කොරෝනා රෝගීන්ට රෝහල් ඇදන් 49ක් පමණයි..

October 18, 2020 at 12:00 pm | lanka C news
කොරෝනා රෝගීන්ට රෝහල් ඇදන් 49ක් පමණයි..

කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් තවත් රෝහල් තුනක් වෙන් කිරීමට සැලසුම් කර ඇත.

දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරයා සඳහන් කරන්නේ මෙසේ වෙන් කර ඇත්තේ දිවුලපිටිය, රදාවාන සහ දොම්පෙ රෝහල් බවයි.

මේ අතර කොරෝනා වැළැක්වීමේ ජාතික ක්‍රියාක්විත මධ්‍යස්ථානය සඳහන් කරන්නේ දැනට වෙන් කර ඇති රෝහල් 19 තුළ ආසාදිතයන් 2075 ක් සඳහා ඉඩ පහසුකම් ඇති බවයි.

දැනටමත් ඉන් 2026 ඇඳන් සම්පූර්ණ ඇතැයිද තවත් රෝගීන් 49 ක් සඳහා පමණක් ඉඩ පහසුකම් ඇති බවත් එම මධ්‍යස්ථානය විසින් පවසයි.

17,815 views

One Comment to “කොරෝනා රෝගීන්ට රෝහල් ඇදන් 49ක් පමණයි..”

  1. Saradiel says:

    සියලුදෙනාට ඉක්මන් සුවය පතමු බුදු සරණයි

Leave a Comment