කොරෝනා රටට ඇතුළුවීම වැළැක්වීමට විද්‍යානුකූල ක්‍රමවේදයක්…

March 7, 2020 at 4:40 pm | lanka C news
කොරෝනා රටට ඇතුළුවීම වැළැක්වීමට විද්‍යානුකූල ක්‍රමවේදයක්…

කොරෝනා වෛරසය රට තුළට පැමිණීම නතර කිරීමට නිසි විද්‍යානුකූල ක්‍රමවේදයක් අනුගමනය කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කොරෝනා මර්දන කාර්ය සාධක බලකායෙන් ඉල්ලා සිටී.

රජය හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන් මුල සිට ගත් ක්‍රියාමාර්ග නිසා කලාපයේ කොරෝනා වෛරසයට සාර්ථකව මුහුණ දුන් රටක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි ජනාධිපතිතුමා පවසයි.  ඉදිරියටත් එම තත්ත්වය පවත්වා ගැනීමට ගතයුතු පූර්ව ක්‍රියාමාර්ග සොයා බැලීමට (06) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව සදහන් කළේය.

ඉරානය, දකුණු කොරියාව සහ ඉතාලිය යන රටවල කොරෝනා වෛරසය සීග්‍රයෙන් පැතිරයමින් පවතී. එම රටවල සිට මෙරටට පැමිණෙන අය දින 14 කාලයක් නිරෝධායනයට ලක් කළයුතු බව කාර්ය සාධන බලකාය ජනාධිපතිතුමාට නිර්දේශ කළේය. එමගින් කොරෝනා වෛරසය පැතිරීමේ බලපෑමට ලක් නොවූ රටක් ලෙස ශ්‍රී ලංකාවට තවදුරටත් ක්‍රියාකළ හැකි බව සාමාජිකයෝ පෙන්වා දුන්හ.

දැනටමත් සමස්ත දිවයින ආවරණය වන පරිදි රෝහල් රැසක සැක සහිත රෝගීන් සාර්ථකව නිරෝධායනය කෙරේ.  කොරෝනා ආසාධිත  කිසිදු ශ්‍රී ලාංකිකයෙක් රට අභ්‍යන්තරයෙන් හමු වී නැත. විදෙස්ගතව සිට  පැමිණෙන ජනයාට යම් රෝග ලක්ෂණයක් ඇත්නම්  සැඟවී නොසිට සමාජයීය වගකීමෙන් ක්‍රියා කිරීම යුතුකමක් බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

රෝගය බෝවීම වැළැක්වීමට ගන්නා සෞඛ්‍යමය ක්‍රියාමාර්ග මාධ්‍ය මඟින් නිරන්තරයෙන් ප්‍රචාරය කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. ඉදිරියේ දී නිරෝධායන ක්‍රියාවලිය ඇරඹීමට සිදුවුවහොත් ඒ සඳහා අවශ්‍ය ස්ථාන, සම්පත් දායකයන්, පහසුකම් සහ උපකරණ සපයා දීමට විධිමත්ව සූදානම් වන ලෙස ද උපදෙස් දෙනු ලැබිණ.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹේපොල, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, සෞඛ්‍ය ලේකම් භද්‍රානී ජයවර්ධන, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්ම මහත්මීහූ සහ කෙරෝනා මර්දන කාර්ය සාධක බලකායේ සාමාජිකයෝ  සාකච්ඡාවට එක්ව සිටියහ.

මොහාන් කරුණාරත්න
නියෝජ්‍ය අධ්‍යක්ෂ
ජනාධිපති මාධ්‍ය අංශය

116 views

11 Comments to “කොරෝනා රටට ඇතුළුවීම වැළැක්වීමට විද්‍යානුකූල ක්‍රමවේදයක්…”

  1. Janaranjana says:

    ගරු ජනාදිපතිතුමනි. මේ අවස්තාවේ ඕවා කතා කරල වැඩක් නෑ. අහිංශක මහජනතාවගේ මුදල් හොරාකාපු හොරුන්ට එරෙහිව අධිකරන නියෝගයක් නිකුත්ව තිබිය දීත් ඒ හොරුන්ව කුමන බලවේගයකින් හෝ ආරක්ශා කරනවානම් එයට විරුද්ධව ක්‍රියා මාර්ගයක් ගැනීමට නොහැකිද?. ඔබ එතරම්ම දුර්වලයෙක් කියල අපි හිතුවේ නෑ.

    • Silva says:

      MULU RATEMA CORONA PATHIRILAA AHINSAKA MINISSU MARUNAMA EKATA WAGA KIYANNE UMBE AMMADA.
      PASKU BOMBA GAHALA 300M GANANAK MARANAKAN THOPI GUNJVP EKATAB KADE
      GIYAA. BANKU HORU OKKOMA ALLANAWA.
      UMBATA COMMENT WALATA MUDAL GEWEEMATH EDAATA NATHARA WENAWA.
      BANKWA HORAA KAAPU RW, DAKSAYEK.
      HORAKAMA ALLANA GR, DURWALAYEK.
      EKA GUNJVP THARAKAYA.. ANE HUKE JANARANJANA…………

    • Rohitha says:

      gota. theendu ganne samastha janathaawage yahapathata.
      meka terumganta bary obta arsas roogaya nisaa mole toilat ekata watunada kiyala poddak
      paschaath bhaagaya athagaala balanna.

    • පුතානො says:

      Janaranjan යකෝ උබ හද්ද ගොනෙක් බන්..පොඩ්ඩක් ඉදපන් ඉවසන් ..උබෙ තින්කින් ගූ බන්..

    • Sathya says:

      G. L. පීරිස් අග්‍රාමාත්‍ය වරයා වසයෙන් පත් නොකලොත් මේ රජයේ ආයුකාලය අප්‍රිල් 25 දක්වා පමනයි.

    • Ravana says:

      අලුතෙන් පිස්සන් කොටුවකුත් හදන්ඩ වෙයි වගේ නේ? සීඝ්‍රයෙන් වැඩි වෙන උපදේශක පිස්සන්ව දමන්ඩ.

      • sahan says:

        WASARA 5K. RATAMA WINAASA KARANAKAN BILLO WAGE HITAPU GUNJVP KAARAYO
        DAN GR, TA UPADES DENAWA.
        RAWANA OBA KIYANNE ATTHA. MUN OKKOOTAMA KELAWALAA KIYALA MUN DANNAWA.
        KOHOMATH MATHIWARANAYEN PASSE MUN OKKOMA NATHARA WENNE ANGODA TAMAI.

    • Raterala says:

      ජනරංජන මහත්තයෝ එ්වා මාධ්‍යවලට කියලා ප්‍රසිද්ධියේ කරන්නේ නෑ. ඔයාගේ අදහසේ වරදක් නෑ ,අපිත් අවදියෙන් ..

    • Nishantha says:

      Pay attention to people coming from Switzerland too as it’s bordering France and Italy. There are lot of people from these countries coming in and out to Switzerland on daily basis for work and for holiday.

  2. Lucky says:

    Please do something immediately there is no time to waste hurry up our motherland is in danger

  3. lucky says:

    abisambidhana piritha dawasata dewarak ahanna

Main News