කොරෝනා රෝගීන්ට ආයුර්වේද ප‍්‍රතිකාර සාර්ථකයි.. ප‍්‍රතිකාර ගත් කිසිවෙකු මිය ගොස් නෑ…

July 17, 2021 at 6:22 am | lanka C news
කොරෝනා රෝගීන්ට ආයුර්වේද ප‍්‍රතිකාර සාර්ථකයි.. ප‍්‍රතිකාර ගත් කිසිවෙකු මිය ගොස් නෑ…

රෝගාබාධයන්ට ලක්ව, නිවෙස්වලින් බැහැරවිය නොහැකි අය වෙනුවෙන් ජංගම එන්නත්කරණ සේවාවක් කඩිනමින් ආරම්භ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.

රට පුරා දිස්ත්‍රික් මට්ටමින් එන්නත්කරණ ක්‍රියාවලිය වේගවත් කර තිබේ. එහෙත් රෝගාබාධයන්ට ලක්ව නිවෙස්වලින් බැහැර විය නොහැකි පිරිසට එන්නත ලබාදීම ගැටලුවක්ව පවතී. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හා මහජන සෞඛ්‍ය පරීක්ෂක සහාය ඇතිව හෝ විශේෂ දුරකථන අංක ඔස්සේ තොරතුරු ගෙන, ජංගම එන්නත්කරණ වැඩපිළිවෙළ කඩිනමින් ඇරඹීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඩ් මර්ධන විශේෂ කමිටුව සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

පසුගිය දින කිහිපය තුළ හඳුනාගත් කොවිඩ් රොගීන්ගෙන් හා මරණ සංඛ්‍යාවෙන් ඉහළ ප්‍රතිශතයක් එන්නත ලබාගෙන නොමැති අය බව කොවිඩ් කමිටුව අනාවරණය කළේය. මේ නිසා එන්නත්කරණයේ වැදගත්කම කෙරෙහි දැනුවත් කිරීම හා එන්නත්කරණ වැඩසටහනට ජනතාව යොමු කරවීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

ගම්පහ හා කළුතර දිස්ත්‍රික්කවල වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනා ඉදිරි සිව් දින තුළ එන්නත්කරණය කළ හැකි බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ රෝහිත අබේගුණවර්ධන මහත්වරු පෙන්වා දුන්හ. ආයෝජන ප්‍රවර්ධන හා සංචාරක ක්ෂේත්‍රයට අයත් කලාපවල එන්නත්කරණය 90%කින් අවසන් වී තිබේ. එම නිසා අදාළ ක්ෂේත්‍රවල විශේෂ පිබිදීමක් දක්නට ඇතැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය. ඕනෑම ක්ෂේත්‍රයක රැකියාවක නියුතු අයෙකුට එන්නත ලබාදෙන ඕනෑම ස්ථානයකින්, පහසුවෙන් එන්නත ලබාගැනීමට අවස්ථාව සලසා දෙන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

ආයුර්වේද මධ්‍යස්ථාන ආශ්‍රිතව කොවිඩ් රෝගීන්ට සාර්ථකව ප්‍රතිකාර ලබාදීමට හැකි වූ බව දේශීය වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සඳහන් කළේය. එහිදී ප්‍රතිකාර ගත් කිසිවෙකු මරණයට පත් වී නොමැති අතර, ඉක්මණින් සුවය ලැබීම පිළිබඳව විශේෂ පර්යේෂණයකට යොමුවීමේ අවශ්‍යතාවය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පෙන්වා දෙනු ලැබීය. පාසල් ඇරඹීමෙන් පසු ප්‍රතිශක්තීකරණ වර්ධනයට සිසුන් සහ ගුරුවරුන් දේශීය ඖෂධ සඳහා යොමු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා විසින් පෙන්වා දෙනු ලැබිණ.

අමාත්‍යවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, බන්දුල ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රමේෂ් පතිරණ, රෝහිත අබේගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලුත්ගමගේ, නාමල් රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ, දිලුම් අමුණුගම, සිසිර ජයකොඩි, චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, සෞඛ්‍ය ලේකම් මේජර් ජෙනරල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ යන මහත්ම මහත්මීහු, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති සහ සෞඛ්‍ය අංශ ප්‍රධානීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

16,175 views

12 Comments to “කොරෝනා රෝගීන්ට ආයුර්වේද ප‍්‍රතිකාර සාර්ථකයි.. ප‍්‍රතිකාර ගත් කිසිවෙකු මිය ගොස් නෑ…”

  1. මෙහෙමත් මිනිස්සු says:

    මහත්තයෝ… ලවුඩ්ස්පීකර් බැඳලා අනිත් මිනිස්සුන්ට හිරිහැර වෙන විධිහට පිරිත් දැම්මා කියලා කොරෝනා හොඳ වෙන්නෙ නෑ.

    • MD says:

      පන්සල්වලට පල්ලිවලට කෝවිල්වලට දුකක් කරදරයක් විපතක් වුන වේලාවට පමණක් සම්බන්ධ වන අය තමයි මේ වගේ කමෙන්ට් ඵවන්නේ.නිතර නිතර පූජකයන් හා සම්බන්ධ වනවානම් ඔවැනි ගැටලු වලට ඉක්මන් විසදුම් ලබාදීම උන්වහන්සේලාට ප්‍රශ්ණයක් වන ඵකක් නැහැ.ඕනම ආගමක් දහමක් අවබෝධයෙන් කරන්න.

      • යොමා says:

        කන පැලෙන්න දහම් ඇහුවට අවබෝධ වෙන් නෙ නෑ. දාන එකාට කන පලල අවබෝධ කරල දෙන්න පුළුවන්.නැත්තම් ස්පිකර් වල වයර් තමයි කපන්නෙ

      • john the baptice says:

        නිතර පූජකයන් හා සම්බන්ධවෙන්නෙ සමලින්ගිකයොනෙ බන්.

        • MD says:

          ඵක මෝඩයෙක් ඵක්ක පණ්ඩිතයන් 10 දෙනෙකුටවත් තර්ක කරන්න බැහැ කියලා කථාවක් අහලා තියෙනවනේ.ඇත්තද?

  2. SL says:

    සුපර්. මගෙත් අත්දැකීම පස්පංගුව බීවනම්න වෙනත් වයිරස් රෝග වලින් බේරිමට හැකි බවයි

    • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

      බොරුවටනෙ එතකොට ගෝටාබය සල්ලි වියදම් කලේ. එතුමාට පිස්සුද?

  3. SAM says:

    ජාතියක් හැටියට කුහක නොවී මේ ගැන හරියට බැලුව නම් ආර්ථික වාසි ගන්නත් තිබුන.
    දුටුතැන විඩි තියනව වාගෙ වැඩ කලේ.හොද දෙයක් හැමෝගෙම යහපත ,රටේ වාසිය වෙනුවෙන් යොදා ලැනිම අපේ වගකීමක්

  4. saman says:

    ඇත්තම කියන්වනම් ප්‍රතිකාර නොගත් අයත් මිය ගිහින් නෑ

    • මරු උත්තරේ.. තවත් ඇත්තම කියනව නම් කොරෝනාවට බෙහෙතක් නෑ…
      පිළිවෙත සහ එන්නත පමණයි පිහිට..

  5. Kanishka says:

    ඇත්තම කතාව බෙහෙත් විද්ද අයත් මැරුණා. හෙළ වෙදකම් කරපු කිසිවෙක් මැරුණේ නෑ. ලංකාවේ කලාපෙන් කලාපෙට එක එක එන්නත් වර්ග දීලා බලනවා මුන්ට මොකද වෙන්නේ කියලා. නුවරට දෙන්නේ මොඩර්නා. අනික ඒ එන්නත් ඒ රටවලින් දෙන්නේ නිකන්. හොඳට හොයලා බැලුවොත් තේරෙයි ආසාධිතයන් හොඳ වුණේ එන්නත් විදලා නෙවෙයි කියන එක. හැදුණ බහුතරය හොඳ වුණා. අනික බෙහෙත් විද්දත් මැරෙන අය මැරෙනවා. මේ බෙහෙත් වෙන රටවලින් ගෙනත් බාපු ගමන් විදගෙන විදගෙන යන්ට එපා. පොඩ්ඩක් බලපන් ඕවගේ මොනවද තියෙන්නේ කියලා.

  6. Chandana says:

    මාත් සිංහල බුද්දාගම
    ඒත් උදේට කන පැලෙන්න පිරිත් දාන එකට විරුද්ධවය්

Main News