කොරෝනා රෝගීන්ගෙන් රෝහල් ගණනාවක් පිරේ.. රෝහල් පද්ධතිය උපරිමයට ලගා වෙමින්..

June 6, 2020 at 3:22 am | lanka C news
කොරෝනා රෝගීන්ගෙන් රෝහල් ගණනාවක් පිරේ.. රෝහල් පද්ධතිය උපරිමයට ලගා වෙමින්..

ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදිතයන් වාර්තාවීම 1800ක් අද දිනයේ ඉක්මවා ගොස් ඇත.

රෝහල්ගතව තව දුරටත් ප‍්‍රතිකාර ලබන පිරිස 928කි.

වසංගත රෝග විද්‍යා අංශය විසින් අද දිනයේ නිකුත් කරන ලද වාර්තාව අනුව මෙරට රෝහල් ගණනාවක් සිය උපරිම රෝගී ධාරිතාවට පැමිණ තිබේ.

කොරෝනා ආසාදිතයන් දැනට රට පුරා රෝහල් එකොළහක රඳවා සිටින අතර එයින් රෝහල් පහක ආසාදිතයන් 100 ඉක්මවා ගොස් ඇත.

මේ තත්ත්වය මත තවත් රෝගීන් වාර්තා වීම ඉහළ ගියහොත් රෝගීන් රදවා ගැනීම සඳහා තවත් රෝහල් වෙන් කිරීමට සිදුවනු ඇත.

වෙනත් රෝගාබාධ සදහා ප‍්‍රතිකාර ගන්නා රෝගීන්ද රෝහල් තුල රදවාගෙන ප‍්‍රතිකාර ලබා දෙමින් කොරෝනා රෝගීන්ද රදවා ගැනීමට සිදුවීම නිසා සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අධික කාර්ය බහුල තත්වයක් ඇතිව තිබේ.

දැනට කොරෝනා රෝගීන් ප්‍රතිකාර කරනු ලබන්නේ ජාතික උණ රෝහල, වැලිකන්ද, මුල්ලේරියාව, ඉරණවිල, කාත්තන්කුඩි, හෝමාගම, මිනුවන්ගොඩ හම්බන්තොට, තෙල්දෙණිය යන රෝහල්වල සහ පනාගොඩ යුද හමුදා රෝහල, නාවික වැලිසර හමුදා රෝහල යන රෝහල් වලයි.

39,854 Viewers

12 Comments to “කොරෝනා රෝගීන්ගෙන් රෝහල් ගණනාවක් පිරේ.. රෝහල් පද්ධතිය උපරිමයට ලගා වෙමින්..”

  1. Kalana says:

    දැන් මේ වැඩි වෙලා තියෙන්නේ මැද පෙරදිග රටවල් වලින් ආපු අය හින්ද විතරද? 1000ක් කියන්නේ හොඳටම මදිනේ.

    • සකසා says:

      රටට ව්පතක් වෙනකල් බලාගෙන ඉන්න වසලයෙක්.

  2. Alapaluwa says:

    Mekawei kiyala 4 months walata kalin ape Aiyala tika kiwwa.
    Mamath kiwwa, ahuwe na
    Dan itin bakan nilagena hitapalla

    Ratata READ STAR eke pihita tama
    Rata goda danne RED STAR eka

  3. Jagath says:

    ඒකට කමක් නෑ. චන්දෙ තියන්නම ඕනේ. තුනෙන් දෙක ගන්න

    • UNP Buuru Putha says:

      අනේ බොල. බූරු පුතාගේම තවත් ඕලෙවල් වැඩ 8ම ෆේල් තවත් බුරුවෙක්. කොහෙද බොල කොරෝනා බාහිර සමාජේ තියෙන්නේ ? ලංකාවේ කොරෝනා හම්බෙන්නේ රට ඉඳලා ආපු අයගෙන්, විශේෂයෙන්ම කුවේට් ඉඳලා ආපු අයගෙන් සහ නේවි එකේ අයගෙන්. ඒ අයව සම්පුර්ණයෙන්ම බාහිර සමාජෙන් වෙන් කරලා තියෙන්නේ.

      ඒකවත් තේරෙන්නේ නැති බූරු පුතාගේම ඕලෙවල් වැඩ 8ම ෆේල් තවත් බූරුවෙක්.

      මුන්ව ඉතිං චන්දෙකට එක්ක යනවා කියන්නේ බල්ලෝ නාවන්න එක්ක යනවා වගේ වැඩක් කියලා මුළු රටම දන්නවා. 3% උන් + යුඑන්පි උන් + බූරු පුතාගේ උන් නොදන්නවා උනාට මුළු රටම දන්නවා ඒකට හේතුවත්.

  4. සරනේලිස් says:

    බොරු කියන්න එපා ඕයි.

    කොරෝනා සමාජෙ නෑ. ඒවා ඉවර කරලා තියෙන්නේ. හෙට අනිද්දා ඉදන් කෝච්චිත් දුවනවා පොල් පටවගන වගේ.

    • සමනලුන් says:

      මහත්මයා කෝච්චියට පොල් පටවනවා වගේ පටවන්නේ නෑ. මිනිස්සු නගිනවා ඒකයි වෙන්නේ. තමන්ගේ ආරක්ෂාව තමන් සලස ගන්නවා නම් හැම දේම හරි. පොලිසියේ දඩ කොළ වලට බයේ හෙල්මට් එක දාගෙන යන රටක් මේක.

  5. Niru says:

    But the real number in hospitals is about 850 isn’t it?
    Rest have gone home after recovering. Shouldn’t the authorities inform the maximum patients that can be accommodated?

  6. Lanka says:

    Jaffna walatath ekak dunnoth narakada?

  7. Saradiel says:

    සියලු දෙනාට ඉක්මන් සුවය පතමු බුදු සරණයි