කොරෝනා රෝගීන් ආයුර්වේද රෝහල්වලට යොමු කරයි.. දේශීය ප‍්‍රතිකාර ලබා දීම අරඹයි..

May 3, 2021 at 6:20 am | lanka C news
කොරෝනා රෝගීන් ආයුර්වේද රෝහල්වලට යොමු කරයි.. දේශීය ප‍්‍රතිකාර ලබා දීම අරඹයි..

කොරෝනා රෝගීන්ට ප‍්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස රට පුරා පිහිටා ඇති ආයුර්වේද රෝහල්ද යොදා ගැනීමට තීරණය වී ඇත.

ඒ සදහා රජයේ අනුමැතිය ලද බව රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා පැවසිය.

ඒ අනුව එම රෝහල්වලට යොමු කරන රෝගීන් සදහා ආයුර්වේද හා දේශීය ඖෂධ වර්ග ලබා දෙන බවද ඔහු සදහන් කලේය.

මෙහි මුප් අදියර ලෙස බොරැුල්ල හා පල්ලෙකැලේ පිහිටි ආයුර්වේද රෝහල් ප‍්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස ආරම්භ කරන බවද ඔහු පැවසීය.

22,893 views

37 Comments to “කොරෝනා රෝගීන් ආයුර්වේද රෝහල්වලට යොමු කරයි.. දේශීය ප‍්‍රතිකාර ලබා දීම අරඹයි..”

  1. Ravana parapura says:

    අන්තිමට ජය ගන්නේ හෙළ ඔසු පමණයි. බටහිර වෙදකම වසර 300 යි හෙළ වෙදකම වසර 5.000 යි.

    • Vibheeshana says:

      5.000?? 😀 ඇත්ත නේන්නම්. අපේ යක්ඛ පුත්තු ටික හෙළ වෙදකම කියන වචනයට මුවා වෙලා කරන හොර වෙදකමට නම් එච්චර තමයි වයස. 😀

  2. Thusitha says:

    බොහෝම හොඳ තීරණයක්. මෙච්චර කාලයක් ඒ ගොල්ලෝ කිය කියා හිටියේ අපිට අවස්ථාවක් දෙන්නේ නැහැ කියලා නේ. ඔන්න දැන් අවස්ථාව දීලා තියෙනවා එයාලට වැඩ පෙන්නන්න. ඒ විතරක් නෙවෙයි ඒ ආයුර්වේද වෙද මහත්වරුන්ගෙන් විමසලා ඒ අයට අසාධ්‍ය ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරන්න අවශ්‍ය හැම පහසුකමක්ම වහාම රජය විසින් ලබා දිය යුතුයි.

    හැබැයි මෙන්න මේ දේවල් සිදු විය යුතුයි.

    1) තමන් ප්‍රතිකාර ලබා ගන්නේ ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථානයකින්ද එහෙමත් නැතිනම් බටහිර වෛද්‍ය රෝහලකින්ද යන්න තීරණය කිරීමේ අයිතිය රෝගියාට තිබුය යුතුයි.

    2) ආයුර්වේද රෝහලක සිටින රෝගියෙකු අසාධ්‍ය තත්වයට පත් වූ විට රෝගියා හෝ ඥාතීන් ඉල්ලා සිටියහොත් හැර ඔවුන්ව බටහිර වෛද්‍ය රෝහල් වලට මාරු කර යවා අත පිහුදා ගැනීම නොකළ යුතුය. නැතහොත් සිදුවන්නේ මිය යන සහ අසාධ්‍ය තත්වයට පත්වන රෝගීන්ගේ වගකීම බටහිර වෛද්‍යවරුන් වෙත පටවා සුළු රෝගී තත්ත්වයන් සහිත කොරෝනා රෝගීන් සුව වූ විට (බහුතරය කිසිදු ප්‍රතිකාරයක් නැතත් සුව වේ) ආයුර්වේද වෛද්‍යවරුන් ලකුණු දමා ගැනීමයි.

Main News