කොරෝනා රෝගීන්ට රෝහල්, අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන, නිරෝධායන කිසිවක ඉඩ නෑ.. ලොක්ඩවුන් කල යුතුමයි..

April 30, 2021 at 3:50 pm | lanka C news
කොරෝනා රෝගීන්ට රෝහල්, අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන, නිරෝධායන කිසිවක ඉඩ නෑ.. ලොක්ඩවුන් කල යුතුමයි..

කොරෝනා වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ද බේරීමට අසීරු තත්ත්වයක් නිර්මාණය වෙමින් ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ අසාදිතයන් දහස ඉක්මවූ ප්‍රමාණයක් දිනපතා වාර්තාවීම මෙරට සෞඛ්‍ය පද්ධතියට කිසි ලෙසකින්වත් දරාගත නොහැකි බවයි.

එනිසා මෙම තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා ගැනීමට දින කිහිපයකට හෝ රට සම්පූර්ණයෙන්ම වසා දැමිය යුතු බව ඔහු සඳහන් කළේය.

රට විවෘතව තිබියදී පුද්ගලයන් සංචාරණ සීමා නොකිරීම නිසා රෝගය තවදුරටත් ව්‍යාප්ත වන බවද ඔහු පැවසීය.

දැනටමත් ආසාදිතයන් යොමු කිරීම සදහා රෝහල්, අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන හෝ නිරෝධායන මධ්‍යස්ථාන ඉඩකඩ නොමැති බවත් එනිසා රෝගීන් දින දෙක තුනක කාලයක් නිවෙස් වල රැඳී සිටින බවත් ඔහු තව දුරටත් සඳහන් කළේය.

32,609 views

10 Comments to “කොරෝනා රෝගීන්ට රෝහල්, අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන, නිරෝධායන කිසිවක ඉඩ නෑ.. ලොක්ඩවුන් කල යුතුමයි..”

  1. වයි දිස් කොලවෙරි says:

    ලම්කාව කියන්නේ සන්චාරක කර්මාන්ය තදටම කරණ රටක්. රටේ මිනිස්සු ගානට වඩා විශාල කාමර රමාණයක් තියෙනවා. හෝටල්, ක්‍රීඩා පිටි ඉස්පිරිතාල බවට පත් කරමු.

  2. කුඹුක්කණ් says:

    ලොක් ඩවුන් කරන තුරු මේ රට හරකට නින්ද යන්නෑවගේ

  3. Jagath says:

    අපි තමයි හොදටම කලේ. බෛයියෝ මීක් සද්දයක් නෑ. පවු අප්පා 69 ලක්ෂෙ.

  4. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    දැන් මේ යන විදිහට අපේ ලොකු සෑර්ලලටත් උතුරු කොරියානු බැරි නම් චීන ක්‍රමේ තමා කොරෝනා මර්ධනයට ක්‍රියාත්මක කරන්න වෙන්නෙ පාලනය කරගන්න බැරි නම් මර්ධනයෙන් වහල හන්ගනව

  5. prabodha says:

    පල මොඩ මූසලයා
    තෝ තියන විදියට රට ලොක් ඩවුන් කලාම ගෙදර මිනිස්සුන්ට කන්න දෙන්නේ තෝද?

  6. Jagath says:

    වෙනස සැප ද ද ද ද ද ද ද ද????????????????

  7. Ravana parapura says:

    කොරෝනාවට හෙළ ඔසු ලබාදීමට දැන් හොදම කාලයයි.

Main News