කොරෝනා යලි මඩින්න ජනපති දුන් උපදෙස් මෙන්න…

October 6, 2020 at 6:02 am | lanka C news
කොරෝනා යලි මඩින්න ජනපති දුන් උපදෙස් මෙන්න…

හඳුනාගත් කොවිඩ් අසාදිතයන්ගේ සමීපතමයන් හඳුනාගෙන රෝගය පැතිරයාම වැළැක්වීමටත් රෝගීන් හඳුනා ගැනීමේ PCR පරීක්ෂණ සංඛ්‍යාව වැඩිකිරීමටත් කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අදාළ පාර්ශ්වයන්ට උපදෙස් දෙයි.

අසාදිතයන් ළඟින් ඇසුරු කළ පිරිස දැන් හඳුනාගෙන තිබේ. ඔවුන් නිවෙස්වල සිට ස්වයං නිරෝධායනයට යොමුකර ඇත. එම පිරිස ආසන්නතම ප්‍රදේශවල හෝටල්වල නිරෝධායනයට පියවර ගන්නැයි ජනාධිපතිතුමා නියම කළේය.

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකින් දින දෙකක් ඇතුළත කොවිඩි ආසාදිතයන් හඳුනාගැනීමත් සමග එය මර්දනයට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය සමග (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී රාජපක්ෂ මැතිතුමා මේ බව පැවසීය.

කොවිඩ් මර්දනයට රජය දී තිබූ උපදෙස් පිළිපැදීම කාලයත් සමග ජනතාවගෙන් ගිලිහීයාම රෝගය ආසාදනයට මූලිකම හේතුව බව වෛද්‍යවරු පෙන්වා දුන්හ.

කොවිඩ් වසංගතය ලෝකයේ සෙසු රටවල් වේගයෙන් ආක්‍රමණය කරමින් සිටී. ඒ පිළිබඳව වාර්තා කළද ජනතාව දැනුවත් කිරීමට රට තුළ ගෙන ගිය ප්‍රචාරණ වැඩපිළිවෙළ මාධ්‍ය  වෙතින් මගහැරී ගිය බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි. සාමාන්‍ය පරිදි කොවිඩ් වසංගතය පවතින බව ජනතාවට ද අමතක වූ බව ජනාධිපතිතුමා කියා සිටී.

දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල මෙන්ම ආයතනවලද අහඹු ලෙස PCR පරීක්ෂණ සිදු කිරීමට උපදෙස් දී තිබේ. විශේෂයෙන්ම කණ්ඩායම් වශයෙන් විශාල පිරිසක් සේවය කරන ආයතනවල PCR පරීක්ෂණ අහඹු ලෙස විටින් විට සිදුකරන ලෙස නියම කර තිබිණ. එහෙත් කර්මාන්තශාලා වෙතින් එය නිසි ලෙස සිදු වී නොමැති බව පෙනි යන්නේ යයි ජනාධිපතිතුමා කියා සිටී.

පවතින තත්ත්වය අවබෝධ කරගෙන යළි එය මර්දනයට සහයවීමට මාධ්‍යට සහ ජනතාවට විශාල වගකීමක් ඇති බව ජනාධිපතිතුමා කීය. මාස දෙකකට පසු කොවිඩ් ආසාදිතයින් සමාජයෙන් හමුවීම පිළිබඳව පුළුල් විමර්ශණයකට ලක් කළ යුතු බව ද රාජපක්ෂ මැතිතුමා පැවසීය.

පොලීසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කළ විශාල කාර්ය භාරය සිහිපත් කළ ජනාධිපතිතුමා නැවත එම වැඩපිළිවෙළ ප්‍රදේශ මට්ටමින් ක්‍රියාත්මක කිරිමේ වැදගත්කම අවධාරණය කළේය.

රෝගීන් හඳුනාගත් ප්‍රදේශවලින් ජනතාව බැහැර යාම වැළැක්වීමට දැනටමත් පියවර ගෙන තිබේ. ප්‍රදේශයේ සෙසු කර්මාන්ත ශාලා සහ ආයතන අහඹු ලෙස පරීක්ෂාවට ලක් කෙරේ. පෞද්ගලික අංශයේ දායකත්වය ඇතිව ආයතන සේවකයන් අහඹු ලෙස පරීක්ෂාවට යොමු කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

කොවිඩ් මර්දනයට අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග ලෙස හඳුනාගත් බොහෝ දේ ජනතාව නිසි ලෙස පිළි නොපදින බව පොලිසිය සඳහන් කළේය. පවතින නීති රීති කොවිඩ් මර්දනය ඉලක්ක කර ගනිමින් ගැසට් කිරිමේ අවශ්‍යතාව ද සාකච්ඡාවට ලක් කෙරිණ.

ජනතාව දැනුවත් කිරීම මාධ්‍ය මගින් අඛණ්ඩව සිදු කරන ලෙස ද ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ.

ප්‍රතිශක්තීකරණය වර්ධනයට සහ රෝගය වැළඳුණු පිරිස ඉක්මනින් සුවපත් කිරීමට දේශීය ඖෂධවලට ඇති හැකියාව සාකච්ඡාවට ලක් විය.

ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්ම මහත්මීහු සහ කොවිඩි මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

72,003 views

11 Comments to “කොරෝනා යලි මඩින්න ජනපති දුන් උපදෙස් මෙන්න…”

  1. උක්කුං මල්ලී says:

    කොවිඩ් වසංගතය ඉවර කලා කියලා නේද අපෙන් ඡන්දය ගත්තේ.

    • මහනුවර අක්‍රම් says:

      උඹ ඡන්දේ දුන්නේ නෑනේ උක්කුවො…. බොරුවට පූදින්නෙ නැතුව හිටහං

    • පාස්කු රජා says:

      එහ‌ෙම ඉවර කරලා පුළුවන්ද කොරෝනා වගේ වටින දේවල් ?
      හදිසි අවස්ථාවලදි ප්‍රයෝජයට ගන්න ටිකක් ඉතිරිකර ගත්තා.කුකුල් ගූත් බ‌ෙහ‌ෙතට ඕන ව‌ෙන ව‌ෙලාවල් තිය‌ෙනවා.
      කොරෝන කොරෝනා කියලා ද‌ෙපාරයි කිව්වේ..පොල් මැන මැන කෑගහපු එවුන් ටේප් ටිකත් දාලා දුවලා.20ට බකට් දාපු එවුන්,බදුර්දීන්ගේ අර චූටි මල්ලියාට නෝක්කාඩු කියපු උන් ලොව‌ෙත් නෑ.බලං ගියාම කොරෝනා ල‌ෙඩක් න‌ෙවේ දිව්‍ය ඖෂධයක්.

      • kamal says:

        ඒවගේම පජාත වෙලා හිටපු ටොයියො ජවිපාවෝ පන ගහලා හුරේ ගෙන නටන නැටිල්ල

    • pohottu says:

      eya dena upades aran lankawa dan somaliyawata wada tikak ihalin innawa. thawa tika dohakin somaliywe level ekata watennna ida thiyanawa.

    • RAW Agent says:

      ඔව් ආණ්ඩුව ඒක ඉවර කළා.
      මෝඩ පුරවැසියෝ ඒක වගා කරගත්තා.
      බෙල්ල වැහුවම වෛරස් රැවටෙයි කියලා හිතු එවුන්
      දැන් ආණ්ඩුවට බණිනවා.
      තව ටික දවසකින් මුන්ගෙ පස්ස හෝදන එකත්
      ආණ්ඩුවටම බාර දේවි.

  2. දිලිත් says:

    හරි බන් එල..
    කෙලෞනාට පස්සෙ උපදෙස් දෙන්නෙ
    කෝ ඔයාගෙ මාස්ක්

  3. කඩවත වීරමුණි says:

    මිනිස්සු වට කරන් රට වටේ රවුම් ගහන කොට ඕක හිතුනේ නැද්ද මහත්තයෝ . දැන් ඉතින් ඉස්ථාලේ දොර වහලා මක්ක කොරන්නෙයි. ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට කිව්වාලු.

    • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

      කෝ බං ප්ලැකුනිලා පේන්නවත් නැහැනෙ.උගෙ වටේ හිටපු මෝඩ රැලත් නැහැ.උන්ට එලොව පොල් පෙනිලද​?

  4. Karunarathna says:

    පාර්ලිමේන්තු 225 ටත් ලංකාවේ හරක් ටත් කොරොනා මාරාන්තික වයිරස් එකක් බව අමතක වුණා..ඊට වඩා වැදගත් දෙයක් නෙ 19..20 කොරන එක රට දියුණු කරන්ඩ එපෑයෑ..මරිලා හරි ඒක කොරොමු හිටං නෙ…

Main News