නිරෝධායන මධ්‍යස්ථාන 70ක් පවත්වාගෙන යමින් කළ මෙහෙය ද ජනාධිපතිතුමා මතකයට නැංවීය.

“නිරෝධායන මධ්‍යස්ථාන ස්ථාපනයට සැලසුම් කිරීමේ දී ප්‍රදේශවාසීන්ගෙන් විරෝධතා පැමිණියා. ඉතාලිය, දකුණු කොරියාව ඇතුළු රටවලින් පැමිණි පිරිස නිරෝධායනයට යොමු කිරීමේ දී ඔවුන්ගෙන් විරෝධතා ආවා. ඉදිරියටත් කුමන බාධක පැමිණිය ද අභියෝග ජය ගනිමින් ජනතාව රැක ගැනීමේ වගකීම අත්හරින්නේ නෑ” ජනාධිපතිතුමා අවධාරණය කළේය.

කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන් හමු වූ කොවිඩ් ආසාදිතයන්ගේ සමිපතමයන් හඳුනාගෙන නිරෝධායනට යොමු කර තිබේ. ඒ ආශ්‍රිත වළලු 04ක් දක්වා පුළුල් පරාසයක් ස්වයං නිරෝධායනයට යොමු කර ඇත. උද්ගත වූ තත්වය පාලනය කිරීමට සමත් වූ අයුරින් ඉදිරියේ දී මතුවන අභියෝග ජය ගැනීමට රජය සැලසුම් කර ඇතැයි ජනාධිපතිතුමා පැවසීය.

PCR පරීක්ෂණ අඛණ්ඩව සිදු කරමින් සමාජය තුළ වසංගතය පැතිරයාම අවම මට්ටමේ තබා ගැනීමට පියවර ගන්නැයි ජනාධිපතිතුමා සෞඛ්‍ය බලධාරීන්ට දැන්වීය.

ආසාදිතයන් හඳුනාගත් රාජාංගනය අතුළු සෙසු ස්ථානවල PCR පරීක්ෂණ වැඩිකරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිතුමා වසංගතය පිළිබඳ අලුත්ම තොරතුරු සහ රජය ගෙන යන ක්‍රියාමාර්ග ගැන ජනතාව දැනුවත් කරන ලෙස නිලධාරීන්ට දැන්වීය.

කොවිඩ් වසංගත මර්දනයට සමගාමීව මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන් පුළුල් කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග අද රැස්වීමේදී දීර්ඝ සාකච්ඡාවට ලක් විය.

කොවිඩ් මර්දන ව්‍යාපාරය සාර්ථකව රට පුරා ක්‍රියාත්මක කිරීමට දිවා රෑ නොබලා අඛණ්ඩව දායක වන සියලුදෙනා තමා ඉතා ඉහළින් අගයන බව ද ජනාධිපතිතුමා පැවසීය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි, ජනාධිපති ලේකම් පී.බී . ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් යන මහත්ම මහත්මීහූ සහ කොවිඩ් කාර්ය සාධක බලකායේ සාමාජිකයෝ සහ විශේෂඥ වෛද්‍යවරු සාකච්ඡාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

4 views

46 Comments to “කොරෝනා යලි ඇවිත්ද.. ජනාධිපතිගෙන් ජනතාවට සහතිකයක්..”

  1. රුවන් says:

    මොන දේ කලත් රට ඉඳල කිසිම කෙනෙක් ලංකාවට ගෙන්නවන්න එපා කොරෝනා ඉවර වෙනකම්. මෙහෙම අපිට විඳවන්න බෑ. එයාල ලංකාවේ වෙන්න පුලුවන් . ඒත් කොරෝනා ගෙනත් මේ රටේ ඉන්න මිනිස්සු න්ට බෝ කරන්න කිසිම අයිති යක් නෑ . එන්න දෙන්න එපා කාටවත් ලංකාවට ගුවන් තොටුපළ අරින්න එපා… රට ඉඳලා කට්ටිය ගෙන්නුව නිසයි ලංකාවේ ආයෙ දෙවැනි රැල්ලක් ඇති වුනේ.

    • Mahesh says:

      මේකෙ කමෙන්ට් දාපු ගොං වස්සො හිතනවද දන්නෑ රට ඉදලා ආපු මිනිස්සුන්ව කන්දකාඩුවෙ මත්ද්‍ර්ව්‍ය පුනරැත්ථාපන කදවුරට යැව්වා කියලා,,
      මේක බෝ උනෙ කුඩු කාරයො නිසා

    • Janaka from Matara says:

      “රට ඉඳලා කට්ටිය ගෙන්නුව නිසයි ලංකාවේ ආයෙ දෙවැනි රැල්ලක් ඇති වුනේ”
      කවුද තමුන්නැහේට ඒ කතාව කිව්වේ??
      පත්තර වල නං තිබුනේ සුදුවැල්ලේ කුඩු කාරයො කංදකඩුවට අරං ගිහිං පැතිරෙව්වයි කියලා

    • Kkp says:

      අනේ ගොබ්බයෝ. උබ විතරද ජීවත් වෙන්න ඕන. අපේ රටට අපි එන්න ඕන නැද්ද. නිකමා.

  2. නාරාහේන්පිට අඹේ says:

    මේ මුසලයා ආපු දවසේ ඉදං රටට හොදටම කෙලවෙලා. මුසල පාලකයෝ ඇවිත් රට ඉවරයි.

    • Lal & Gietha, USA says:

      දැන් එතකොට ඇමරිකාවෙ, ඉතාලියෙ, දකුණු කොරියාවෙ, ස්පාඤ්ඥයෙ, බ්‍රසීලයෙ, ඉන්දියාවෙ එහෙමත්
      ඉන්නෙ මූසල පාලකයො වෙන්ඩ ඇති නේද?

  3. Power says:

    ඔබතුමන්ට නිසි වෙලාවට නිසි පියවර ගත් නිසාවෙන් අපේ රට තුළ පළමු කොරෝනා රැල්ල අති සාර්ථක අයුරින් පාලනය විය. එහි සාර්ථකත්වය කෙතරම්ද කිවහොත් නිරෝධායන මධ්‍යස්ථාන වලින් හැර, විවෘත සමාජයෙන් නව කොරෝනා ආසාධියන් හමු නොවන තැනටම එය පාලනය විය. එහෙත් නැවතත් දෙවන රැල්ලක් අරඹමින් නව කොරෝනා අසාධිතයින් විවෘත සමාජයෙන් හමු වෙවින් පවතී. පළමු කොරෝනා රැල්ල සේ මේ දෙවන රැල්ලත් ඔබතුමන්ගේ සෘජු නායකත්වය තුළ පාලනය කරනු ඇතැයි ජනතාව ලෙස අපි තදින්ම විශ්වාස කරමු.

    • ඔඩ්ඩි යකා says:

      එකම පිලිතුර පෑඩ් සජියා කැඳවා වැඩේ බාරදීමයි, උගෙ පකනිල් බෙහෙත දෙන්න කියමු, ඔන්න පැඩයෝ කලර්ස් පෙන්වීමට නියම වෙලාව., කයිය ගැහුවට වැඩැක් නැහැ , උඹව පීචන් වෙනවා, මොකක් හරි කරපිය එතකොට අපි කියන්නම් පෑඩ් සජියා තමයි නියම පොර කියලා චන්දෙත් දිනලා දෙන්නම්, ඇයි යකෝ උඹේ පකනිල් බෙහේත

  4. Ishan Wanigasekara says:

    හෙම්බිරිසාවක් හැදුනු අනුරකුමාර සිරිකොතේදී UNP මන්ත්‍රීල 100 දෙනෙක් එක්ක පැයක රහස් සාකච්ඡාවක් කලත් ඒ එකඳු UNP මන්ත්‍රී කෙනෙක්ට වත් හෙම්බ්බිරිසාව බෝ නොවන්න පුළුවන්. හැබැයි අනුරකුමාර බැඳපු පුංචිඅම්මා අඳුනන අයිය කෙනෙක්ගේ අල්ලපුගෙදර එකාට කොරෝනා හැදුනොතින් UNP එකෙන් සල්ලි ගන්න අනුරකුමාර සිරිකොතේ වැසිළිලියට රිංගන විනාඩියට මුළු සිරිකොතටම කොරෝනා හැදෙන්න පුළුවන්. කොරෝනා කියන්නේ ඒ තරම් පහසුවෙන් බෝ වෙන්න පුළුවන් රෝගයක් වුනත් අපේ රටත් ජනතාවත්  එයින්  ආරක්ෂා කරගෙන රට ඉදිරියට ගෙන යන ජනාධිපතිතුමා ඇතුළු රජයට අපේ ප්‍රණාමය!

  5. Gini says:

    Before controlling the Corona, should control some politicians who use this as a issue and talking like idiots.

    • Janaka from Mathara says:

      Exactly, knowing very well that public gathering will definitely lead to the spread of this Corona virus, if they still
      say they will go ahead with conducting political meetings regardless, we can gauge the sizes of their mental capacity.

  6. hitan says:

    continue your great work sir
    no point arguing with non-specialists of the subject

  7. bua says:

    what is corona? shit. we can use army and shoot them down.

    lets have a party like thondamns funeral.

    then lets have a election.

    lets chase away doctors and GMOA.

    Lets get big fellows from America without PCR.

    Lets use ranawiruwo to beat women and throw them into jeeps.

    we are the greatest.

Main News