කොරෝනා රෝගීන් දැන් ගොඩක් අඩුවෙලා.. රට විවෘත කරන දිනයක් 15-16 දිනවල පැවසිය හැකියි..

April 11, 2020 at 12:02 am | lanka C news
කොරෝනා රෝගීන් දැන් ගොඩක් අඩුවෙලා.. රට විවෘත කරන දිනයක් 15-16 දිනවල පැවසිය හැකියි..

දැනට දෙසතියකට පමණ පෙර කොරෝනා ඇතැයි සැක කළ හැකි පුද්ගලයන් 40,000 පමණ සමාජයේ ගැවසුණ ද මේ වන විට එම සංඛ්‍යාව 20,000 කට පමණ පමණකට අඩු වී ඇති ඇතැයි සිතිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කරයි.

නමුත් සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ කොරෝනා රෝගීන් සමග ඍජු සම්බන්ධතා ඇති පුද්ගලයන් දෙදහසක් පමණ පිරිසක් සමාජයේ සිටිය හැකි බව නිසා එම පිරිසට ඉක්මනින් පරීක්‍ෂණ කර රට සාමාන්‍ය පරිදි විවෘත කල හැකි අදහසක් එළඹෙන 15-16 වැනි දිනවල පැවසිය හැකිව ඇති බවත් ඔහු පැවසීය.

ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් පුද්ගලයන්ගේ සංචරණය සීමා වීම මත මුලින් සැක සහිත වූ 40,000 ක පමණ පිරිස 20,000කටද වඩා අඩු මට්ටමකට අඩු වී ඇති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

සිරස රූපවාහිනිය සමග පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.

733 views

31 Comments to “කොරෝනා රෝගීන් දැන් ගොඩක් අඩුවෙලා.. රට විවෘත කරන දිනයක් 15-16 දිනවල පැවසිය හැකියි..”

  1. Thilak says:

    Dr padeniya is a one of union leader of doctors in sri lanka.he have no any aythority to make statements regardingKOCID 19. we dont know wheather he is dreaming as he is the secratary of ministry of health in sri lanka.
    if Dr Ananda wijewicrama made the ststement about KOVID 19 we can accept and it is resonable.

  2. සමන් says:

    තිබෙන තත්වෙට වඩා වැඩියෙන් කිවුව, මිනිස්සු රැවටුනේ නැහැ.
    දැන් තිබෙන තත්වෙට වඩා අඩුවෙන් කියල බලනව, ඒකහරි මිනිස්සු පිලිඅරන්
    රජය අපහසුතාවයට ලක්කරාවි කියල. මෙහෙමත් මිනිස්සු!