කොරෝනා යලි පැතිරිය හැකි අවදානම්ම තැන ජාසිංහ කියයි..

June 9, 2020 at 4:40 pm | lanka C news
කොරෝනා යලි පැතිරිය හැකි අවදානම්ම තැන ජාසිංහ කියයි..

කොරෝනා වෛරසය පැතිරී යාමට ඇති අවදානම් ස්ථානය ලෙස පොදු ප්‍රවාහන සේවය හඳුනාගත හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

එනිසා මහජනතාව ඒ ගැන වඩාත් සැලකිලිමත් විය යුතු යයිද ඔහු පැවසීය.

පෙරේදා දිනයේ සිට පොදු ප්‍රවාහන සේවය නැවත ඇරඹීම ගැන අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

බස් රථවල ආසන ගණනට පමණක් මගින් ගෙන යාම ඉතා වැදගත් බවත් වසංගතය විශාල වශයෙන් නැවත පැතිරී ගියහොත් විශාල ප්‍රශ්නයක් විය හැකි යැයි ද ඔහු පැවසීය.

274 views
Main News