කොරෝනා රෝගීන් රදවන්න පුද්ගලික රෝහල් රජයට ගන්නැයි කියයි..

April 3, 2020 at 5:30 pm | lanka C news
කොරෝනා රෝගීන් රදවන්න පුද්ගලික රෝහල් රජයට ගන්නැයි කියයි..

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය දැනට අඩු මට්ටමක පැවතුනද ඉදිරියේදී වැඩි විය හැකි බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මේ හේතුවෙන් තවදුරටත් හැකිතාක් පරීක්ෂණ කිරීම ඉහළ දැමිය යුතු බවද ඔහු සඳහන් කළේය.

රෝගීන් 5000-6000 වැනි ප්‍රමාණයක් දරා ගැනීමේ හැකියාවක් මෙරට සෞඛ්‍ය පද්ධතියට හැකියාවක් නැතැයි පැවසූ ඔහු ධාරිතාව වැඩිකිරීම සදහා පුද්ගලික රෝහල් පවා එක් කර ගත යුතු යයිද පැවසීය.

කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේදී පැවති සර්ව පාක්‍ෂික හමුවේදී ඔහු මෙම අදහස් පළ කලේය.

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම හමුව පැවැත්වින.

151 views

17 Comments to “කොරෝනා රෝගීන් රදවන්න පුද්ගලික රෝහල් රජයට ගන්නැයි කියයි..”

  1. බන්ඩා says:

    රනිල් ඔය අදහස පල කරන්නෙ අවංකව කියල මම හිතන්නෙ නැහැ.

Main News