කොරෝනා රෝගීන්ගෙන් වැලිකන්ද රෝහල පිරී යයි.. නව රෝගීන් වෙනත් රෝහල්වලට..

May 27, 2020 at 5:30 pm | lanka C news
කොරෝනා රෝගීන්ගෙන් වැලිකන්ද රෝහල පිරී යයි.. නව රෝගීන් වෙනත් රෝහල්වලට..

කොරෝනා ආසාදිතයන් ඇතුළු කිරීම හේතුවෙන් මේ වන විට වැලිකන්ද පිහිටි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය ආසාදිතයන් ගෙන් පිරී ගොස් තිබේ.

ප්‍රදේශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සරත් ජයසිංහ මහතා සඳහන් කරන්නේ පොලොන්නරුව හා ආසන්න දිස්ත්‍රික්කවල පිහිටි නිරෝධායන මධ්‍යස්ථාන වලින් හමුවන කොරෝනා ආසාදිතයන් ඇතුළු කිරීම හේතුවෙන් මෙම මධ්‍යස්ථානය පිරී ගොස් ඇති බවයි.

ආසන්න දිනවල දී කන්දකාඩු හා අනිකුත් නිරෝධායන මධ්‍යස්ථාන වල හමුවූ කොරෝනා ආසාදිතයන් මෙම මධ්‍යස්ථානයට ඇතුළු කිරීමට කටයුතු කරන ලදී.

මේ වන විට හමුවන නව රෝගීන් ඉරනවිල හා හෝමාගම පිහිටි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත මාරුකර යවමින් සිටි.

දැනට වැලිකන්ද රෝහලේ රෝගීන් හැත්තෑවක් පමණ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

29,887 Viewers

10 Comments to “කොරෝනා රෝගීන්ගෙන් වැලිකන්ද රෝහල පිරී යයි.. නව රෝගීන් වෙනත් රෝහල්වලට..”

  1. සිංහල බන්ඩා says:

    මොන ක්‍රමයට හරි ලංකාවෙ කොරෝනා රෝගීන් වැඩි වෙලා රටට කෙලවෙලා චන්ද කල් යනවා නම් ජෙප්පො හරි කැමතිය්.

    • Darshana abayakoon says:

      කලින් ආන්ඩුව තිබ්බ නම් රනවිරුවොන්ට මෙහෙම වෙද්දි කට්ටකින් අනිනවගෙ දැනෙනව. දැන් නම් එහෙම වෙන නෑ.. ර්‍අනවිරු ගාය සනීපයිනෙ

  2. mahinda says:

    let conduct the Election

  3. ප්‍රේමනාත් says:

    රෝමය ගිණි ගනිද්දී නීරෝ වීණා ගැහැව්වා වගේ ,
    මෙහේ හීරෝලා කොරෝනා අස්සේ තුනෙන් දෙක ගන්න දගලනවා ..

    • Tharaka says:

      Rata inna aya gennuwahama kiyanawa chande hinda gennanawa kiyala, gennuwe nethi unahama kiyanawa asarana minissunwa marenna arinawakiyala, puduma 3%

  4. Nishantha says:

    Whaever you called, JVP and UNP opportunist people will be happy to have more and more corona infected. However, people love country and stand with the president and present government will also get frustrated because of this move to import corona from abroad. Remember, heroes are only war heroes who sacrificed their blood and sweat for the country. Don’t generalize the meaning and don’t misinterpreat that word telling “rataviruva”

  5. Civilian says:

    නාවික හමුදා පොකුර ඉවරයි කිව්වට අදත් 51ක් !

  6. john the baptice says:

    මැදපෙරදිගට රැකියාවල් වලට ගිය එකේ විපාක

    • සමන්ත says:

      මැදපෙරදිග ගිය එක නෙමේ ප්‍රශ්නය හොරෙන් පැනලා පක්කොයි, බංගලින්ගේයි, මලබාරියන්ගෙයි තුරු⁣ලේ සැනසුන එක. විසා නෑ. හෙල්ත් කාර්ඩ් එක නෑ.අඩුම වශයෙන් ලංකාවට එන්න පාර්ස් පෝට් එකත් නෑ. පනින්න පෙර හිතා බලන්න කියන්නේ ඒකනේ. මී ගට මාස හහතකට විතර උඩදී පොදු සමාකාලයක් දුන්නා ඒ කාලේදි වත් මේ අය ලංකාවට ආවේ නෑ. දැන් කොරෝනා නිසා එන්න දගලනවා. නියමිත විසා ඇති අයට ප්‍රශ්නයක් නෑ. මේ අය ගැන දැන ගන්න සිකුරාදාට කුවෙට් සිටි එක ජහරා ටවුන් එක පැත්තේ ගිහින් බලන්න..

Main News