කොරෝනා රට පුරා පැතිරිලා.. දැන් සංචාරකයන්ට ජෛව බුබුළු වැඩක් නෑ…

January 20, 2022 at 5:30 pm | lanka C news
කොරෝනා රට පුරා පැතිරිලා.. දැන් සංචාරකයන්ට ජෛව බුබුළු වැඩක් නෑ…

කොරෝනා වෛරස මේ වන විට රට පුරා ව්‍යාප්තව පවතින නිසා සංචාරකයන් සඳහා ජෛව බුබුළු සංකල්පයක් අවශ්‍ය නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සහ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.

ජනතාව හා සංචාරකයන් යන සියලු දෙනා එක්ව තමන් ආරක්ෂා වෙමින් අනුන් ද ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි ද හෙතෙම පැවසීය.

එසේම සංචාරකයන් සඳහා අනුගමනය කරන සෞඛ්‍යය මාර්ගෝපදේශ හේතුවෙන් ගැටලුවක් ඇති නොවන බවද හෙතෙම කියා සිටියේය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.

41,230 views

4 Comments to “කොරෝනා රට පුරා පැතිරිලා.. දැන් සංචාරකයන්ට ජෛව බුබුළු වැඩක් නෑ…”

  1. sam says:

    Parata behala balapalla. Lankawata awith inna tourists la kee denek Mask danawada kiyala. Policiya mokada karanne…..

  2. PANDORA says:

    Hondatama Karala!

  3. phottu baiyyo says:

    APE SIR THAMAI HODATAMA KARE…

  4. True Srilankan says:

    මෙහෙමයි ඉතින්.. හිතලා බලන්න ඔන්න අන්ත දුප්පත් පවුලක් ඉන්නවා. ඒ පවුලේ මහ එකා අමු බේබද්දෙක්. ඌ හම්බ කරන හැම සතයක්ම කාබාසිනියා කරලා බීලා බීලා දැන් සිරෝසිස් හැදිලා මරණාසන්න වෙලා ලෙඩ ඇඳට වැටිලා ඉන්නේ. අරූ හම්බ කරපු සතයක් වත් ඉතුරු කරලා වත් වෙන ආදායම් මාර්ගයක් වත් නැති නිසා දැන් ගෑණියි දරුවොයි බඩගින්නේ ඉන්නේ. ඉතින් වටේ ගෙවල් වල මිනිස්සු ඇත්තටම අනුකම්පාවට හරි එහෙමත් නැතිනම් උන්ගේ ලොකු කම පෙන්නන්න හරි අර ගොල්ලන්ට කන්න බොන්න මොනවා හරි දෙන්න පටන් ගන්නවා. දැන් ඉතින් අර ගෙදර හැමෝම යැපෙන්නේ ඒ වටේ මිනිස්සු දෙන කෑම බීම වලින්. ඉතින් එහෙම වෙද්දි ඒ වටේ ගෙවල් වල උන් අරුන්ගේ වත්තට ඇවිල්ලා *ජ්ජ කරලා ගියත් මොකුත් කියන්න බැහැ. ඇයි ඉතින් ඊට පස්සේ කන්න බොන්න දෙන එක නැවැත්තුවොත් උන් බඩගින්නේ. ඉතින් අර *ජ්ජ ගඳත් සුවඳක් කියලා අරගෙන හිත හදා ගන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. ඉතින් ඔන්න ඕකම තමයි දැන් අපේ රටටමත් වෙලා තියෙන්නේ. මේ වෙනකල් රට පාලනය කරපු රටේ මහ එකාලා තියෙන ඩොලර් ඔක්කොම කාබාසිනියා කරලා ඉවරයි. ඒ විතරක් නෙවෙයි උන් කවුරුවත් රට ඇතුලට ඩොලර් ගේන්න විදියක් හදලත් නැහැ. ඉතින් අපිට මේ ලැබෙන හිඟන ඩොලර් ඩිංග හරි ලැබෙන්නේ ඔය සංචාරකයන්ගෙන් තමයි. ඒකත් නැති වුනොත් රටට ඉන්ධන ගෙන්නන්න වත් සල්ලි නැතිව රටම එක තැන නතර වෙනවා විතරක් නෙවෙයි සෑහෙන්න පිරිසකට බඩගින්නේ මැරෙන්නත් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් උන් මාස්ක් නැතිව තියා දකින දකින එකාගේ මූණට කැහැලා ඕන කමින්ම කොරෝනා බෝ කර කර ගියත් අපිට කරන්න දෙයක් නැහැ. මහ ලොකුවට අවුරුදු 2500 මෙව්වා එක ගැනයි රාවණාගේ අහවල් ලබ්බ ගැනයි කොච්චර පොර ටෝක් දුන්නත් අපි දැන් එච්චරටම නින්දිත හිඟන තත්ත්වයටම වැටිලා ඉවරයි.